The Leader News
BREAKING
Top Ad
LGBTQ

LGBTQ ප්‍රජාවේ මියගිය කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාව -(පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)

T

The Leader Desk

June 17, 2024 • 6:12 AM

LGBTQ ප්‍රජාවේ මියගිය කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාව -(පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ලංකාවේ LGBTQ ප්‍රජාවේ කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාවක් කළා.
  • පස්සේ කාන්තාවක් බවට පත් වෙනවා.  මිය ගොස් ඇත්තේ වයස 31 දී.
  •   ඊළඟට සාකච්ඡා කළේ දාර්ශනික වසයෙන් එන පණිවුඩය මෙසේ වුවත් සංස්තික ආගම තුළ අනන්‍යතා එබඳු සුවිශේෂත්වයක් නැති දෙයක් නොවන ආකාරයයි.
  • (පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි) වල්පොළ රාහුල ආයතනය  2024 ජුනි 14 (උපුටා ගැනීම - Galkande Dhammananda හිමියන්ගේ ෆේස්බුක් පිටුවෙන්..)
අකුරු ප්‍රමාණය (Font Size):


මිය ගිය කෙනා ඉපිද ඇත්තේ පිරිමි දරුවෙකු ලෙස. පස්සේ කාන්තාවක් බවට පත් වෙනවා. 

මිය ගොස් ඇත්තේ වයස 31 දී. ඒ තමන් ම ගත් තීරණයක් නිසා. 

ඇගේ දේහය ගෙදරින් බාර ගෙන නැහැ. ඒ කටයුතු සිදු කරන්නේ LGBTQ ප්‍රජාවේ අය එකතු වෙලා. 

ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ 'අනන්‍යතාව' බෞද්ධ දෘෂ්ඨි කෝනයකින් බැලීම. 

මෙහි දී පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නැති බවත් අනන්‍යතාව යනු හේතූන් නිසා හටගත් ඵලයක් පමණක් බවත් මූලිකව මතු කළා. තව ද හේතූන්ගෙන් හටගත් අනන්‍යතාව හේතූන්ගේ වෙනස් වීමෙන් වෙනස්වන බව සාකච්ඡා කළා. ඒ අනුව විවිධ හේතූන්ගේ සමවායයෙන් හටගන්නා බැවින් ද, කිසිදු බලවතෙකුගේ විශේෂ මැදිහත්වීමකින් හට නොගත් බැවින් ද කිසිදු අනන්‍යතාවක් තවත් අනන්‍යතාවකට වඩා උසස් හෝ පහත් වන්නේ නැති බව ද සාකච්ඡා කළා.  

ඊළඟට සාකච්ඡා කළේ දාර්ශනික වසයෙන් එන පණිවුඩය මෙසේ වුවත් සංස්තික ආගම තුළ අනන්‍යතා එබඳු සුවිශේෂත්වයක් නැති දෙයක් නොවන ආකාරයයි. ඒ තුළ බරපතල ලෙස අනන්‍යතා ධූරාවලියකට අනුව පෙළගැසෙන ආකාරයත්, ඒ යටතේ තමා විසින් විශේෂයෙන් තෝරා නොගත්, ජාතිය, භාෂාව, ආගම, කුලය සහ ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන බරපතල ලෙස බලය ගොඩනන්වා ගැනීම සහ හිංසනය ක්‍රියාත්මකවන ආකාරය පෙන්වා දෙමින්, ආගම බොහෝවිට තවදුරටත් මුල් පණිවුඩය නියෝජනය නොකරන ආකාරය සාකච්ඡා කළා. 

 

448183408 10232126314250927 1406119301724676837 n
අවසාන වසයෙන් බුදුදහමේ එන 'දුක' නැති කිරීම යන්නට සමාජ දුක නැති කිරීම, හිංසාවට පීඩාවට ලක්වීමෙන් එන දුක නැති කිරීම ද අයත්වන ආකාරය සාකච්ඡා කළා. එහි දී අවිහිංසාව පිළිබඳ අදහස මෙකී සමාජ දුක නැති කිරීම හා සම්බන්ධවන ආකරාය සාකච්ඡා කළා. 

අවසානයේ මියගිය තැනැත්තියට පැන් වඩා සුගතිය ප්‍රාර්ථනා කළා. එහි දීත් පැන් වැඩීම ජීවත්ව ඉන්නා අයගේ සුවපත්වීමට අදාළ ප්‍රතිකාරමය (therapeutic) ක්‍රියාකාරකමක් වන ආකාරය පෙන්වා දුන්නා. 

අවසානයේ ඒ අයගෙන් වැඩි දෙනෙකු මා වෙත පැමිණ කතා කළා. ඒ අය වැඩි දෙනෙකු තම නිවෙස්වල දී වත් ආගමික කටයුතුවල දී ඉදිරියට පැමිණ කටයුතු කර නැති බවත් ආගමික ස්ථාන වලට ගොස් හෝ ආගමික කටයුතු කර නැති බවත් එසේ නොයන්නට හේතුව තමන් ඒ තැන්වල දී අපහසුතාවනට පත් වේ යැයි පවත්නා බිය සහ ඇතැම්විට ආගමික ස්ථානවල කතාකරන ධර්මයන් තමන්ට එතරම් අදාළ නොවීම බවත් පරකාශ කළා. 

එහෙත් අද සාකච්ඡාව අනුව එහි අදාළ බවක් පවත්නා බව වැටහෙන බවත් ප්‍රකාශ වුණා.

(පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)
වල්පොළ රාහුල ආයතනය 

2024 ජුනි 14

(උපුටා ගැනීම - Galkande Dhammananda හිමියන්ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...