The Leader News
BREAKING
Top Ad
LGBTQ

LGBTQI ප්‍රජාව: 'ත්‍රෛනිකායික නාහිමිවරු අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා'

T

The Leader Desk

June 5, 2023 • 12:31 PM

LGBTQI ප්‍රජාව: 'ත්‍රෛනිකායික නාහිමිවරු අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.
  • ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ජුනි 4 වෙනිදා මේ වසරේ 'ප්‍රයිඩ් මාසය' සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.
  • මෙවර එය 'නිදහසේ අභිමානී පා ගමන' (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ජුනි 4 වෙනිදා මේ වසරේ 'ප්‍රයිඩ් මාසය' සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.

මෙවර එය 'නිදහසේ අභිමානී පා ගමන' (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.

සමාජ ක්‍රියාකාරිනි චානු නිමේෂා පා ගමන ආරම්භයට පෙර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ "අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා අපේ ජනතාවට සමානාත්මතාව නෑ සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක් වෙනවා රැකියාවක් කිරීමට හැකියාවක් නෑ"

"ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා මෙය ලෙඩක් නොවෙයි සමලිංගිකත්වය මාර එකක් නොවේ එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා.අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සිය දිවි නසා ගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය" යනුවෙනි.



(BBC සිංහල සේවය)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...