The Leader News
BREAKING
Top Ad
LGBTQ

ආදරවන්තයින්ගේ දිනය: ‘ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා.

T

The Leader Desk

February 14, 2024 • 9:00 AM

ආදරවන්තයින්ගේ දිනය: ‘ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා. 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ආදරේ හැමෝටම දැනෙන්නේ හිතට. ඒ හිතට දැනෙන ආදරේ කාටවත් ලේබල් කරන්න බෑ. වැලන්ටයින් ඩේ එකේදී ඒ මිනිස්සු ගොඩක් ආදරේ
  •   පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය ගැන කතා බහට එක්වු ශෂිනි, බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම සහකාරිය සමග නිදහසේ ආදරය කිරීමට ලාංකීය සමාජයෙන් ඔවුන්ට තහංචි පැනවී ඇති බවයි.
  •     ශෂිනි සහ ඇයගේ සහකාරියගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට වසර 4කට පමණ පෙර ය.
  • ඉතින් අපි ඉක්මනට කාපු නැති කෑම ටික පැක් කරගෙන බිල ගෙවලා ගෙදර ආවා.”     ‘බාහිර දේවල්වලට ඒක වෙනස් කරන්න බෑ’ ඇයගේ ආදරය මෙන්ම සමරිසි යුවළකගේ ආදර සම්බන්ධය ලිංගිකත්වයට එහා ගියා මානුෂිය බැඳිමක් බව ඇය විස්තර සහිතව කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන මනුස්සයා එක්ක නිදහසේ ආදරයෙන් ඉන්න කැමති අවස්ථා තියෙනවා. ඒත් ඒකට එයාලට කිසිම නිදහසක් නැහැ.”

ආදරය නම් ලෝකයේ සුන්දරතම හැඟිම වෙනුවෙන් රජකම අතහැරි කුමාරවරු, යස ඉසුරු හැර ගිය සිටුවරු මෙන්ම තම ආදරය වෙනුවෙන් දිවි පිදූ ප්‍රේමවන්තයින් ගැන ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂිවලින් පිරි තිබේ.

 
පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය ගැන කතා බහට එක්වු ශෂිනි, බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම සහකාරිය සමග නිදහසේ ආදරය කිරීමට ලාංකීය සමාජයෙන් ඔවුන්ට තහංචි පැනවී ඇති බවයි. 
 
ශෂිනි සහ ඇයගේ සහකාරියගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට වසර 4කට පමණ පෙර ය. එහෙත් ඔවුන්ට නිදහසේ ආදරෙන් සමාජය තුළ ගැවසීමට ඉඩ ඇහිරි තිබීම ගැන ඇය මුහුණ දුන් අත්දැකිමක් බීබීසී සිංහල වෙත කියා සිටියාය.

“මමයි මගේ පාර්ට්නයි දවසක් රෙස්ටුරන්ට් එකකට ගියා කෑම ගන්න. එතන හිටියා ස්ට්‍රේට් කපල් (straight couple) එකක්, ඒ දෙන්නා කෑම කන එක නවත්වලා අපි දෙන්නා දිහා බලාගෙන එක එක දේවල් කතා කරනවා අපි දැක්කා. මට නම් ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් ටික වෙලාවක් යද්දි මට හිතුනා මේක ඒ මිනිස්සුන්ටත් වදයක්, අපිටත් වදයක් කියලා. ඉතින් අපි ඉක්මනට කාපු නැති කෑම ටික පැක් කරගෙන බිල ගෙවලා ගෙදර ආවා.”
 
 ‘බාහිර දේවල්වලට ඒක වෙනස් කරන්න බෑ’


ඇයගේ ආදරය මෙන්ම සමරිසි යුවළකගේ ආදර සම්බන්ධය ලිංගිකත්වයට එහා ගියා මානුෂිය බැඳිමක් බව ඇය විස්තර සහිතව කියා සිටියාය.
 
 
“ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා. එතන මාර ආදරයක් තියෙනවා. අනිත් කෙනාව තේරුම් ගැනීම, එක එක්කෙනාගේ අවශ්‍යතාවන්, එක එක්කෙනාගේ ආරක්ෂාව, මගේ පාර්ට්නර්ගෙනුත් ඒක මට ලැබෙනවා. මමත් එයාව හැම තිස්සේම සතුටින් තියන්න උත්සාහ කරනවා, හිත රිද්දන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒකේ උපරිමත්වයේ දි තමයි ලිංගිකත්වය කියන තැනට යන්නේ.” යැයි ආදරය, ලිංගික නැමියාව මත වෙනස් නොවන බව ශෂිනි විස්තර කළේ එලෙස ය.

“මම ලෙස්බියන් වෙලා ඉපදිලා තියෙන්නෙම අපේ හෝර්මෝනවල තියෙන යම් කිසි හේතුවක් නිසා. ඒක වෙනස් කරන්න බාහිර දේවල්වලට බෑ.” යැයි සොබාදහමින් සමරිසි ප්‍රජාවට ලැබී ඇති උරුමය වෙනස් කළ නොහැකි ආකාරය ශෂිනි බීබීසී සිංහල වෙත එසේ විස්තර කළාය.

'LGBTQ ප්‍රජාවට ඇයි මනුස්සයින් විදියට සලකන්න බැරි'
 MANHATTAN, NEW YORK, UNITED STATES - 2021/06/27: A participant seen holding a sign at the march. Thousands of New Yorkers took to the streets of Manhattan to participate on the Reclaim Pride Coalition's third annual Queer Liberation March, where no police, politicians or corporations were allowed to participate. (Photo by Erik McGregor/LightRocket via Getty Images)

මේ වන විට අගනගරයේ දිවි ගෙවන ශෂිනිගේ ලිංගික නැමියාව මව්පියන් දැනගත් දා පටන් ඇයට ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවීම තුළ ඇයට ගෙදර උදවියගේ ආදරයෙන් ද දුරස් වන්නට සිදුවී තිබේ.

තම හැඟීම් වෙනස් කර ගන්නට නොහැකි බව වයස අවුරුදු 17 දී තේරුම් ගත් ශෂිනි ඉන් පසුව තමන්ට ලැබුණු ජීවිතය සතුටින් ගත කරන්නේ තම නිවැසියන්ගේ, නෑදෑයන්ගෙන් ලද ආදරය අහිමිවීම මෙන්ම තම ආදරවන්තිය සමග නිදහසේ ආදරය කිරිමට සමාජය ඉඩ නොදීමේ පීඩාව හිතේ දරාගෙන ය.
 
සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!
 
“අපිත් මනුස්සයෝ නේ, අපිටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපිටත් හැඟිම් දැනීම් දැනෙනවා අනිත් අයට වගේ. අපිටත් බඩගිනි වෙනවා. අපිටත් මේ ලංකාවේ සියලු පොදු දේවල් භුක්ති විඳින්න අයිතිවාසිකමක් තියෙනවා. ඒත් මිනිස්සු විසින්ම අපිව ඒ තැන්වලින් හිර කරලා තියෙනවා. ඒ අයිතිවාසිකම්වත්, නිදහසවත් ලබා ගන්න බැරි තැනකට ඒගොල්ලෝ අපිව පත් කරන්න උත්සාහ කරනවා.”

“කතාවට කියනවා සිරකරුවෝ ද මනුෂ්‍යයෝ කියලා. හිරකාරයෝ ඉන්නවා ස්ත්‍රී දුෂණය කරපු අය, මිනීමරපු අය ඒ අයටත් මනුස්සයින්ට වගේ සලකන්න පුලුවන් නම් LGBTQ ප්‍රජාවට ඇයි මනුස්සයින් විදියට සලකන්න බැරි.” යනුවෙන් ශෂිනි ප්‍රශ්න කරයි.
 
පවුලේ උදවියට සැඟවු වසර 6ක ආදර කතාව

gay couple456
ජාති, ආගම් බේදයට යට නොවුන සෙයිඩ් සහ සඳුන්ගේ ආදර අන්දරය වසර 6කට වැඩි අතීතයකට දිව යයි. සෙයිඩ් ගේ නිවැසියන්ගේ අශිවර්වාදය මැද දිවෙන මේ ආදර කතාව සඳුන් ගේ පවුලේ උදවියට තවමත් සඟවන්නට සිදුව තිබේ.

“මම බෞද්ධ, මෙයා මුස්ලිම් අපේ ගෙදරට කවදාවත් මගේ මුස්ලිම් යාලුවෙක් ඇවිල්ලා තිබුනේ නැහැ. ඒ කට්ටිය බලනවා මෙතන මොකක්ද තියෙන්නේ ඇයි මම නිතරම ‍මේගොල්ලන්ගේ ගෙදර එන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා ඇති අනිවාර්යෙන්ම මොකද දැන් අවුරුදු 6කට වැඩි කාලයක් එයා අපේ ගෙදර එනවා මම එයාලගේ ගෙදර යනවා.” යැයි සිය ආදර කතාව කීම ආරම්භ කරමින් සඳුන් බීබීසී සිංහල වෙත කියා සිටියේය.

“අපේ පවුලෙන් මෙයාට තියෙන පිළිගැනීම තව පුතෙක්ට වගේ තමයි ඒකේ වෙනස් නැහැ.” යි සෙයිඩ් ද කතා බහට එක්වෙමින් සඳහන් කළේය.

ඊළඟට ඔයාගේ වෙඩින් එකට එන්න පුලුවන් ද?
 
 99909202 gaycake2
සඳුන්ගේ ලිංගික නැමියාව පිළිබඳව ඔහුගේ මව්පියන් හෝ නෑදෑ හිතවතුන් නොදැන සිටිම මත ඔහුට එන විවාහ යෝජනාවල ද අඩුවක් නැත. තමන්ට තරුණියක් සමගම විවාහ වීමට නොහැකි බව ගෙදර උදවියට මෙන්ම නෑදෑයින්ට කීමට නොහැකි වීම සහ එය ඔවුන් කෙසේ භාර ගනීවිදැයි තැවෙන සඳුන් ඔහුට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවය මත මානසික පිඩා විඳිමින් සිටින බව පැවසීය.
 
 
“වෙඩින් එකකට වගේ ගියාම නෑදෑයෝ අහන දෙයක් තමයි දැන් කාලේ හරි අපිට ඊළඟට ඔයාගේ වෙඩින් එකට එන්න පුලුවන් ද, වගේ දේවල් කියනවා. ඉතින් එහෙම වෙනකොට මම හරිම අපහසුතාවයකට පත් වෙනවා ඒක මට ඒගොල්ලන්ට විස්තර කරන්නත් බැහැ. ඒකට සමාජයේ කිසිම පිළිගැනීමකුත් නැහැ. ඉතින් එක පැත්තකින් ඒක හරිම මානසික පීඩනයක් තියෙනවා කිව්වොත් හරි.”

තම ලිංගික නැමියාවට පවුලේ උදවියගෙන් මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් පිළිගැනිමක් නොලැබෙන බවට විශ්වාස කරන සඳුන් එයට ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බව සඳහන් කළේය.

'පිරිමි ළමයි දෙන්නෙක්ට, ගෑණු ළමයි දෙන්නෙක්ට කපල් එකක් විදියට එන්න බැහැ'

සෙයිඩ් සහ සඳුන්ගේ ආදර කතාව තුළ පවුලෙන් මෙන්ම රැකියා ස්ථානයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වීමට සිදුව ඇත්තේ සඳුන්ට ය.

අගනුවර ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමක දියුණු හා නූතන පරපුර යැයි කියනු ලබන තරුණ පිරිසක ගෙන් වුවද සමරිසි ප්‍රජාවට කිසිඳු පිළිගැනිමක් නැතැයි, ඔහු කියා සිටියේ රැකියා ස්ථානයේ සිදුවු එක් සිද්ධියක් විස්තර කරමින්ය.
 
lg 74634
“අපේ ඔෆිස් එකේ තිබුනා එක පාර්ටියක්. ඒ පාර්ටි එකට කපල් විදියට තමයි යන්න පුලුවන්කම තිබුනේ. අපේ ඔෆිස් එකේ ඉන්නා සමරිසි නැති සින්ගල් පිරිමි අය. ඉතින් අපි කතා වුණා. සින්ගල් අය පිරිමි ළමයි දෙන්නෙක් විදියට කපල් වෙලා යන්න. හැබැයි ඒගොල්ලෝ කිව්වේ මොකක්ද, පිරිමි ළමයි දෙන්නෙක්ට කපල් එකක් විදියට එන්න බැහැ, ගෑණු ළමයි දෙන්නෙක්ට කපල් එකක් විදියට එන්න බැහැ කියන එක. ඒ කතාව කොච්චර දුරට ගියා ද කියනවා නම් අන්තිමට ඒ අය පෝස්ටර් එකේ මේල්, ෆිමේල් අයිකන් එක දැම්මා ඊට පස්සේ එදා මට ගොඩක් හිත රිදුනා.” යි සඳුන් පැවසීය.

'ගෑණු ළමයෙක් ගැන ආදරයක් පහළවෙන්නේ නැහැ. පහළවෙලත් නැහැ'
 
සමාජයට හෝ පවුලේ උදවියට තම ලිංගික අනන්‍යතාවය කියා ගත නොහැකිව බොහෝ සමරිසි පුද්ගලයින් සිටින බව ඔවුන් දෙදෙනා පැවසීය. එසේ සිටන ඇතැම් පිරිමි පුද්ගලයන් අකමැත්තෙන් වුවද සමාජ අවලාදයෙන් බේරිමට කාන්තාවන් විවාහ කරගන්නා බවත් එය එම කාන්තාවන්ට කරන බරපතල අසාධාරණයක් බවත් ඔවුහූ පවසති.

“මගේ හොඳම යාළුවෙක්ට ගෙදර කීම නිසා ගෑණු ළමයෙක් බඳින්න සිද්ධ වුණා. එයා ඉස්සර මට පැය ගණන් කතා කරලා කියනවා මම බැන්ඳා ගෙදරින් කිව්වට, එත් මට හරි අමාරුයි මෙහෙම ජීවත් වෙන්න කියලා. ඒක අපිට සහ ඒ බඳින කොනාට කරන ලොකු වැරැද්දක්. මොකද අපිට සහෝදරියෝ ඉන්නවා අපි කැමති වෙයිද ඒ අයට එහෙම දෙයක් වෙනවාට.”
  96746385 6800f16d 5b58 4c6c a9a7 becbfc367581
 
“අපි සොබාව දහමෙන්ම හැදිලා තියෙන්නේ පිරිමියෙක් ගැහැණියෙක්ට ආදරය කරන විදියට නෙමෙයි. පිරිමියෙක් තව පිරිමියෙක්ට ආදරය කරන විදියට. ඉතින් ඒ නිසා අපි දෙන්නාගෙන් කාටවත් ගෑණු ළමයෙක් ගැන ආදරයක් පහළවෙන්නේ නැහැ. පහළවෙලත් නැහැ.” යි තම ආදරවන්තයා කී දෙය සෙයිඩ් තහවුරු කළේය. 
ලංකාවේ සමරිසි ප්‍රජාවට තම ආදරය වෙනුවෙන් බොහෝ දේ අත්හරින්නට මෙරට සමාජයෙන් බල කෙරී තිබේ.

ඇතැම් විට තම දෙමාව්පියන්, සහෝදර සහෝදරියන් පමණක් නොව නෑ හිතවතුන් ද අතහැර තමන් සිය ආදරය ශක්තිමත්ව රැකගනිමින් දිවි ගෙවන බව එම ප්‍රජාවේ පිරිස් පවසති.

ආදරවන්තයින්ගේ දිනයේ, බීබීසී සිංහල සමග කතා බහට එක්වු මේ ආදරණීයන්ගේ සැබෑ නම්, ගම් සඟවන්නට සිදුවුයේ සමාජයෙන් ඔවුන්ට පීඩාවක් සිදුවෙතැයි යන සැකය නිසාවෙනි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...