The Leader News
BREAKING
සරච්චන්ද්‍ර විලාපය සහ සිංහල නාට්‍ය කලාව●ලාභ විදේශ තේ මිශ්‍ර කිරීමෙන් 'සිලෝන් ටී' අනන්‍යතාව අනතුරේ●කලාපීය වෙළඳ තරගය හමුවේ ශ්‍රී ලංකාව තනිවීමේ අවදානමක්●නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●
Top Ad
සාහිත්‍ය - කලා

සරච්චන්ද්‍ර විලාපය සහ සිංහල නාට්‍ය කලාව

Nethmini

Nethmini

November 27, 2026 • 11:56 AM

සරච්චන්ද්‍ර විලාපය සහ සිංහල නාට්‍ය කලාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතු පළ වන්නේ: ප්‍රවීණ නාටයවේදියකු, නාට්‍ය ගුරුවරයකු මෙන් ම ගාලු නඩේ වීදි නාට්‍ය කණ්ඩායමේ නායක මු.
  • සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය කලාව 1.
  • මනමේ -- චුල්ල ධනුන්දර ජාතකය 2.
  • ලෝමහංස -- මහා පදුම ජාතකය 4.
අකුරු ප්‍රමාණය (Font Size):

ලලිතා සරච්චන්ද්‍ර ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම පසුගිය දිනක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගොස් ඔහු සහ තවත් කිහිප දෙනකු ඉදිරියේ මනමේ නාට්‍ය රඟ දැක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ කතාබහ හුවමාරු විය; ඒ අතර ලලිතා සරච්චන්ද්‍ර ප්‍රමුඛ නාට්‍ය කණඩායමට එල්ල වූ චෝදනා, අපහාස මෙන් ම උපහාස ද අනන්ත ය; අප්‍රමාණ ය.

මතු පළ වන්නේ: ප්‍රවීණ නාටයවේදියකු, නාට්‍ය ගුරුවරයකු මෙන් ම ගාලු නඩේ වීදි නාට්‍ය කණ්ඩායමේ නායක මු. දු. රංජිත් ද සිල්වා එම සිද්ධිය හෙළා දැකීමෙන් පමණක් නතර නොවී මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ නාට්‍ය කලාව පිළිබඳ ඉදිරිපත් කරන විවේචනාත්මක මෙන් ම විචාරශීලී සටහනකි.

වැඩි කතා ඕන නෑ… කෙළින් ම වැඩේට බහිමු.

සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය කලාව

1. මනමේ -- චුල්ල ධනුන්දර ජාතකය

2. පබාවතී -- කුස ජාතකය

3. ලෝමහංස -- මහා පදුම ජාතකය

4. බව කඩතුරාව -- ස්වර්ණහංස ජාතකය

5. කදා වළලු -- සේරිවාණිජ ජාතකය

6. මහාසාර -- මහාසාර ජාතකය

7. ඒකට මට හිනා හිනා -- උම්මග්ග ජාතකයේ කාළ ගෝල ප්‍රශ්නය

8. වෙල්ල වැහුම් -- ජනකතාවකි

9. එලොව ගිහින් මෙලොව ආවා -- ජනකතාවකි

10. රත්තරන් -- ජනකතාවකි

11. සිංහබාහු -- පුරාවෘත්තයකි

12. හස්තිකාන්ත මන්තරේ - සංස්කෘත නාට්‍ය කොපියකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තමාගේ ම plot එකකින් කළ නාට්‍ය දෙකකි.

1. බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස් - ඒක කරල අහගත්තපුව මැදෑ.

( මින් පෙනෙන්නේ සිංහල නාට්‍ය කලාවේ බහින කලාවයි.)

මාසකෝරාල

2. කිරිමුට්ටිය ගඟේ ගියා

වංචාව සහ නො හැකියාව යන දෙක ම එක්තැන් වීමෙන් සිදු වූ අකරතැබ්බය

බොහෝ දෙනා ප්‍රකාශ කරන පරිදි ලංකාවේ හොඳ ම නාට්‍ය සිංහබාහු නම්, ලංකාවේ එදා මෙදාතුර නිරිමාණය කළ නාට්‍ය අතර නරක ම, දුර්වල ම, බංකොලොත් ම නාට්‍ය කිරිමුට්ටිය ගඟේ ගියා නාට්‍යය යි. එසේ විය හැකි ද ? පුද්ගලයෙකු 1961 දී ප්‍රශස්තතම නාට්‍ය නිර්මාණය කොර, එතුමා ම 1985 දුර්වල ම නාට්‍ය නිර්මාණය කිරීම ට හේතුව කුමක් ද…? මෙතැන කුමක් හෝ වංචාවක් සිදුවි ඇත. නැතහොත් නොහැකියාව ය. මට දැනෙන පරිදි වංචාව හා නො හැකියාව යන දෙක ම එක්තැන් වීමෙන් සිදු වූ අකරතැබ්බයකි.

ජාතක කතා, ජනකතා නො තිබෙන්නට සරච්චන්ද්‍ර මහතාට වෙනත් ස්වතන්ත්‍ර මාතෘකා ඔස්සේ නාට්‍ය නිර්මාණය කළ නො හැකි ය. එය ඔහු ඕනෑවටත් වඩා සනාථ කර ඇත. නමුත් බවකඩතුරාවෙන් එය ද කළ නොහැකි බව ඔහු සනාත කළේ ය.

සරච්චන්ද්‍ර පමණක් කර තබාගෙන යෑමේ විහිළුව

නාට්‍යධර්මී රංග ශෛල්‍යානුගත නාටක හැර වෙනත් රංග ශෛලියක හෝ සම්ප්‍රදායක හෝ නාට්‍ය නිර්මාණය කිරීමට ද ඔහු අසමත් විය; ඒ බව ද ඔහු සනාථ කර ඇත. ලෝකධර්මී රංග ශෛල්‍යානුගත, සංවාද පමණක් ම අන්තර්ගත නාට්‍ය නිර්මාණය කිරීමට ඔහු තුළ ඇති නො හැකියාව. බහින කලාව සහ කිරිමුට්ටිය යන නාට්‍ය නිර්මාණ මගින් ප්‍රදර්ශනය වී ඇති බව කදිමට පැහැදිලි වෙයි. මේ නිසා සරච්චන්ද්‍ර පමණක් කර තබාගෙන යෑම විහිළු සහගත ය. එය විලාපයක් සේ නිර්මාණ වෙමින් තිබේ. එය සමාන කළ හැක්කේ වර්තමානයේ පවතින සඟ මැරපාතාලයේ කෝලාහලවලට පමණි

මහාචාර්ය සරච්චන්ද්‍ර

සරච්චන්ද්‍ර මහතාට:

* හෙන්රි ජයසේන මහතා ගේ - හුණුවටයේ කතාව , ආහස්මාළිගා

* රංජිත් ධර්මකීර්ති මහතා ගේ - මේඝ

* සුනන්ද මහේන්ද්‍ර මහතා ගේ - සොක්‍රටීස්

* ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ - යක්ෂාගමනය, ට්‍රොජන් වෝ

* පරාක්‍රම නිරිඇල්ල මහතා ගේ උත්තමාවී, විනිශ්චය (ගැලීලියෝ ), ජනකරළිය නාට්‍ය

* සුගතපාල ද සිල්වා මහතා ගේ - මරා සාද් , හිත හොද අම්මණ්ඩි, තුරග සන්නිය, ඇසළ සඳ අවන්හල..බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්.

* ජයලත් මනෝරත්න මහතා ගේ - මහගිරිදඹ සිට හඬ නිහඬ දක්වා නිර්මාණය කළ නාට්‍යාවලිය

* උදේනි ජයවීර මහතා ගේ - හිරු නොදුටු මිනිස්සු

* ප්‍රසන්න විතානගේ මහතා ගේ - ද්විත්ව

* ප්‍රසන්න ජයකොඩි මහතා ගේ - සෙවණැලි සහ මිනිස්සු

* චාමික හත්ලහවත්ත මහතා ගේ - හරි අපූරු දවසක්, හයිනා, රජා මං වහලා

* බුද්ධික දමයන්ත මහතා ගේ - බන්සි මැරිලා නෑ, අපේ පන්ති කාමරය, දවස තාම ගෙවුන් නෑ, රැකවලා , පාදඩයා

* රාජිත දිසානායක මහතා ගේ - සක්වාදාවල, ආපහු හැරෙන්න බෑ, වීරය මැරිලා, සිහින හොරු අරන්, 2019 ජූලි මාසේ දවසක්

* ආචාර්ය ගාමිණී හත්තොටුවගම මහතා ගේ නාට්‍ය පොකුර

* ධනංජය කරුණාරත්න මහතා ගේ - ජූරිය සහ ඔබ සාපේක්ෂයි, චන්ද්‍රාවති සමඟ රාත්‍රියක්, දුවන උන් දෙන්නෙක්, වැලන්ටයින් එනකන් , ලාස්ට් බස් එකේ කතාව, ජීවිතය මරණය හෙවත් තනියාමය යන කෙටි නාට්‍ය

* සචිත්‍ර රාහු බද්ධ මහතා ගේ - කැපනම් කෙටිනාට්‍ය

* චාලක රණසූරිය මහතා ගේ සඳුදා වැටෙන්නෙ සිකුරාදට, බොක්ස්

බඳු අතිශය සම්භාව්‍ය, ප්‍රශස්ත ,සාර්ථක, විශිෂ්ට නාට්‍ය නිර්මාණය කිරීමට සරච්චන්ද්‍රට කිසිවිටකවත් නො හැකිය. ඒ සඳහා සරච්චන්ද්‍ර මහතා ට තව ආත්ම 50ක් ඉපදී පෙරුම් පුරන්නට සිදු වේ.එසේ නම් දේශීය නාට්‍ය කලාව ගැන සාකච්ඡා කිරීමේ දී සරච්චන්ද්‍ර මහතා පමණක් කර තබාගෙනෙන යෑම කොතරම් අමන ක්‍රියාවක් ද..?

සරච්චන්ද්‍ර ගේ ඇන්ටික් නාට්‍ය සහ වෙනත් උසස් නාට්‍ය

සරච්චන්ද්‍ර මහතා ගේ නාට්‍යවල අන්තර්ගත ගීත බහුතරයක් නාඩගම්, නුර්ති ආදී ගීතවල තනුවලට ලියන ලද අනුකාරක ගීත වන අතර, වෙනත් නාට්‍යවල ස්වතන්ත්‍ර තනුවලට නිර්මාණය කළ සුන්දර, අලංකාර, ප්‍රශස්ත ගීත කොතරම් තිබේ ද…? පාසල් පෙළපොත්වලට සරච්චන්ද්‍ර මහතා ගේ නාට්‍ය පමණක් සෑම වසරකට ම සෑම ප්‍රතිසංස්කරණයකට ම නියෝග කිරීම විහිළු සහගත නො වේ ද…?

මනමේ නාටකයට හැත්තෑව ලැබුවා සේ ම තවත් බොහෝ සරච්චන්ද්‍ර නාටකවලට වඩා ප්‍රශස්ත නාටකවලට හතළිස් විය, පනස් විය , හැටවිය, හැත්තෑවිය එළඹෙනු ඇත; එසේ ම එළැඹී ඇත. එසේ නම් මේ සරච්චන්ද්‍ර මහතා ගේ ඇන්ටික් නාට්‍යවලට සේම අනෙකුත් උසස් නාට්‍යවලට ද එම සැලකිල්ල කළ යුතු නොවේ ද…?

මගේ පුද්ගලික අප්‍රසාදය

ඉන් අදහස් වන්නේ ඒ සියලුම නාටක රනිල් බඳු: බංකොලොත්, මිනීමරු, බඩගෝස්තරවාදී , ම්ලේච්ඡ, තරුණ තරුණියන් 60,000ක් මරා පුලුස්සා දැමූ, තරුණියන් විශාල සංඛ්‍යාවක් දූෂණය කොට මරා දැමීමට අණ දුන්, බටලන්ද, එළියකන්ද, යටාරෝ කැපටේරියා, කොළඹ නීති පීඨයේ, ගාල්ල වලව්වත්ත, ආදී ම්ලේච්ඡ වදකාගාර, ඝාතකාගාර , දුෂණාගාර පවත්වාගෙන ගිය. සරච්චන්ද්‍ර මහතාට සහ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ම්ලේච්ඡ ලෙස පහරදීම මෙහෙයවූ, යාපනයේ පුස්තකාලය ගිනි තැබූ (එහි තිබූ මනමේ, සිංහබාහු ඇතුළු සරත්චන්ද්‍ර ගේ ග්‍රන්ථ සියල්ල පිලිස්සී ගියේ ය) රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයෙක් ඉදිරිපිටට ගොස් රඟදැක්වීම නො වේ.

ඉන් අදහස් කළේ, පවතින රජය මගින් මේ විශිෂ්ට නාට්‍ය නිර්මාණය කළ කලාකරුවන් ගෙන්වා, ඔවුන්ව අගය කිරීමට ලක් කර, ඔවුන් ගේ ඊළඟ නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය පරිසරය, මුදල් හදල් පහසුකම් සහ සියලුම සුබසාධන කටයුතු සපයා දිය යුතු බවයි.

මනමේ , සිංහබාහු උසස් නිර්මාණ නම්, ඒවා කිසිවිටකවත් මෙබඳු ම්ලේච්ඡ මිනිසෙකු ඉදිරියේ හුදකලාව රඟදැක්වීම නො කල යුතු ය; එය අපරාධයකි; එබඳු නිර්මාණවලට කරන අපහාසයකි..

වර්තමාන රජය කළ යුත්තේ මෙබඳු ප්‍රාථමික වැඩ නොව. ඉතා විශිෂ්ට, ඊට වඩා එහා ගිය විශිෂ්ටතම අගය කිරීමේ වැඩපිළිවෙළ කි. එනිසා මෙබඳු ම්ලේච්ඡ මිනිසෙකු ඉදිරියට රැගෙන ගොස්, එබඳු උසස් යැයි සම්මත නිර්මාණයක් හුදෙකලාව එබඳු පුද්ගලයෙකු ඉදිරියේ රඟ දැක්වීම සම්බන්ධව එතැනට ගිය සියලු ම නළාකරුවන්ට මම, මාගේ පෞද්ගලික අප්‍රසාදය පළ කරමි..

උපුටා ගත්තේ Mudhu Ranjith De Silvaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සරච්චන්ද්‍ර විලාපය සහ සිංහල නාට්‍ය කලාව | The Leader