*මේ… ඇහුණද…? අන්න 'මාළුකාරයා' එනවා… බලන්නකො අද මොනවද තියෙන මාළු කියල.
*පුතේ… අන්න 'කිරිකාරය' ඇවිත් බෙල් ගහනවා… ගිහින් කිරි එක අරගෙන එන්න.
*අද නම් 'පත්තරකාරය' එනකම්ම රැකල ඉන්න වෙනවා… නැතිනම් ඉතිං අද පත්තරේ ගන්නව බොරු.
*ඔය 'පොලිස්කාරය' ඉන්නව නේද… මට නම් ඔ්කව පේන්න බෑ… කරන්නෙ ම මහා අලුකුත්තේරු වැඩ
මේ වියමන කියවන ඔයාල කවුරු හෝ, කවදා හෝ මේ වගේ දෙබස් ටිකක් කියල ඇති; එහෙමත් නැති නම් අහල ඇති.

'කාරයා' අපහාසාත්මක ද…?
දැන් මෙතන මේ 'කාරයා' කියන වචනය බොහෝ විට, බොහෝ අය හිතන්නෙ අපහාසාත්මක, එහෙමත් නැතිනම් උපහාසාත්මක වචනයක් කියල. හැබැයි මම නම් එහෙම හිතන්නෙ නෑ. මට දැනෙන්නෙ නම් ඒ ඒ වෘත්තිවල නියැළෙන පුද්ගලයා, ඔහු හෝ ඇය කරන වෘත්තියට අනුව හඳුනාගන්න හෝ හඳුන්වන්න සාමාන්ය සමාජයේ යෙදෙන වචනයක් විදියට යි.
මම මේ ප්රවේශය ගත්තෙ වර්තමාන සමාජයේ වෙසෙන, සමාජ සේවයක් සලසන (සමාජ ව්යසන කැඳවන අය ද මේ අතර නැතුවා නෙවෙයි) බොහෝ විට මධ්යම පන්තියට වගේ ම පහළ මධ්යම පන්තියටත් නැතුව ම බැරි 'කාරයෙක්' ගැන කතා කරන්න.
හැබැයි ඒ මගේ අදහස්වලින් නෙවෙයි මේ 'කාරයින්' පිළිබඳ ලියල තියෙන සාහිත්ය කෘතියක් ඇසුරෙන් කරන මගේ කියවීමක්; එහෙමත් නැතිනම් ලියවීමක්.

මේ කතුවරයා කෘතිය නම් කරල තියෙන්නෙ ''නම වෙනස් නොකළ ත්රීවිල් ගුණේ'' යන මැයෙන්; කෘතියේ කතුවරයා මංජු නැදගමුව.
දැන් මේ 'කාරයා' කවුද කියල මම ඔයාලට විශේෂයෙන් සිහිපත් කරන්න හෝ ලියන්න වුවමනා නෑ. මොකද පොතේ නම කියවපු ගමන් ම 'කාරයා' කවුද කියල ඔයාලට වැටහෙන්න ඔ්න.
අපේ රටට පොදු ආකල්පමය දුගී බව
කතුවරයා මෙවර සිය නිර්මාණයේ අනුභූතිය විදියට භාවිත කරන්නෙ ලංකාවේ ත්රිවිලර් රියදුරු ප්රජාව. මේ වෘත්තියේ යෙදෙන පිරිස් බොහෝ විට හඳුන්වන්නෙ 'ත්රිවිල්කාරයා' යනුවෙන්. හැබැයි ඒ වදන අපහාසාත්මක හෝ උපහාසාත්මක විදියට සලකන්න එපා. සමහර විට ඔයාල දන්නවා ඇති ගෙන් ගෙට ගිහින් පත්තර බෙදන පුද්ගලයා හඳුන්වන්න 'පත්තරකාරයා' කියල භාවිත කරනවා වගේ ම ඉස්සර පත්තරවලට ලියන, එහෙමත් නැතිනම් පුවත්පත් කලාවේදියාට පවා පත්තරකාරයා' කියල භාවිත කරා; හැබැයි දැන්නම් එහෙම භාවිත කරන්නෙ නැහැ.
කොහොම වුනත් දැන් මම මේ කියන්න හදන්නෙ අර වැලිකඩ බන්ධනාගාර මහා පවුරෙ ''සිරකරුවෝ ද මනුෂ්යයෝ ය'' යනුවෙන් ලියල තියෙනවා වගේ ම මේ ත්රීවිලර් රියදුරෝ හෝ හිමිකාර පුද්ගලයො (කුලී රථ සේවා සපයන) බහුතරයක් ම මනුෂ්යයෝ තමයි. කිහිප දෙනෙකක් කරන අකටයුතුකම් හේතුවෙන් ඒ වෘත්තිකයින් සමාජයේ වෙනස් උපසංස්කෘතියකට අයත් වුණ පිරිසක් විදියට වෙන්වෙලා තියෙනවා. ඒක මටවත් මේ ලිපිය කියවන ඔයාලටවත් වෙනස් කරන්න බැහැ; ඒක අපේ රටට පොදු ආකල්පමය දුගී බව පිළිබද ප්රශ්නයක්. මොකද අපේ රටේ කිසිම වෘත්තියකට ඒ ඒ වෘත්තියට හිමි වෘත්තීය ගරුත්වය ලැබෙන්නෙ නැහැ; ඒක වෙනම ම සාකච්ඡා කළ යුතු ප්රශ්නයක් නිසා මම ඒ සම්බන්ධයෙන් මීට වඩා කතා කරන්නෙ නැහැ.
දැන් නැවත ''නම වෙනස් නොකළ ත්රීවිල් ගුණේ'' පිළිබඳ කතාවට ප්රවේශ වෙමු.
පරිච්ඡේද නාමාවලියෙන් පිළිබිඹුවන්නේ කුමක් ද…?
කතුවරයා මෙම කෘතියේ අන්තර්ගත හැම කතාවකට ම ('හැම කතාවකට ම' කිව්ව ම ඔයාල හිතන්න පුළුවන් මේ කෘතිය කෙටිකතා පොතක් කියල; නැහැ… මේක නවකතා පොතක්) නමක් යොදල තියෙනවා; ඒ මෙන්න මේ විදියට…

*නම මොකටද වැඩ නෙ ඔ්නෙ
*අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්
*සමහර හයර් තිබුණා මැද කණ්ණාඩියෙන් ඇස් කතා කරපු
*දුව දෙව්මිණි පුතා සඳරු
*තනිකඩ ජිවිතේ මල් මසුරං පුතේ
*අද යන්න ඔ්නෙ ගමන, හෙටට කල් දාන්න එපා
*හිත් ගත්ත අය අතර වෙස් ගත්ත අය ද සිටිති
*ඔයාට හොඳ නම් මට මොකෝ…
*යාළුවන්ට හායි - මාළුවන්ට බායි…
*කාලය මාරයි මං දකින දේ විකාරයි
*කරුමෙ ඩබල් පින සිංගල්
*පොරවගන්න රෙද්දක් තියේනම් සිතල පට්ට මචං
*කට්ට කන්න බැරිනම් පට්ට හීන තහනම්
*දරු දුක ලියැවුණු පොත කොයි අම්මගෙත් හදවත
*දවසක අපිටත් තටු එනවා එදාට අපි ඉගිළෙනවා
*මට මම යවන්න මේ හොඳටම ඇති ඌ වෙන්න තව ටිකක් මදි
*සුදු කකුලයි කොට සායයි හරි අවදානම්
*සිංහයා නිදි; ඇහැරුනොත් - sorry…
*හිතේ එක seat තවම හිස්
*දඩ කොළ නං අපිට එපා
*ජීවිතේ මගෙ වුනාට… තීරණය අම්මගේ…

දැන් මේ නම් පෙළ කියෙව්වම ඔයාලට මොනව ද හිතෙන්නෙ…? බොහෝ අය නොදන්නවා වුනත් කතුවරයා යොදපු හැම මාතෘකාවක් ම ත්රීවිලර්වල පිටුපස සඳහන් කරපු වැකි; විවිධාකාරයේ වැකි. ඒ ඒ පරිච්ඡදවල සඳහන් වෙන්නෙ අදාළ වැකිය සමග සමගාමි වෙන කතාවක්/ සිද්ධියක්. ඒ කතාව/ සිද්ධිය ඇත්ත වෙන්නත් පුළුවන්; කතුවරයා ගේ පරිකල්පනය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ විදියට ලියන්න නම් කතුවරයාට විශේෂිත පරිකල්පන ශක්තියක් අවශ්ය යි. ඔහු සතුව ඒ පරිකල්ප ශක්තිය පවතින බව කතුවරයා ප්රත්යක්ෂ කර තිබෙනවා.
පිටු සැලසුමෙහි විශේෂත්වය
ඒ වගේ ම පොතේ පිටු සැලසුම් කරද්දි පවා මේ පිළිබදව අවධානය යොමු කරල තියෙනවා.
ඇයි මම එහෙම ලියන්නෙ…?
හැම පරිච්ඡේදයක් ම ආරම්භ කරද්දි ඒ ඒ පරිච්ඡ්දයට අදාළ මාතෘකෘව සඳහන් ත්රීවීලයක පිටුපස සිතුවමක් අන්තර්ගතයි; ඒ වගේ ම ඒ ඒ මාතෘකාව ලියල තියෙන්නෙ එකම හැඩයට හෝ එකම අකුරෙන් නෙවෙයි; ඒ තමයි යථාර්ථයේ පිළිබිඹුව; ත්රිවිලර්වල විවිධ නම් සඳහන් කරල තියෙන්නෙ විවිද අකුරෙන්; විවිධාකාරයට.
කෘතියක අන්තරගතය හදවතට දැනෙන්න නම් මේ වගේ තාක්ෂණික උපක්රම භාවිත කළ යුතුයි. ඔයාල මේ කෘතිය කියෙව්වොත් ඒ බව හොඳට ම දැනේවි.
කතුවරයා ගේ අභිප්රාය

කතුරයා ගේ අභිප්රාය පාර්ශ්ව සඳහන් කරනවා නම් මට හැඟෙන්නෙ ඔහුට අවශ්ය වෙලා තියෙන්නෙ මේ වෘත්තියේ යෙදෙන පුද්ගලයින් ගෙ යථා ස්වභාවය හෙළි කරන්න; ඔවුන් අත්විඳින: සුඛ, දුක්ඛ, විනෝදාත්මක මෙන් ම ශෘංගාරාත්මක පැතිකඩ හෙළි කරන්න. ඒ සඳහා ඔහු විවිධ පැතිමාන ඔස්සේ ඇවිද තිබෙන බව ඉතා පැහැදිලියි. මම ඒ සඳහා උදාහරණ දක්වන්න උත්සාහ කරන්නෙ නැහැ; ඒ අන් කිසිවක් නිසා නෙවෙයි; ඔයාල මේ පොත කියවලා ම ඒ පිළිබඳ තීරණය කළ යුතුයි කියල අදහස් කරන නිසා.
''නම වෙනස් නොකළ ත්රීවිල් ගුණේ'' නවකතාවක් ද…?
මෙතනදි තවත් යමක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි ඇතැම් විට සමහර විචාරකයො වගේ ම ප්රවීණ ලේඛකයො යනාදි අය ප්රකාශ කරන්න පුළුවන් මේ නවකතාවෙ නවකතා ලක්ෂණ නැහැ කියල; මොකද නවකතාව මෙහෙම විය යුතුයි කියල නිර්නායක පවතින නිසා. අන්න ඒ නිර්නායක බොහොමයකින් වියුක්ත වෙලා මේ කෘතිය ලිවීම ම මේක නවකතාවක් කියල හඳුන්වන්න මම කැමතියි.
නමුත් කතුවරයා මෙම කෘතියෙ දි දෙබස්වලට ප්රමුඛත්වය දීම හේතුවෙන් කෘතියේ පරිපූර්ණත්වය යම් ප්රමාණයකට අවම වෙලා තියෙනව කියන කාරණයත් මෙතනදි සිහිපත් කළ යුතුයි. මොකද ඒ ඒ දෙබස් ඛණ්ඩ ඒ ඒ පුද්ගලයින් ගෙ මුවින් ගිලිහෙන මොහොතෙ ඒ ඒ පුද්ගලයා ගේ ශාරීරික ලක්ෂණ කෙබඳු ද, මුහුනේ ඉරියව්, අංග චලන කුමනාකාර ද යන්න පිළිබිඹු කරන්න උත්සාහ කළා නම් පොතේ වටිනාකම තවත් ඉහළ යනවා. ඇතැම් විට කතුවරයා ඒ තරම් දුර ගමන් නොකරන්න ඇත්තෙ පොතේ පිටු ප්රමාණය වැඩි වෙලා, පොතට යන වියදම වැඩි වුනා ම පොතේ මිල වැඩි වෙනවා, එතකොට පාඨක ප්රජාවට පොත මලදී ගැනීමේ අපහසුතාවක් මතුවෙයි කියල අදහස් කරගෙන වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් ලාංකිය නවකතා කලාවට වෙනස් ම මානයක අනුභුතියක් ඇසුරෙන් සාහිත්ය කෘතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මම කතුවරයාට ස්තුතිවන්ත වෙනව වගේ ම සුබ පතනවා…!
ප. ලි. ත්රීවිල් ගුණේ එයා ගෙ නම වෙනස් නොකළෙ ඇයි ද කියල දැනගන්න නම් ඔයාලට මේ පොත කියවන්න ම වෙනවා.





