The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

'මහින්දගේ ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක්' ! : පොහොට්ටුව CID යයි

T

The Leader Desk

April 16, 2026 • 4:31 PM

 'මහින්දගේ ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක්' ! : පොහොට්ටුව CID යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
  • මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරිආරච්චි සඳහන් කළේ, මෙය හිටපු ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයක් බවයි.
  • මෙම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේදී ඊට විශ්වාසනීයත්වයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවල නම භාවිතා කරන බවත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පැවසිය.
  • මෙය තවත් එක් උගන්ඩා හෝ සීෂෙල්ස් කතාවක් වැනිම අසත්‍ය ප්‍රචාරයක් බව පැවසූ ඔහු, පසුගිය අරගල සමයේදීත් රාජපක්ෂවරුන් විදේශයන්හි මුදල් සඟවා ඇති බවට මෙලෙසම චෝදනා කළ බව සිහිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරිආරච්චි සඳහන් කළේ,  මෙය හිටපු ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයක් බවයි.

මෙම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේදී ඊට විශ්වාසනීයත්වයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතනවල නම භාවිතා කරන බවත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පැවසිය.

මෙය තවත් එක් උගන්ඩා හෝ සීෂෙල්ස් කතාවක් වැනිම අසත්‍ය ප්‍රචාරයක් බව පැවසූ ඔහු, පසුගිය අරගල සමයේදීත් රාජපක්ෂවරුන් විදේශයන්හි මුදල් සඟවා ඇති බවට මෙලෙසම චෝදනා කළ බව සිහිපත් කළේය.

නමුත් වසර එකහමාරක් ගතවී ඇතත් එවැනි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට වත්මන් පාලකයන්ට හැකි වී නොමැති බව ඔහු සඳහන් කළේය.

පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ක්‍රියාවන්ට එරෙහිව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.

බලයට පැමිණීම සඳහා සිදුකළ බොරු චෝදනා එකින් එක බිඳ වැටෙමින් පවතින නිසා, ජනතාව නොමඟ යැවීම සඳහා ආණ්ඩුව මෙවැනි අලුත් ප්‍රචාර දියත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

 ( news19 | ෆාතිමා සුමෙයිහා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මහින්දගේ ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක්' ! : පොහොට්ටුව CID යයි | The Leader