The Leader News
BREAKING
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්

Nethmini

Nethmini

October 8, 2026 • 9:28 AM

ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර ප්‍රධානියා වෙත යොමුකරන ලද ලිඛිත කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මෙම හමුව කැඳවා ඇති බවයි.
  • මතභේදයට ලක්වූ බන්ධනාගාර තීරණය පසුගිය 06 වනදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් පෙනී සිටීම දැඩි කතාබහකට ලක්විය.
  • බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසිය අනුව වරදකරු කරනු ලැබූ සිරකරුවෙකු උසාවියට රැගෙන යාමේදී පෙර භාවිත කළ සාමාන්‍ය ඇඳුම ඇඳීමට ඉඩදිය යුතු බවත්, භික්ෂුවක් සම්බන්ධයෙන් එම ඇඳුම වන්නේ සිවුර බවත් පෙන්වා දෙමින් මහ නාහිමිවරු සිය කනස්සල්ල පළ කරති.
  • එමෙන්ම එක්සත් ජාතීන්ගේ නෙල්සන් මැන්ඩෙලා ප්‍රඥප්තියේ (අවම සම්මත රීති) 17(3) වගන්තියට අනුව ද රැඳවියෙකු පිටතට ගෙනයන විට සාමාන්‍ය ඇඳුම් භාවිතයට හිමිකම් පවතින බව නෛතික පාර්ශ්ව අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැනනැඟී ඇති තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් නියෝජනය කරන නියෝජිත කමිටුවක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.  

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර ප්‍රධානියා වෙත යොමුකරන ලද ලිඛිත කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මෙම හමුව කැඳවා ඇති බවයි.  

මතභේදයට ලක්වූ බන්ධනාගාර තීරණය  

පසුගිය 06 වනදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් පෙනී සිටීම දැඩි කතාබහකට ලක්විය. බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසිය අනුව වරදකරු කරනු ලැබූ සිරකරුවෙකු උසාවියට රැගෙන යාමේදී පෙර භාවිත කළ සාමාන්‍ය ඇඳුම ඇඳීමට ඉඩදිය යුතු බවත්, භික්ෂුවක් සම්බන්ධයෙන් එම ඇඳුම වන්නේ සිවුර බවත් පෙන්වා දෙමින් මහ නාහිමිවරු සිය කනස්සල්ල පළ කරති.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ නෙල්සන් මැන්ඩෙලා ප්‍රඥප්තියේ (අවම සම්මත රීති) 17(3) වගන්තියට අනුව ද රැඳවියෙකු පිටතට ගෙනයන විට සාමාන්‍ය ඇඳුම් භාවිතයට හිමිකම් පවතින බව නෛතික පාර්ශ්ව අවධාරණය කරයි.  

"අධිකරණ තීන්දුව නෙවෙයි, ප්‍රශ්නය සිවුර ඉවත් කිරීමයි"  

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පෙන්වා දෙන්නේ අධිකරණය ලබාදුන් තීන්දුව හෝ දඬුවම පිළිබඳව කිසිදු අර්බුදයක් නොමැති බවයි. උන්වහන්සේගේ ස්ථාවරය වී ඇත්තේ භික්ෂුවකගේ පැවිදිභාවය අහෝසි කිරීම සංඝ සභාවට අයත් විනය කර්තව්‍යයක් මිස බන්ධනාගාර නිලධාරීන්ගේ පරිපාලන තීරණයක් නොවිය යුතු බවය.  

ඥානසාර හිමියන් පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ සිවුරෙන් නෙරපිය යුතු බවට අදාළ නිකායේ කාරක සංඝ සභාව කිසිදු නිගමනයකට පැමිණ නොමැති බැවින්, මෙම ක්‍රියාව වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවට ශාසනික නායකයෝ තර්ක කරති.  

විසඳුමක් සොයා ජනපති සමඟ සාකච්ඡා  

රජය සහ මහා සංඝරත්නය අතර අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නීතියේ ආධිපත්‍යයට මෙන්ම බන්ධනාගාර රෙගුලාසිවලට හානියක් නොවන පරිදි, ශාසනික සම්ප්‍රදාය ආරක්ෂා වන පරිපාලනමය ක්‍රමවේදයක් සකස් කරගැනීමයි.  

බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාවේදී භික්ෂූත්වයට අගතියක් නොවන ආකාරයට කටයුතු කිරීමටත්, ඉදිරි නඩු වාර සඳහා උන්වහන්සේට චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් මහ නාහිමිවරු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත් :

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...