The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්

Pasan

Pasan

October 7, 2026 • 10:00 PM

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් හයදෙනෙකු නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කිරීමටත්, සෙසු සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
  • අධිකරණ තීන්දුව සහ නීතිපති උපදෙස් 2022 වසරේ ජූලි 9 වැනිදා පැවති මහජන නැගිටීම අතරතුර කොළඹ 07, පස්වැනි පටුමගේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
  • ශ්‍රී රංගා සහ අරගල ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේෂල ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
  • මෙහිදී අධිකරණයේ නිරීක්ෂණය වූයේ නීතිපතිවරයා විසින් එකම සිදුවීමකට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල වෙනස් ආකාරයේ උපදෙස් ලබාදී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් හයදෙනෙකු නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කිරීමටත්, සෙසු සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


අධිකරණ තීන්දුව සහ නීතිපති උපදෙස්


2022 වසරේ ජූලි 9 වැනිදා පැවති මහජන නැගිටීම අතරතුර කොළඹ 07, පස්වැනි පටුමගේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සහ අරගල ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේෂල ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අදාළ සැකකරුවන් හයදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය. මීට පෙරද මෙම නඩුවේ තවත් සැකකරුවන් හයදෙනෙකු නීතිපති උපදෙස් මත නිදහස් කර තිබිණි.


විදේශ ගමන් තහනම ඉවත් කිරීම

නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ එක් එක් සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා විවිධ උපදෙස් ලබාදී ඇති බවත්, 25 වැනි සැකකරු වෙනුවෙන් නඩුව අවසන් කර ඇති බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙසත්ය.

මෙහිදී අධිකරණයේ නිරීක්ෂණය වූයේ නීතිපතිවරයා විසින් එකම සිදුවීමකට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල වෙනස් ආකාරයේ උපදෙස් ලබාදී ඇති බවයි. එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, නඩුවේ සියලු සැකකරුවන්ට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට නියෝග කරමින් ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස නියම කළේය.


නඩුවේ ඉදිරි පියවර


ගින්න හටගත් අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථයට ඇතුළු වීමට බාධා කරමින් රාජකාරියට අවහිර කළ බවට සැකකරුවන්ට එරෙහිව මූලික චෝදනා ගොනු කර තිබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් 20 දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර, පෙනී නොසිටි සඳුන් කුමාර හේරත් ඇතුළු දෙදෙනෙකුට විවෘත වරෙන්තු නිකුත් කෙරිණි. නඩුව යළි කැඳවීම 2027 මාර්තු 03 වැනිදා දක්වා කල් තැබිණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...