The Leader News
BREAKING
Top Ad
පුවත්

අගෝ.08 ට පසු කිසිඳු නිවේදනයක් නිකුත්කර නැහැ - SupremeSAT වෙතින් නිල පැහැදිලි කිරීමක්

T

The Leader Desk

August 11, 2025 • 12:13 PM

අගෝ.08 ට පසු කිසිඳු නිවේදනයක් නිකුත්කර නැහැ - SupremeSAT වෙතින් නිල පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කතිකාව තුල කතාබහට ලක්ව ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්.
  • මනිවන්නන් අගෝස්තු 08 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.
  • ඉන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ යළිත්වරක් අගෝස්තු 09දා පැවති ජනහමුවක් අමතමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ.
  • කෙසේවුවද මේවනවිට අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම' විසින් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශයන් කිහිපයක් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම කතිකාව තුල කතාබහට ලක්ව ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්. එම්. මනිවන්නන් අගෝස්තු 08 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.

ඉන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ යළිත්වරක් අගෝස්තු 09දා පැවති ජනහමුවක් අමතමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ.

කෙසේවුවද මේවනවිට අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම' විසින් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශයන් කිහිපයක් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

 

අද (11) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' පවසන්නේ, තම සමාගම විසින් කලකට ඉහතදී නිකුත් කරන ලද ප්‍රකාශ කිහිපයක් මෙන්ම SupremeSAT වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, 2025 අගෝස්තු 8 වන දිනෙන් පසු SupremeSAT විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් ය. තම සමාගම කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ප්‍රකාශ නිකුත්කර නොමැති බවද එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

 

SupremeSAT අද දින නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.

SupremeSAT විශේෂ මාධ්‍ය නිවේදනය

රට පුරා සංසරණය වන වැරදි තොරතුරු පිළිබඳ අපගේ නවතම මාධ්‍ය ප්‍රකාශය 2025 අගෝස්තු 6 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් ටික කලකට පසු නිකුත් කරන ලද බව අපි, SupremeSAT (පුද්ගලික) සමාගම නිල වශයෙන් පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

අප විසින් කලින් නිකුත් කරන ලද ප්‍රකාශ කිහිපයක් මෙන්ම SupremeSAT වෙත ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද ප්‍රකාශ දැනට සංසරණය වෙමින් පවතින බව අපගේ අවධානයට ලක්ව ඇත. අපි මෙයින් තහවුරු කරන්නේ:

• 2025 අගෝස්තු 8 වන දිනෙන් පසු SupremeSAT විසින් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

• අපගේ කිසිදු නිල සන්නිවේදනයක අපි කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර හෝ යොමු කර නොමැත.

• අපගේ සියලුම නිල සන්නිවේදනයන් නිවැරදි කරුණු සහ සත්‍යාපනය කළ හැකි දත්ත මගින් සහාය දක්වන තාක්ෂණික තොරතුරු මත පමණක් අවධානය යොමු කර ඇත.


නිවැරදි තොරතුරු සඳහා SupremeSAT වෙතින් නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙස අපි මාධ්‍ය සාමාජිකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මෙම නිල නාලිකාවලින් පිටත ඕනෑම ප්‍රකාශයක් සත්‍ය නොවන ලෙස සැලකිය යුතුය.

ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම්, කරුණාකර www.supremesat.com හි අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ඕනෑම අනුමැතියක්, මූල්‍ය තොරතුරු හෝ අදාළ දත්ත සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතේ විධිවිධාන යටතේ අදාළ රජයේ ආයතනවලින් ද ඔබට ඒවා ලබා ගත හැකිය.

SupremeSAT (පුද්ගලික) සමාගම.
2025 අගෝස්තු 11
සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම

info@supremesat.com

Corporate Headquarters:
Level 33, West Tower, World Trade Center, Echelon Square, Colombo 01
Sri Lanka

Kandy Teleport:
Kandy Industrial Park,
BOI Zone, Pallekele, Kandy,
Sri Lanka

SupremeSAT specal media release Sinhala page 0001


සබැඳි පුවත් :

ලංකාවට හිමි අභ්‍යවකාශ සිමාව ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා ද ?

SupremeSAT-1:  රොකටුව ගැන ආණ්ඩුවේ අලුත්ම මතය මෙන්න

SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි

'කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබූ ජයග්‍රහණයක්' - 'සුප්‍රීම් සැට්' සභාපතිගෙන් විශේෂ නිවේදනයක්

SupremeSAT-1: අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි: වැරදුණේ කොතැන ද?

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

චන්ද්‍රිකාවකයි රොකට්ටුවකයි වෙනස නොදන්න දේශපාලන කතාවලට පිළිතුරක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අගෝ.08 ට පසු කිසිඳු නිවේදනයක් නිකුත්කර නැහැ - SupremeSAT වෙතින් නිල පැහැදිලි කිරීමක් | The Leader