The Leader News
BREAKING
Top Ad
පුවත්

බිලියන 1.2ක් යටකර රජයේ රෝහල්වලට AI තාක්ෂණයෙන් යුත් 'කැත් ලැබ්' 4ක්! හෘද රෝගී පොරොත්තු ලේඛනවලට තිත

T

The Leader Desk

June 25, 2026 • 6:34 AM

බිලියන 1.2ක් යටකර රජයේ රෝහල්වලට AI තාක්ෂණයෙන් යුත් 'කැත් ලැබ්' 4ක්! හෘද රෝගී පොරොත්තු ලේඛනවලට තිත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, එක් ඒකකයක් රුපියල් මිලියන 300ක් වටිනා අතිනවීන "Canon Alphenix Core+ Evolve Edition" වර්ගයේ හෘද කැතීටකරණ පද්ධතිවලින් සමන්විත වේ.
  • මෙරට හෘද රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් මෙම නව ඒකක ස්ථාපනය කිරීමත් සමඟ රජයේ රෝහල්වල පවතින හෘද රෝගී ඇන්ජියෝග්‍රැෆි සහ ඇන්ජියෝප්ලාස්ටි (ස්ටෙන්ට් තැන්පත් කිරීමේ) පොරොත්තු ලේඛන (Waiting lists) සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය මෙයට ඇතුළත් වන බැවින්, විවෘත ශල්‍යකර්මවල (Open-heart surgeries) අවශ්‍යතාවය අවම කරමින් රෝගීන්ට වේගවත් සහ ආරක්ෂිත ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.
  • රෝහල්වලට කැත් ලැබ් බෙදී යන කාලසටහන ජූනි 27 වන දින: යාපනය ශික්ෂණ රෝහලේ නව කැත් රසායනාගාර ඒකකය විවෘත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


විවෘත ශල්‍යකර්ම වෙනුවට කෘත්‍රිම බුද්ධිය (AI) හරහා අවම විකිරණ සහිතව ඇන්ජියෝප්ලාස්ටි කරන්න පහසුකම්

එක් ඒකකයක වටිනාකම මිලියන 300ක්; සජීවී ත්‍රිමාණ ස්ටෙන්ට් දෘශ්‍යකරණ (DDS) තාක්ෂණයත් ලංකාවට



මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ හෘද සහ රුධිර නාල ආශ්‍රිත රෝගීන් සඳහා වන ප්‍රතිකාර සහ විනිශ්චය සේවා පුළුල් කරමින් රුපියල් මිලියන 1,200ක (බිලියන 1.2ක) පිරිවැයකින් යුත් අතිනවීන කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04ක් ඉදිරි සතිය තුළ සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, එක් ඒකකයක් රුපියල් මිලියන 300ක් වටිනා අතිනවීන "Canon Alphenix Core+ Evolve Edition" වර්ගයේ හෘද කැතීටකරණ පද්ධතිවලින් සමන්විත වේ.

මෙරට හෘද රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක්

මෙම නව ඒකක ස්ථාපනය කිරීමත් සමඟ රජයේ රෝහල්වල පවතින හෘද රෝගී ඇන්ජියෝග්‍රැෆි සහ ඇන්ජියෝප්ලාස්ටි (ස්ටෙන්ට් තැන්පත් කිරීමේ) පොරොත්තු ලේඛන (Waiting lists) සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය මෙයට ඇතුළත් වන බැවින්, විවෘත ශල්‍යකර්මවල (Open-heart surgeries) අවශ්‍යතාවය අවම කරමින් රෝගීන්ට වේගවත් සහ ආරක්ෂිත ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

රෝහල්වලට කැත් ලැබ් බෙදී යන කාලසටහන

Capture2

 

ජූනි 27 වන දින: යාපනය ශික්ෂණ රෝහලේ නව කැත් රසායනාගාර ඒකකය විවෘත වේ.

ජූනි 30 වන දින: කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාරය ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරේ.

ජූලි 02 වන දින: කොළඹ ජාතික රෝහල වෙත අති නවීන කැත් රසායනාගාර ඒකක 02ක් එකවරම පවරා දීමට නියමිතය.

නව තාක්ෂණයේ පවතින සුවිශේෂී වෛද්‍ය පහසුකම් 3ක්

අවම විකිරණ සහ උසස් රූපකරණය:
මෙම යන්ත්‍රවල අන්තර්ගත AI තාක්ෂණය හේතුවෙන් පරීක්ෂණවලදී රෝගියාට සහ වෛද්‍ය කණ්ඩායමට නිරාවරණය වන විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරයි. Cine රූපගත කිරීම් නොමැති විට පවා වෛද්‍යවරුන්ට වඩාත් පැහැදිලි හා උසස් තත්ත්වයේ රූප ලබා දෙයි.

සජීවී ත්‍රිමාණ දෘශ්‍යකරණය (Dynamic Device Stabilizer (DDS):
අතිරේක රූපගත කිරීම් අවශ්‍ය නොවී, ෆ්ලුරොස්කොපි පරීක්ෂාව අතරතුරදීම ස්ටෙන්ට් ව්‍යුහයන් ඉතා ඉහළ විස්තරාත්මකත්වයකින් යුතුව ත්‍රිමාණව ප්‍රදර්ශනය කරයි. මින් සංකීර්ණ හෘද ධමනි ස්ටෙන්ට් තැන්පත් කිරීමේ (PCI) ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කෙටි වේ.

ඒකාබද්ධ වීඩියෝ තිර පද්ධතිය:
විවිධ වෛද්‍ය රූපකරණ මූලාශ්‍ර කිහිපයක තොරතුරු එකම විශාල මොනිටරයක් මත එකවර නිරීක්ෂණය කර සංසන්දනය කිරීමට වෛද්‍ය කණ්ඩායමට අවස්ථාව සලසයි. එමඟින් රෝගියාගේ ශරීරයේ ඕනෑම කොටසකට තත්පර කිහිපයක් ඇතුළත ප්‍රවේශ වෙමින් වේගවත් සායනික තීරණ ගැනීමට සහාය ලැබේ.


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බිලියන 1.2ක් යටකර රජයේ රෝහල්වලට AI තාක්ෂණයෙන් යුත් 'කැත් ලැබ්' 4ක්! හෘද රෝගී පොරොත්තු ලේඛනවලට තිත | The Leader