මේ වන විට රථවාහන හිමියන්ට සිය වාහනයේ රක්ෂණය සඳහා දින 60ත් 90ත් අතර කාලයක් ණය සහන කාලයක් ලබා දී තිබූ අතර ඉදිරියේදී මෙම ණය ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති සහ යුනියන් ඇෂුවරන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න පසුගියදා මාධ්‍ය හමුවේදී පැවසීය.
වඩාත් දියුණු වෙළෙඳපොළ, රක්ෂණය මුදල් ගෙවීමට පෙර ආවරණය කිරීමේ පදනම මත නිකුත් කරනු ලබන බවත් කර්මාන්තය එවැනි ප්‍රමිතීන්ට අනුකූල වීමට ගමන් කරන බවත් විමලරත්න සඳහන් කළේය.
“සංවර්ධිත වෙළෙඳපොළ එය සාමාන්‍යයෙන් ආවරණය කිරීමට පෙර මුදල් වේ. කර්මාන්තයේ විනය ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස අපි එම ආකෘතිය දෙසට ගමන් කරමින් සිටිනවා. දැනට මැයි මස පළමු වන දා සිට මෙම රක්ෂණ සඳහා ලබා දෙන ණය කාල සීමාව ඒ අනුව දින 30කට සීමාවනු ඇති “ බව ඔහු පැවසීය.
| Mawbima




