The Leader News
BREAKING
ඥානසාර හිමි හිරේ යාමත් සමග සන්ධ්‍යාට එරෙහිව වයිරල් වයිරයක්●සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්!●IMF මීළඟ වාරිකය: අයවැය සහ ඉන්ධන මිල සූත්‍රය තීරණාත්මක වෙයි●වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සඟවපු දෙදෙනාට වසර 10ක සිරදඬුවම්●මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා●තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●
Top Ad
පුවත්

ඥානසාර හිමි හිරේ යාමත් සමග සන්ධ්‍යාට එරෙහිව වයිරල් වයිරයක්

Awara

Awara

October 7, 2026 • 5:54 PM

ඥානසාර හිමි හිරේ යාමත් සමග සන්ධ්‍යාට එරෙහිව වයිරල් වයිරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් යළිත් වරක් සිරදඬුවම ක්‍රියාත්මක කිරීමත් සමග, මෙරට ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ බරපතළ තර්ජනයට ලක්ව සිටී.
  • ඇයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වෛරය අවුලුවන ප්‍රකාශ පළ කර ඇති පුද්ගලයන් අතර ජනාධිපති සම්මාන ලාභී මාධ්‍යවේදියකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහුද වෙති.
  • හෝමාගම අධිකරණයේදී කළ තර්ජනය සහ වසර 6ක සිරදඬුවම මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව 2016 ජනවාරි මාසයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබුණි.
  • එහිදී ඥානසාර හිමියන් අධිකරණයට කඩා වැදී නඩු කටයුතුවලට බාධා කරමින් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළ බවට චෝදනා එල්ල විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් යළිත් වරක් සිරදඬුවම ක්‍රියාත්මක කිරීමත් සමග, මෙරට ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ බරපතළ තර්ජනයට ලක්ව සිටී.

ඇයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වෛරය අවුලුවන ප්‍රකාශ පළ කර ඇති පුද්ගලයන් අතර ජනාධිපති සම්මාන ලාභී මාධ්‍යවේදියකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහුද වෙති.

හෝමාගම අධිකරණයේදී කළ තර්ජනය සහ වසර 6ක සිරදඬුවම

මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව 2016 ජනවාරි මාසයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබුණි. එහිදී ඥානසාර හිමියන් අධිකරණයට කඩා වැදී නඩු කටයුතුවලට බාධා කරමින් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළ බවට චෝදනා එල්ල විය.

ඒ අනුව, 2018 වසරේදී ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු විය. අධිකරණය නියම කළේ බරපතළ වැඩ සහිත වසර 6කින් ගෙවී යන සිරදඬුවමකි.

ජනාධිපති සමාව අහෝසි වීම සහ යළි සිරගත කිරීම

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාස 9කට ආසන්න කාලයක් එම දඬුවම විඳිමින් සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාවක් පිරිනමන ලදී.

එම තීරණය අභියෝගයට ලක් විය. සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

2026 සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අදාළ ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවයි. අනතුරුව 2026 ඔක්තෝබර් 5 වැනිදා අභියාචනාධිකරණය නියෝග කළේ කලින් පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය ඔක්තෝබර් 5 වැනිදා සිට වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන තර්ජන සහ ප්‍රකාශ

එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීමත් සමග, සන්ධ්‍යා එක්නැලිගොඩ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය තුළ වෛරී සහගත පළකිරීම් කිහිපයක්ම හුවමාරු වන ආකාරය දක්නට ලැබේ.

"සන්ධ්‍යා අවසන් හුස්ම හෙළන විදිහ ලංකාවටම දෙනෙත් පාදනු ඇත....අදට එච්චරයි..."


මෙසේ මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චාමර විජේසූරිය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට රාජ්‍ය සම්මාන ලාභී මාධ්‍යවේදියකු වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලියා තිබුණේ "රටට සාපයක් වූ එකියක්" යනුවෙනි.

වසර 20කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, බීබීසී (BBC) හිටපු නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු මෙරට මාධ්‍ය පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීමට ලක්වූවෙකි.


මීට අමතරව, Sri AV TV Network සිය X (ට්විටර්) ගිණුමේ වීඩියෝවක් ප්‍රචාරය කරමින් මෙසේ සඳහන් කර තිබේ:

"ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් කතාකරන අය එයා අපේ හමුදාවට විරුද්ධව කියපු බොරු නොදැක්කානම් මෙන්න බලාගන්න"


ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ අඛණ්ඩ අරගලය

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මෙන්ම ඊට පෙර පැවති කැරලිවලින් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත ජනතාවගේ ඥාතීන්ගේ සංකේතයක් බවට සන්ධ්‍යා එක්නැලිගොඩ පත්වූවාය.


2017 වසරේදී ඇය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'ජගත් දිරිය කාන්තා' (International Women of Courage) සම්මානයෙන් පිදුම් ලැබුවාය.

අතුරුදහන් වූ සිය සැමියා සම්බන්ධ සත්‍යය හෙළිකර ගැනීමට බලධාරීන්ගෙන් එල්ල වූ බාධා නොතකා, අසූ වතාවකට වඩා අධිකරණ හමුවට යමින් ඇය දැක්වූ අසීමිත ධෛර්යය එම සම්මානය සඳහා පාදක වූ බව එවකට ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ. ෂැනොන් සඳහන් කර තිබුණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

##sandhyaeknaligoda##gnanasarathero
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...