The Leader News
BREAKING
ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ් ●ඥානසාර හිමි හිරේ යාමත් සමග සන්ධ්‍යාට එරෙහිව වයිරල් වයිරයක්●සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්!●IMF මීළඟ වාරිකය: අයවැය සහ ඉන්ධන මිල සූත්‍රය තීරණාත්මක වෙයි●වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සඟවපු දෙදෙනාට වසර 10ක සිරදඬුවම්●මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා●තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●
Top Ad
පුවත්

ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ්

Thushi

Thushi

October 7, 2026 • 6:27 PM

ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
  • මේ අතර, ශිරන්ති රාජපක්ෂ හෙට (08) පස්වරු 12.30ට නාවලෝක රෝහලේ ඇයගේ සුපුරුදු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය නියෝග කර තිබේ.
  • එමෙන්ම, අදාළ නඩුකරයට සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ශිරන්ති රාජපක්ෂ  ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

‘සිරිළිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් ඇය අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ අතර, ශිරන්ති රාජපක්ෂ  හෙට (08) පස්වරු 12.30ට නාවලෝක රෝහලේ ඇයගේ සුපුරුදු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම, අදාළ නඩුකරයට සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කර ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...