The Leader News
BREAKING
Top Ad
පුවත්

කථානායකට එරෙහි දූෂණ චෝදනා 10ක් විමර්ශන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි උදය ගම්මන්පිල පවසයි

T

The Leader Desk

July 20, 2026 • 11:09 AM

කථානායකට එරෙහි දූෂණ චෝදනා 10ක් විමර්ශන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි උදය ගම්මන්පිල පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "තමන් කළ රහස්‍ය විමර්ශනයෙන්ම කථානායක ජගත් වික්‍රමරත්න කොටු වෙලා; ලබන සතියේ අල්ලස් කොමිසමට"
  • 1- නිල නිවාස අවභාවිතය: ආයතන සංග්‍රහය අනුව වෙන් කර ඇති නිල නිවස මහජන මුදලින් නඩත්තු වෙමින් තිබියදී, ලෝරිස් පාරේ පිහිටි තවත් රජයේ නිල නිවසක් අතිරේකව පාවිච්චියට ගැනීම.
  • 2- සේවක වැටුප් වංචාව: කථානායක නිල නිවසේ පදිංචිව නොසිටිමින්, එහි කටයුතු සඳහා පුද්ගලිකව බඳවා ගත් 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකට මාසිකව රුපියල් 760,000ක වැටුප් මහජන මුදලින් ගෙවීම.
  • 3- වයස්ගත පුද්ගලයන් බඳවා ගැනීම: 1971 දේශපාලන සබඳතාවලට කළගුණ සැලකීමක් ලෙස වයස අවුරුදු 73ක සහ 68ක පුද්ගලයන් දෙදෙනෙකු ශාරීරික ශ්‍රමය අවශ්‍ය වන කාමර සහායක සහ උද්‍යාන අධීක්ෂක තනතුරුවලට පත් කර ගැනීම.
අකුරු ප්‍රමාණය (Font Size):


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ '75% ජනප්‍රියතා සමීක්ෂණය' දත්ත විද්‍යාත්මකව දෝෂ සහිත NGO උත්සාහයක් බවට චෝදනා



කථානායකවරයා පිළිබඳ රහස්‍ය තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය ලවා කථානායකවරයා විසින්ම සිදු කරවන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාව මඟින්, ඔහුට එරෙහිව එල්ල වී තිබූ බරපතල දූෂණ හා වංචා චෝදනා 10ක් සාක්ෂි සහිතව තහවුරු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල  ප්‍රකාශ කරයි.

අද (20) පැවැති මාධ්‍ය හමුවකදී අදාළ වාර්තාවේ අන්තර්ගතයන් මාධ්‍ය වෙත අනාවරණය කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම විමර්ශන වාර්තාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ ලබා ගැනීමට තමන් උත්සාහ කළ ද කථානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු නිලධාරීන් එය ප්‍රතික්ෂේප කළ බවත්, පසුව රහසිගත මූලාශ්‍රයක් මඟින් තමන් වෙත මෙම නිල වාර්තාව ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයාට එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනා

උදය ගම්මන්පිල විසින් විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් කථානායක ජගත් වික්‍රමරත්න ට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රධාන චෝදනා මෙසේය.

1- නිල නිවාස අවභාවිතය: ආයතන සංග්‍රහය අනුව වෙන් කර ඇති නිල නිවස මහජන මුදලින් නඩත්තු වෙමින් තිබියදී, ලෝරිස් පාරේ පිහිටි තවත් රජයේ නිල නිවසක් අතිරේකව පාවිච්චියට ගැනීම.

2- සේවක වැටුප් වංචාව: කථානායක නිල නිවසේ පදිංචිව නොසිටිමින්, එහි කටයුතු සඳහා පුද්ගලිකව බඳවා ගත් 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකට මාසිකව රුපියල් 760,000ක වැටුප් මහජන මුදලින් ගෙවීම.

3- වයස්ගත පුද්ගලයන් බඳවා ගැනීම: 1971 දේශපාලන සබඳතාවලට කළගුණ සැලකීමක් ලෙස වයස අවුරුදු 73ක සහ 68ක පුද්ගලයන් දෙදෙනෙකු ශාරීරික ශ්‍රමය අවශ්‍ය වන කාමර සහායක සහ උද්‍යාන අධීක්ෂක තනතුරුවලට පත් කර ගැනීම.

4- නීති විරෝධී කැබිනට් තීන්දු: කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව, උපලේඛනගත නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තනි පාර්ශවීය තීරණ ගැනීම.

5- ලේකම්වරුන්ට නිල නිවාස දීම: අමාත්‍යාංශ ලේකම්වරුන්ට වෙන් කර ඇති කොළඹ රජයේ නිල නිවසක් නීති විරෝධී ලෙස කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වෙත වෙන් කර දීම.

6- දේපළ විතැන් කිරීම: නිල නිවසේ පාවිච්චි කරන ඇඳ ඇතිරිලි සහ තුවා ඇතුළු රජයේ දේපළ තමන් පදිංචි අනෙක් නිවසට රැගෙන ගොස් පරිහරණය කර, කිලිටි වූ පසු සේදීම සඳහා නැවත නිල නිවසට එවමින් මහජන මුදල් සූරාකෑම.

7- පටිපාටියෙන් බැහැර සේවා ලබා ගැනීම: සම්මත නීති රීතිවලින් බැහැරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පාර්ලිමේන්තු තාක්ෂණික නිලධාරීන් සහ සේවකයන් යොදා ගැනීම.

8- නොපවතින අංශවලට වාහන දීම: කථානායකවරයාට වෙනම මාධ්‍ය අංශයක් නොමැති පසුබිමක, පාර්ලිමේන්තු වාහන ඇණියට අයත් වෑන් රථයක් (NC 49 23) ඒ වෙනුවෙන් වෙන් කරවා ගැනීම.

9- උපකරණ මිලදී ගැනීමේ වංචාව: නිල මාධ්‍ය අංශයක් නොමැතිව රුපියල් මිලියන ගණනක් වටිනා වෘත්තීය කැමරා උපකරණ මිලදී ගෙන, ඒවා වෘත්තීය නොවන කළමනාකාර සහකාරවරුන් ලවා පරිහරණය කිරීම.

10- ද්විත්ව ඉන්ධන දීමනා ලබා ගැනීම: අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිව කථානායක ධූරයට අදාළ ඉන්ධන දීමනාව මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස ලැබෙන ඉන්ධන දීමනාව යන ද්විත්ව දීමනාවන්ම වංචනිකව ලබා ගැනීම.


මෙම විමර්ශන වාර්තාවේ අඩංගු සාක්ෂි පදනම් කරගෙන කථානායකවරයා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු පවතින බැවින්, ඉදිරි සතියේදී මෙම වාර්තාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන බව ගම්මන්පිල ප්‍රකාශ කළේය.

ජනප්‍රියතා සමීක්ෂණ වාර්තාව පිළිබඳ විග්‍රහය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී නිකුත් කරන ලද, ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ ගොස් ඇති බවට දැක්වෙන සමීක්ෂණ වාර්තාව දත්ත විද්‍යාත්මකව (Statistical Methodology) මුළුමනින්ම දෝෂ සහිත එකක් බව උදය ගම්මන්පිල මෙහිදී අවධාරණය කළේය.

2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයේදී 42%ක් සහ නොවැම්බර් මහමැතිවරණයේදී 62%ක් ලබාගත් මාලිමාව, 2025 මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී 43%ක් දක්වා ඡන්ද ප්‍රතිශතය අඩු කරගෙන තිබියදී, ඉන් පසුව රට තුළ ඇති වූ ගල් අඟුරු වංචා, භාණ්ඩාගාරයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් අතුරුදන්වීම් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හමුවේ ජනප්‍රියතාව 75%ක් දක්වා ඉහළ යා නොහැකි බවට හෙතෙම තර්ක කළේය.

මිලියන 22ක ජනගහනයක් වෙනුවෙන් පුද්ගලයන් 1,240ක කුඩා නියැදියක් (Sample Size) යොදා ගැනීම, එම නියැදිය ජාතිය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නියෝජිතත්ව නියැදියක් (Representative Sample) නොවීම සහ සමීක්ෂණය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ පාර්ශවයන් වාර්තාවේ හෙළි කර නොතිබීම හේතුවෙන් මෙහි විශ්වාසනීයත්වයක් නොමැති බව ඔහු පැවසීය.

මෙම වාර්තාව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පොළඹවා ගැනීම සඳහා විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සකස් කරන ලද්දක් බව ද ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...