ඒ සඳහා සංවර්ධන යෝජනා කැඳවීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, ආබාධ සහිත පුද්ගලයන් සදහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මේ වන විට ආරම්භ කර ඇත.
මෙය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන "එක්ව අත් නොහැර"; ජාතික ප්‍රතිපත්තියේ සුවිශේෂී යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් බවත්, එම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සභාපති, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.




