The Leader News
BREAKING
පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා●යුක්රේනයේ ඛර්සන් අහස නිහඬ කළ කෙටි සටන් විරාමය●ෂැන්ග්‍රි-ලා ඉඩම් ගනුදෙනුව විමර්ශනයට ඉල්ලීමක් : ආයෝජන සුරක්ෂිතතාවට අභියෝගයක්ද?●ඇමෙරිකානු යුද නැව් සහ බ්‍රික්ස් මැද කොළඹ සිරවීම●මක්කම මරණ දඬුවම සහ ආගමික ලිංගිකත්වය●බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●
Top Ad
පුවත්

මන්නාරමේ ක්‍රියාධරයකුගේ සංවිධානය ගැන ත්‍රස්ත පොලිසියට ප්‍රශ්න

T

The Leader Desk

February 19, 2022 • 5:00 AM

 මන්නාරමේ ක්‍රියාධරයකුගේ සංවිධානය ගැන ත්‍රස්ත පොලිසියට ප්‍රශ්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ සංවිධානයට අයත් සියළුම ලිපි ලේඛන රැගෙන එන ලෙස එම ලිපියෙන් නියම කර තිබුණි.
  • කොළඹ ත්‍රස්ත විමර්ශන පොලිස් මුලස්ථානයේදී සිකුරාදා [18] ක්‍රියාධරයාගෙන් පැය පහක් තිස්සේ ප්‍රශ්න කරන ලද බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පවසයි.
  • ඛනිජ වැලි කැනීම හා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘතිය යටතේ ඉදි කොට ඇති විදුලි උත්පාදන පංකා 36 හේතුවෙන් මන්නාරම් දුපතේ ජන ජිවිතයට හා පරිසරයට හානිවන බවට දුපත්වාසියෝ දිගින් දිගටම උද්ඝෝෂණය කරති.
  • නොර්වේ තානාපතිනිය හා දිසා ලේකම්වරිය අතර පැවති සාකච්ජාවේදී මෙම කරුණු ගැන විශේෂ අවධානයක් යොමු වූ බව එහි ගිය මන්නාරමේ මාධ්‍යවේදියෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

සංචාරයකට එක් වී තිබේ.

මෙරට නෝර්වේජියානු තානාපතිනී ට්‍රින් ජොරනිල් එස්කෙඩල් පෙරේදා [17] මන්නාරමේ සංවර්ධන වැඩ සටහන් ගැන කතා බහ කිරීමට දිස්ත්‍රික් ලේකම්වරිය ස්ටැන්ලි ඩි මෙල් හමුවන්නට පෙර දිනයේ දෙමළ ජනයාගේ ජිවත් වීමේ අයිතිය සංවිධානයේ ප්‍රධානි එස්.වී.සිවකරන් (VS Sivakaran) ත්‍රස්ත විමර්ශන පොලීසියට කැඳවන ලිපිය මන්නාරම පොලිසිය මගින් බාර දී තිබුණි. ඔහුගේ සංවිධානයට අයත් සියළුම ලිපි ලේඛන රැගෙන එන ලෙස එම ලිපියෙන් නියම කර තිබුණි.

 කොළඹ ත්‍රස්ත විමර්ශන පොලිස් මුලස්ථානයේදී සිකුරාදා [18] ක්‍රියාධරයාගෙන් පැය පහක් තිස්සේ ප්‍රශ්න කරන ලද බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පවසයි.



JD 2022.02.19 1“රහස් පොලිසිය, යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා බුද්ධි අංශ විසින් මා ගැන සකස් කරන ලද ෆයිල් ඒ අය අත තිබුනා,” යි සිවකරන් කියා තිබුණි.

ඛනිජ වැලි කැනීම හා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘතිය යටතේ ඉදි කොට ඇති විදුලි උත්පාදන පංකා 36  හේතුවෙන් මන්නාරම් දුපතේ ජන ජිවිතයට හා පරිසරයට හානිවන බවට දුපත්වාසියෝ දිගින් දිගටම උද්ඝෝෂණය කරති.

නොර්වේ තානාපතිනිය හා දිසා ලේකම්වරිය අතර පැවති සාකච්ජාවේදී මෙම කරුණු ගැන විශේෂ අවධානයක් යොමු වූ බව එහි ගිය මන්නාරමේ මාධ්‍යවේදියෝ පවසති.

ඊට අමතරව මන්නාරම් මුහුදේ අනවසරයෙන් මසුන් මරණ ඉන්දීය ධීවරයන්ගේ ගැටලුවත්, දිසා රෝහලේ වැඩි දියුණු කටයුතු ගැනත් සාකච්ජා කර තිබේ.

දශක ගනනාවක් පුරා යුද්දයෙන් පිඩාවට පත් ජනතාවක් වෙසෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සංවර්ධනය ගැන වැඩසටහන් දියත් කිරීම ගැනද  නොර්වේ තානාපතිනි එස්කෙඩල් මෙහිදී සාකච්ජා කළ බව තානාපති කාර්යාලය කියයි.

තානාපතිනියගේ මන්නාරම් සංචාරය සිහිවනු පිණිස දිසා ලේකම්වරිය විසින් ඇයට සමරු තිළිණයක් පිරිනැමූ අතර සාකච්ජා සඳහා අතිරේක දිසා ලේකම්  එස්.ගුණබාලන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කේ.මහේන්ද්‍රන් ද එක්ව සිටියහ.

05

01

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...