The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට බ්‍රිතාන්‍යයේදී අයකු අත්අඩංගුවට

T

The Leader Desk

February 24, 2022 • 3:55 PM

 මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට බ්‍රිතාන්‍යයේදී අයකු අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පෙබරවාරි 22 දා නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්තයේදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් අට හැවිරිදි පුද්ගලයකු මේ වනවිට නිදහස් කර යවා ඇති මුත් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පොලිසිය පවසයි.
  • “මෙය සංවේදී හා සංකීර්ණ විමර්ශනයක වැදගත් වර්ධනයකි,” යි ලන්ඩන් අගනාගරික පොලිසියේ ත්‍රස්ත විරෝධී විධානයේ ප්‍රධානී කමාන්ඩර් රිචර්ඩ් ස්මිත් පවසයි.
  • “විශේෂයෙන්ම නිමලරාජන් මහතාගේ ඝාතනයට අදාලව තවත් තොරතුරු තිබෙන පුද්ගලයන් සිටිය හැකියි.
  • ඒ අයට ඉදිරිපත්වී නිමලරාජන් මහතාගේ පවුලේ සාමාජිකයන්ට යුක්තිය ලඟා කර දීමට උපකාරී වන ලෙස අපි ඉල්ලා සිටිමු.” විස්තර ලබා දීමට කැමති අයට එම තොරතුරු SO15Mailbox.WarCrimesTeam@met.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබේ.

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පෙබරවාරි 22 දා නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්තයේදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් අට හැවිරිදි පුද්ගලයකු මේ වනවිට නිදහස් කර යවා ඇති මුත් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පොලිසිය පවසයි.



ශ්‍රී ලංකා භුමියේ යුද අපරාධයක් සම්බන්ධයෙන් විදේශීය පොලිසියක් විසින් කරන ලද මුල්ම අත් අඩංගුවට ගැනීම මෙය සේ සැලකේ. අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයාගේ නම හෝ සම්භවය පොලිසිය විසින් තවම හෙළි කර නැත.



“මෙය සංවේදී හා සංකීර්ණ විමර්ශනයක වැදගත් වර්ධනයකි,” යි ලන්ඩන් අගනාගරික පොලිසියේ ත්‍රස්ත විරෝධී විධානයේ ප්‍රධානී කමාන්ඩර් රිචර්ඩ් ස්මිත් පවසයි.

“විශේෂයෙන්ම නිමලරාජන් මහතාගේ ඝාතනයට අදාලව තවත් තොරතුරු තිබෙන පුද්ගලයන් සිටිය හැකියි. ඒ අයට ඉදිරිපත්වී නිමලරාජන් මහතාගේ පවුලේ සාමාජිකයන්ට යුක්තිය ලඟා කර දීමට උපකාරී වන ලෙස අපි ඉල්ලා සිටිමු.”

විස්තර ලබා දීමට කැමති අයට එම තොරතුරු SO15Mailbox.WarCrimesTeam@met.police.uk ඊමේල් ලිපිනයට සෘජුවම යුද අපරාධ අංශයට යැවිය හැකිය.

බ්‍රිතාන්‍යයට පැමිණ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සතුව වැඩි විස්තර තිබිය හැකි බවට ලන්ඩන් පොලිසියේ යුද අපරාධ අංශය විශ්වාසය පල කරයි.

 

Leader Whats app

 

   12

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...