The Leader News
BREAKING
අමිතාබ් බච්චන්ට එරෙහිව නීතිමය පියවර: AI වීඩියෝවක දේශපාලන සෙවණැල්ල?●සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්●දින 20කට ඕස්ට්‍රේලියාවට ගොස් බිග් බෑෂ් පිටිය දෙවනත් කළ ඉන්දියානුවා●කුඩා ව්‍යාපාර නැංවීමට ADB බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්●මයික්‍රොසොෆ්ට් සේවකයන් 60,000කට වන්දි දී ඉවත් කළ සැබෑ හේතුව හෙළිවෙයි●විවාහය තුළ අකමැත්ත පළ කළ නොහැකි කාන්තාවන් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්●ෆෙරාරි ගැටුම මැද වේගාස් F1 කිරුළ වර්ස්ටැපන් දිනාගනී●රුසියානු යුද බිමේ සිරවූ ලාංකික 'රණවිරුවන්' අමතක කළ සමාජය●මැක්‍රොන්ගේ හුදෙකලා පාලනය සහ ප්‍රංශ දේශපාලනයේ අන්තවාදී සෙවණැලි●'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්●
Top Ad
පුවත්

කුඩා ව්‍යාපාර නැංවීමට ADB බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Awara

Awara

November 23, 2026 • 5:29 PM

කුඩා ව්‍යාපාර නැංවීමට ADB බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
  • දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයකට සහ සමස්ත රැකියා ප්‍රමාණයෙන් සියයට 45කට දායක වන සුළු හා මධ්‍ය පරිමාණ (MSME) අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වේ.
  • පරිසර හිතකාමී ව්‍යාපාර වෙනුවෙන් හරිත ණය ලබා දීම සඳහා ද ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වෙන් කර ඇත.
  • “ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ශක්තිමත් හා ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීම” නමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩිජිටල්කරණය, තොරතුරු සාධාරණව ලබා දීම, ආයතනික ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

මෙතෙක් බැංකු ණයක් ලබා ගැනීමට අපහසුතාවලට මුහුණ පෑ මෙරට ලක්ෂ සංඛ්‍යාත කුඩා ව්‍යාපාරිකයන්ට පහසුවෙන් මූල්‍යකරණයට ප්‍රවේශ වීමට මෙමගින් අවස්ථාව හිමි වේ.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයකට සහ සමස්ත රැකියා ප්‍රමාණයෙන් සියයට 45කට දායක වන සුළු හා මධ්‍ය පරිමාණ (MSME) අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වේ.

ණය පැකේජයේ සැලසුම සහ හරිත ණය

මෙම මූල්‍ය පැකේජය කොටස් දෙකකින් සමන්විත වන අතර, MSME අංශයේ මූල්‍ය පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පාදක ණයක් හා ආයෝජන ණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය අතරමැදි ණයක් ලෙස ලබාදීමට කටයුතු කර ඇත.

පරිසර හිතකාමී ව්‍යාපාර වෙනුවෙන් හරිත ණය ලබා දීම සඳහා ද ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වෙන් කර ඇත.

“ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ශක්තිමත් හා ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීම” නමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩිජිටල්කරණය, තොරතුරු සාධාරණව ලබා දීම, ආයතනික ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සිදු කිරීමට නියමිතය.

කොල්ලකාරී ණය දීම්වලින් ව්‍යවසායකයන් රැකගැනීම

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පිහිටුවීමේ නීතිමය ප්‍රතිසංස්කරණවලට ද මෙමගින් සහාය ලැබේ.

අධීක්ෂණය වැඩිදියුණු කිරීම, කොල්ලකාරී ණය දීම අඩු කිරීම, ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම සහ ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම මගින් කුඩා ව්‍යවසායකයන් අධික පොලීවලට හසුවීමෙන් ආරක්ෂා කිරීමට අපේක්ෂිතය.

කාන්තා ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාවක්

මෙම වැඩසටහන මගින් ශක්තිමත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමට රජයට උපකාර වන අතර, MSME වලට වර්ධනය වීමට, නවෝත්පාදනය කිරීමට මෙන්ම දේශගුණික ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමට හැකියාව ලැබෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ෂැනන් කවුලින් සඳහන් කළාය.

විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ හරිත මූල්‍යකරණය පුළුල් කිරීම හරහා තිරසාර මූල්‍ය පරිසරයකට සංක්‍රමණය වීමට සහාය වන බවද ඇය පැවසුවාය.

මෙම වැඩසටහන යටතේ අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු හෝ ඔවුන් මෙහෙයවන MSME, දේශගුණික කම්පන අවම කිරීමේ හා අනුවර්තන පියවර සඳහා ආයෝජනය කරනු ඇත. එමෙන්ම වර්ධන අවධියේ පවතින SME සඳහා කොටස් මූල්‍යකරණයට ප්‍රවේශ වීමට නව්‍ය මූල්‍ය යාන්ත්‍රණවලට ද සහාය හිමි වේ.


සීමිත මූල්‍ය ප්‍රවේශය, අඩු ඩිජිටල්කරණය සහ දේශගුණික අවදානම් හමුවේ අභියෝගවලට මුහුණ දී සිටින ලංකාවේ කුඩා ව්‍යවසායකයන්ට මෙම නව වැඩසටහන මගින් බාධක බිඳ දමා නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.


(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...