The Leader News
BREAKING
අමිතාබ් බච්චන්ට එරෙහිව නීතිමය පියවර: AI වීඩියෝවක දේශපාලන සෙවණැල්ල?●සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්●දින 20කට ඕස්ට්‍රේලියාවට ගොස් බිග් බෑෂ් පිටිය දෙවනත් කළ ඉන්දියානුවා●කුඩා ව්‍යාපාර නැංවීමට ADB බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්●මයික්‍රොසොෆ්ට් සේවකයන් 60,000කට වන්දි දී ඉවත් කළ සැබෑ හේතුව හෙළිවෙයි●විවාහය තුළ අකමැත්ත පළ කළ නොහැකි කාන්තාවන් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්●ෆෙරාරි ගැටුම මැද වේගාස් F1 කිරුළ වර්ස්ටැපන් දිනාගනී●රුසියානු යුද බිමේ සිරවූ ලාංකික 'රණවිරුවන්' අමතක කළ සමාජය●මැක්‍රොන්ගේ හුදෙකලා පාලනය සහ ප්‍රංශ දේශපාලනයේ අන්තවාදී සෙවණැලි●'වියොවග රත්නමාලය' පිළිබඳ ස්ත්‍රීවාදී සහ පශ්චාත් යටත් විජිත ස්‍ත්‍රීවාදී කියවීමක්●
Top Ad
පුවත්

සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්

Awara

Awara

November 23, 2026 • 5:44 PM

සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයේ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික සහ ආරක්ෂිත සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස රැස් කරමින් ජාන සොරකමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකුට අද (23) කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්.
  • යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක විසින් රුපියල් මිලියන 76.4ක (රු.
  • ,400,000) දඩ මුදලක් නියම කර තිබේ.
  • නඩු අංක 31799/2026 යටතේ කැඳවූ මෙම නඩුවේදී චූදිතයන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 143කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයේ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික සහ ආරක්ෂිත සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස රැස් කරමින් ජාන සොරකමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකුට අද (23) කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්. යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක විසින් රුපියල් මිලියන 76.4ක (රු. 76,400,000) දඩ මුදලක් නියම කර තිබේ.

නඩු අංක 31799/2026 යටතේ කැඳවූ මෙම නඩුවේදී චූදිතයන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 143කට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

එක් චූදිතයෙකුට  රු. 19,100,000 බැගින් චූදිතයන් සිව්දෙනාට  රු. 76,400,000ක දඩයක් නියම කෙරුණි. දඩ මුදල් නොගෙවන්නේ නම් එක් අයෙකුට වසර 125කුත් මාස 6ක සිර දඬුවම් නියම කර තිබේ. අද දින පළමු චූදිත සිය දඩ මුදල සම්පූර්ණයෙන් ගෙවා නිදහස් වී තිබේ. සියලු නඩු භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කළ අතර, සැකකරුවන් පැමිණි MG ZS වර්ගයේ මෝටර් රථය පිළිබඳ විමසීම 2027 ජනවාරි 18 වැනිදාට කල් තබන ලදී.

පසුගිය නොවැම්බර් 05 සහ 06 යන දිනවල මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයන් (පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවක්) කලවාන, වැද්දාගල බුත්කන්ද ප්‍රදේශයේ පිහිටි "බර්ඩ් පැරඩයිස්" නම් සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිට ඇත.

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව, නොවැම්බර් 09 වැනිදා අලුයම ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, විදුලි ආලෝක උපකරණ යොදාගෙන රාත්‍රී කාලයේ සතුන් එක්රැස් කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් භාරයේ සහ ඔවුන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කිරීමේදී සත්ව විශේෂ 41කට අයත් සතුන් 300කට අධික ප්‍රමාණයක් සහ නිදර්ශක (ගොළුබෙල්ලන්, වන්දන්, මකුළුවන්, ගෙම්බන්, කැන්ගරු කටුස්සන්, හූනන්, පළගැටියන්, සළබයන්, කෘමීන් සහ පණුවන් ඇතුළුව), ශාක මුල්, කඳන්, මීවන පත්‍ර සහ දුර්ලභ ගුරුළු රාජ ශාක සාම්පල, සතුන් මැරීමට සහ නිදර්ශක සැකසීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් ටියුබ්, සර්පයින් ඇල්ලීමේ උපකරණ සහ ජංගම දුරකථන රැසක් සොයා ගන්නා ලදී.

මෙම සාම්පල සූක්ෂ්ම ලෙස පෙට්ටිවල අසුරා රටින් පිට කිරීමේ සැලසුමක් තිබී ඇති අතර, මෙය ජාත්‍යන්තර ජාන ජාවාරමක කොටසක් විය හැකි බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි. නොවැම්බර් 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් අද නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

වන සත්ව අඩවි ආරක්ෂක කේ. ඩී. නදීෂ මුතුකැලුම් ගේ මූලිකත්වයෙන්, වන සත්ව අඩවි සහකාර එස්. ටී. රුවන් කුමාර සහ වන සත්ව නියාමක එස්. එච්. ටී. මදුරංග යන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නඩුව මෙහෙයවන ලදී.

සෝබා කෝලියවංශ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...