ලොව පුරා සිටින සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුටම තම සැමියා හෝ සහකරු සමඟ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු බලයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පවසයි.
පසුගිය නොවැම්බර් 19 වැනිදා ප්‍රකාශයට පත් කළ නවතම ගෝලීය වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.
කාන්තාවන්ගේ කැමැත්ත පිළිබඳ මෙම අර්බුදය කලාපීය වශයෙන් ඉතා බරපතළ මුහුණුවරක් ගෙන ඇත.
පසුගිය නොවැම්බර් 19 වැනිදා ප්‍රකාශයට පත් කළ නවතම ගෝලීය වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.
කාන්තාවන්ගේ කැමැත්ත පිළිබඳ මෙම අර්බුදය කලාපීය වශයෙන් ඉතා බරපතළ මුහුණුවරක් ගෙන ඇත.
බටහිර සහ මධ්‍යම අප්‍රිකාව: කාන්තාවන්ගෙන් සියයට 45කට ආසන්න පිරිසකට තම විවාහය තුළ "බැහැ" යැයි පැවසීමේ අයිතිය අහිමි වී තිබේ.
| නැගෙනහිර, දකුණු අප්‍රිකාව සහ අරාබි රටවල්: සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු (සියයට 33ක්) මෙම පීඩාවට මුහුණ දෙයි.
| ලතින් ඇමරිකාව සහ කැරිබියානු කලාපය: කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට තම අකමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැත.
වැඩිම අවදානම යොවුන් දැරියන්ට

ඇන්ගෝලාව, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, කසකස්තානය, මලාවි, මාලි, නයිජීරියාව, ටජිකිස්තානය සහ සැම්බියාව යන රටවල් අටක දත්ත මෙම වාර්තාව මගින් විශ්ලේෂණය කර ඇත.
වයස අවුරුදු 45ත් 49ත් අතර වැඩිහිටි කාන්තාවන්ට සාපේක්ෂව, වයස අවුරුදු 15ත් 19ත් අතර යොවුන් දැරියන්ට තම අකමැත්ත පළ කිරීමට ඇති ඉඩකඩ ඉතා අවමය. සමීපතම සහකරුවන් අතින් වැඩිපුරම ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේ ද මෙම යොවුන් වියේ දැරියන් බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.
නීතියේ සිදුරු මැද සිරවුණු ජීවිත

අප්‍රිකානු මහද්වීපයම කාන්තා අයිතීන් සුරකින 'මාපුටෝ ප්රඥප්තිය' (Maputo protocol) පිළිගෙන තිබියදීත් මෙවැනි තත්ත්වයක් පැවතීම කනගාටුදායක බව 'Equality Now' මානව හිමිකම් සංවිධානයේ නීතිඥ ජීන්-පෝල් මුරුන්ගා පවසයි.
"විවාහය යනු ස්ථිර ලිංගික අවසර පත්‍රයක් නොවෙයි. නිදහස් කැමැත්තකින් තොරව සිදුවන ඕනෑම ලිංගික එක්වීමක් ලිංගික ප්රචණ්ඩත්වයක්."
අයිවරි කෝස්ට්, ඉතියෝපියාව සහ දකුණු සුඩානය ඇතුළු රටවල් හතක, විවාහය තුළ සිදුවන බලහත්කාරකම් අපරාධයක් ලෙස නීතියෙන් පිළිගන්නේ නැත. ටැන්සානියාව සහ එරිත්‍රියාව වැනි රටවල මෙය වරදක් වන්නේ අඹුසැමියන් වෙන්ව ජීවත් වන්නේ නම් පමණි.
ළමා විවාහ නීත්‍යානුකූල වී ඇති ඇතැම් රටවල දැරියන්ට කිසිදු නීතිමය රැකවරණයක් නොමැත. උදාහරණයක් ලෙස ගැබොන් (Gabon) රාජ්‍යයේ යම් පුද්ගලයෙකු පැහැරගත් දැරියක විවාහ කරගතහොත්, එම විවාහය නීතියෙන් අවලංගු කරන තුරු ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැක.
සම්ප්රදාය සහ ආගමික මතවාදවල බලපෑම

විවාහ වූ පසු බිරිඳ සැමියාට ස්ථිර කැමැත්තක් ලබා දී ඇතැයි යන වැරදි මතය මෙම නීති පිටුපස පවතී. බොහෝ ප්‍රදේශවල ආගමික විශ්වාසයන් මගින් ද මෙම අදහස තවදුරටත් තහවුරු කරයි.
සියෙරා ලියොන්හි යොවුන් දැරියන් වෙනුවෙන් පෙනී සිටින 'A Girl At A Time' සංවිධානයේ නිර්මාතෘ අලිමාටු ඩිමොනෙකේන් පෙන්වා දෙන්නේ, විවාහය තුළ කැමැත්ත පිළිබඳ සංවාදයක් අප්‍රිකාව තුළ තවමත් ආරම්භ වී නොමැති බවයි.
බටහිර අප්‍රිකානු සමාජය තුළ විවාහයේදී මනාලියගේ පවුලට මුදල් හෝ දේපළ ගෙවීමේ සම්ප්රදාය (Bride price) නිසා බිරිඳ සැමියාගේ දේපළක් බවට පත්වේ. එතැන් පටන් සැමියාගේ කිසිදු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ඇයට අවසර නැත.
මේ හේතුවෙන් තමන්ට සිදුවන ලිංගික බලහත්කාරකම් අපරාධයක් ලෙස හැඳින්වීමට බොහෝ කාන්තාවන් මැලි වෙති. ඒ වෙනුවට ඔවුන් නිදහසට කරුණු සොයමින් හෝ තමන්ටම දොස් පවරා ගනිමින් නිහඬව සිටීමට පෙළඹී ඇත.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය
The Guardian - One in four women globally unable to refuse sex within marriage, says UN



