The Leader News
BREAKING
ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●
Top Ad
පුවත්

අලුතින් නැගෙනහිර පුරාවිද්‍යා බිම්වල ඉදි කරන්නේ බලාගෙනයි

T

The Leader Desk

March 31, 2022 • 1:35 AM

අලුතින් නැගෙනහිර පුරාවිද්‍යා බිම්වල ඉදි කරන්නේ බලාගෙනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ප්‍රදේශයේ ජීවත්වෙන ජනයා සමඟ සාකච්ජා නොකර පුරා විද්‍යා බිම් වල පිටස්තර පුද්ගලයන්ට ඉදි කිරීම් කිසිවක් කරන්න දෙන්නේ නැහැ.
  • ඒ වගේම ප්‍රදේශයේ ජිවත්වන ජනයාට ඔවුන්ගේ වගා කටයුතු වගේ දේට තහංචි දාන්නෙත් නැහැ.'' යැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග සහතික වී ඇත්තේ මුස්ලිම් කොංග්‍රස් නායකයා සමග පැවති සාකච්ජාවකදීය.
  • උතුරු නැගෙනහිර පුරාවිදු භූමිවල රජයේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම වලක්වා ලන්නට පළාත්වාසී ජනතාව විවිධ අවස්ථාවල විරෝධතා පවත්වා තිබේ.
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සහ පුරාවිද්‍යා කොමසාරිස් සමග පැවති සාකච්ජාවේදී තීරණය වී ඇත්තේ මින් ඉදිරියට මෙවැනි දේ නොවන්නට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන් ද දැනුවත් කිරීමටයි.
අකුරු ප්‍රමාණය (Font Size):



''ප්‍රදේශයේ ජීවත්වෙන ජනයා සමඟ සාකච්ජා නොකර පුරා විද්‍යා බිම් වල පිටස්තර පුද්ගලයන්ට ඉදි කිරීම් කිසිවක් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රදේශයේ ජිවත්වන ජනයාට ඔවුන්ගේ වගා කටයුතු වගේ දේට තහංචි දාන්නෙත් නැහැ.'' යැයි පුරාවිද්‍යා කොමසාරිස්  මහාචාර්ය අනුර මනතුංග සහතික වී ඇත්තේ මුස්ලිම් කොංග්‍රස් නායකයා සමග පැවති සාකච්ජාවකදීය.

උතුරු නැගෙනහිර පුරාවිදු භූමිවල රජයේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම වලක්වා ලන්නට පළාත්වාසී ජනතාව විවිධ අවස්ථාවල විරෝධතා පවත්වා තිබේ.

අම්පාර, පාලමුනේ, මුල්ලිමලේ ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් පිහිටුවීමට බෞද්ධ භික්ෂුන් හා තරුණයන් පිරිසක් ගත් උත්සාහය දෙවරක්ම ව්‍යවර්ථ වුයේ ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධය නිසායි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සහ පුරාවිද්‍යා කොමසාරිස් සමග පැවති සාකච්ජාවේදී තීරණය වී ඇත්තේ මින් ඉදිරියට මෙවැනි දේ නොවන්නට   ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන් ද දැනුවත් කිරීමටයි.

 

''මුස්ලිම් බහුතරයක් ඉන්න මේ ප්‍රදේශයට පිටස්තර පුද්ගලයන් ඇවිත් ඉදිකිරීම් කරන්න ගිහින් එතැන විශාල අර්බුදයක් මතු වෙලා තියෙනවා,'' යි මුස්ලිම් කොංග්‍රස් නායකයා මෙහිදී පෙන්වා දී තිබේ.

 

''මෙවැනි සිදුවීම් නිසා ප්‍රදේශයේ ජනයාගේ ජීවිතවලට හානි වෙනවා, සංස්කෘතියට බලපෑමක් වෙනවා''


අට්ටාලච්චේන ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයේ පිහිටි මුල්ලිමලේට මාර්තු 9 වැනිදා  පැමිණි බෞද්ධ භික්ෂුන් පිරිසක් බුදු පිළිමයක් වඩා හිඳුවන්නට සුදානම් වීමේදී ප්‍රදේශවාසින්ගෙන් විරෝධය එල්ලවිය.

 අට්ටාලච්චේන ප්‍රාදේශිය සභා සභාපති ඒ.එල්. අමනුල්ලා කියා සිටියේ මේ සදහා ප්‍රාදේශීය සභාවේ කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවයි.

 

මුල්ලිමලේ ඉඩමේ පුරාවිද්‍යා නටබුන් ඇති බවට පවසා සිංහල තරුණයන් පිරිසකගේ ආරක්ෂාව යටතේ යළිත් මාර්තු 14 වැනිදා පැමිණි මෙම භික්ෂුන් කණ්ඩායම බුදු පිළිමයක් තැන්පත් කිරීමට යාමේදී එදින ද නොසන්සුන් තාවයක් ඇතිවිය.

 

නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති එම්.එස් උදුමා ලෙබ්බේ ගේ නායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් එල්ල වූ අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසින් ඒ ගැන අම්පාර දිසා ලේකම් ජේ.එම්.ඒ. ඩග්ලස් වෙත දැනුම් දීමෙන් අනතුරුව තත්වය තාවකාලික සමථයකට පත්වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොතකා ඉදිකිරීම් කෙරෙතොත් ගන්නා පියවර කුමක්දැයි ප්‍රකාශයට පත්වී නැත.

ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ නායකත්වයෙන් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා යැයි පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය පළාතේ බහුවිධ ජන සංයුතිය නියෝජනය නොකර හුදෙක් සිංහල බෞද්ධ සාමාජිකත්වයකින් සමන්විත වීම නිසා දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටී.

new pc08sssp07old pc07

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...