The Leader News
BREAKING
Top Ad
පුවත්

එළඹෙන 11වන දින සිට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

T

The Leader Desk

August 7, 2025 • 5:34 AM

එළඹෙන 11වන දින සිට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංගමය මේ බව සඳහන් කරන්නේ එළඹෙන 11වන දින සිට ආරම්භ කිරිමට නියමිත දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගග පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.
  • මාධ්‍ය නිවේදනය වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ මේ වන විට වෛද්‍යවරුන් 23000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටින අතර එම වෛද්‍යවරුන්ගෙන් 98%කට වඩා ප්‍රමාණයක් අප සංගමයේ සාමාජිකයන්ය.
  • එම නිසා ආයතන සංග්‍රහයට අනුව වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල වල නිත්‍ය පාර්ශවකරුවෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංගමය මේ බව සඳහන් කරන්නේ එළඹෙන 11වන දින සිට ආරම්භ කිරිමට නියමිත දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගග පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.

2025.08.06
මාධ්‍ය නිවේදනය

වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය

ශ්‍රී ලංකාවේ මේ වන විට වෛද්‍යවරුන් 23000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටින අතර එම වෛද්‍යවරුන්ගෙන් 98%කට වඩා ප්‍රමාණයක් අප සංගමයේ සාමාජිකයන්ය. එම නිසා ආයතන සංග්‍රහයට අනුව වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල වල නිත්‍ය පාර්ශවකරුවෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරයි.

නමුත්, ස්ථාන මාරු මණ්ඩලවල එකඟතාවයෙන් තොරව හා අනීතික ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා ඒකකයේ අධ්‍යක්ෂවරිය කටයුතු කිරීම නිසා සමස්ත වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියත්, සමස්ත සෞඛ්‍ය සේවයත් දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.

1. 2025 ස්ථාන මාරු ලැයිස්තුව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව 2024 නොවැම්බර් මස ප්‍රකාශයට පත් විය යුතු වුවද, එය 2025 ජුලි මස තෙක් මාස 09 ක් ප්‍රමාද වීම.

2. එම ස්ථාන මාරු ලැයිස්තුව සකස් කිරීමේදි අභියාචනා ක්‍රියාවලිය අවභාවිතා කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත ලැයිස්තුවේ සඳහන් ස්ථාන 78 ක් ඉවත් කිරීම හා තමන්ට හිතවත් වෛද්‍යවරුන්ට නීති විරෝධි ලෙස නව පුරප්පාඩු විවෘත කර, එම ස්ථාන ඔවුනට ලබා දීම.

3. දුෂ්කර ස්ථාන වල සේවය කරන වෛද්‍යවරුන් අධෛර්යට පත් වෙන ආකාරයට සහ එම දුෂ්කර රෝහල් වැසී යන තත්ත්වයට පත් වීමට කටයුතු කිරීම.

4. පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් පුරප්පාඩු ලැයිස්තුව නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව අක්‍රමවත් හා අනීතික ආකාරයට සකස් කිරීම තුලින් සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට සැලැස්වීම.


ඉහත කරුණු සම්බන්ධයෙන් 2025.08.01 දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුණු අතර එහිදි මෙම ගැටළු සහ අක්‍රමිකතා පිළිගනිමින් මේවා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවුව ද නිශ්චිත විසඳුමක් මේ වනතුරු ලබා දීමට අසමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ අද දින පැවැත්වුණු අතර එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එතුමාගේද දැඩි විවේචනයට ලක් වූ අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟ විය.

මෙහිදි අදාල අධ්‍යක්ෂවරියට විරුද්ධව සියලු චෝදනා සහිත පැමිණිල්ලක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලබා දුන් අතර ඒ සඳහා විමර්ෂනයක් ආරම්භ කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිගැණිනි.

 

2025.08.05 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාවේදි ගත් තීරණයකට අනුව 2025.08.11 දින ආරම්භ වීමට නියමිත දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මුල් පියවර ලෙස සියළුම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් හා දුෂ්කර සේවා ස්ථාන වල වෛද්‍යවරුන් හෙට දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයට කැඳවීමටත්, එහිදි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටත් නියමිතය.

 

මේ හරහා බිඳවැටෙන සෞඛ්‍ය සේවාවන් වල වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් භාර ගත යුතු වන අතර ඖෂධ හිඟයෙන් පිඩාවට පත් රෝගී ජනතාව, වෛද්‍ය හිඟයක් ඇති කොට සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ දමා රෝහල් වැසි යාමේ අවදානමකට පත් වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

‍ස්තූතියි.
මීට විශ්වාසී,

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

gmoa 08 071

 gmoa 0807 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...