The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

තරුණයන්11 දෙනෙකු අතුරුදහන් කිරීම: හිටපු නාවික හමුදාපති ගැන අධිකරණය දුන් නියෝගය

T

The Leader Desk

April 30, 2026 • 10:47 AM

තරුණයන්11 දෙනෙකු අතුරුදහන් කිරීම: හිටපු නාවික හමුදාපති ගැන අධිකරණය දුන් නියෝගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ඔහු නැවත නඩුකරයට චුදිතයකු ලෙස ඇතුළත් කර චෝදනා පත්‍ර ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
  • කෙසේ වෙතත්, එම නිදහස් කිරීමට එරෙහිව අගතියට පත් පාර්ශවය කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර තීන්දු කර ඇත්තේ හිටපු මහේස්ත්‍රාත් ලබා දී ඇති එම නියෝගය දෝෂ සහගත බැවින් රවින්ද්‍ර විජේගුණරත්න යළිත් චුදිතයකු ලෙස නඩුවට ඇතුළත් කරන ලෙසය.
  • එමෙන්ම යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වීමට නීතිපතිවරයාට ඇති වගකීම පිළිබඳව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ඔහු නැවත නඩුකරයට චුදිතයකු ලෙස ඇතුළත් කර චෝදනා පත්‍ර ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙම නඩුවට අදාළව මීට පෙර කරුණු විමසීමේදී නීතිපති ලබා දුන් උපදෙස් මත හිටපු මහේස්ත්‍රාත් විසින් රවින්ද්‍ර විජේගුණරත්නව නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, එම නිදහස් කිරීමට එරෙහිව අගතියට පත් පාර්ශවය කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර තීන්දු කර ඇත්තේ හිටපු මහේස්ත්‍රාත් ලබා දී ඇති එම නියෝගය දෝෂ සහගත බැවින් රවින්ද්‍ර විජේගුණරත්න යළිත් චුදිතයකු ලෙස නඩුවට ඇතුළත් කරන ලෙසය.

එමෙන්ම යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වීමට නීතිපතිවරයාට ඇති වගකීම පිළිබඳව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු අවධාරණය කර ඇත.

හිටපු නාවික හමුදාපති සහ හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එරෙහිව ඇති ප්‍රධාන චෝදනා වන්නේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අධිකරණය මඟහරිමින් සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති සැකකරුට නාවික හමුදා නිවස්නය තුළ ආරක්ෂාව සැලසීම, අදාළ සැකකරුට නීතියෙන් බේරී රටින් පලායාමට අවශ්‍ය කටයුතු සූදානම් කර දීම යන චෝදනාය.

( lankatruth)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...