The Leader News
BREAKING
Top Ad
පුවත්

උතුරේ ලක්ෂ 11කගේ පණ රැකීමට මිලියන 300ක AI කැත් ලැබ් එකක් යාපනයට!

T

The Leader Desk

June 28, 2026 • 6:35 AM

උතුරේ ලක්ෂ 11කගේ පණ රැකීමට මිලියන 300ක AI කැත් ලැබ් එකක් යාපනයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවීන AI තාක්ෂණයෙන් ද සමන්විත මෙම වෛද්‍ය පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙන්ම අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය වැනි අවට ප්‍රදේශවල රෝගීන්ට ද කඩිනම් හෘද ප්‍රතිකාර සේවා සැපයීමට නියමිතය.
  • මෙම නව Cath Lab පහසුකම මඟින් විවෘත හෘද ශල්‍යකර්ම (Open-heart surgeries) සිදුකිරීමේ අවශ්‍යතාවය උපරිමයෙන් අවම කරමින්, රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබාදීමට මඟ පෑදේ.
  • දිවයින පුරා ව්‍යාපෘතිය පුළුල් කිරීම: සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම්වලට අනුව මෙම සමස්ත විශේෂ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී දිවයිනේ තවත් ප්‍රධාන රෝහල් ත්‍රිත්වයක මෙවැනිම අති නවීන AI තාක්ෂණයෙන් යුත් කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමට දැනටමත් සියලු කටයුතු සංවිධානය කර ඇත.
  • යාපනය ශික්ෂණ රෝහලේ පවතින සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව රෝහල් පරිපාලනය සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා වන සැලසුම්ගත වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී අවශ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාවය අවම කරන අවම ශල්‍ය මැදිහත් වීම් (Cath Lab) යාපනයේදීම
 
"උතුරේ රෝහල්වල කාර්ය මණ්ඩල හිඟය කඩිනමින් පියවීමට පියවර ගන්නවා" - අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්
 

උතුරු පළාතේ වෙසෙන ලක්ෂ 11කට අධික ජනතාවට හෘද රෝග සම්බන්ධ විශේෂිත ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා තමන්ගේම පළාත තුළදීම ලබාගැනීමේ අවස්ථාව සලසමින්, යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ රුපියල් මිලියන 300ක අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය (Cath Lab) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) විවෘත කෙරිණි.

නවීන AI තාක්ෂණයෙන් ද සමන්විත මෙම වෛද්‍ය පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙන්ම අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය වැනි අවට ප්‍රදේශවල රෝගීන්ට ද කඩිනම් හෘද ප්‍රතිකාර සේවා සැපයීමට නියමිතය.

මීට පෙර උතුරු පළාතේ සංකීර්ණ හෘද රෝගීන් කොළඹ හෝ මහනුවර වැනි දුරස්ථ ප්‍රධාන රෝහල් වෙත මාරු කර යැවීමට සිදුවීම නිසා රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළ මට්ටමක පැවතුණි. මෙම නව Cath Lab පහසුකම මඟින් විවෘත හෘද ශල්‍යකර්ම (Open-heart surgeries) සිදුකිරීමේ අවශ්‍යතාවය උපරිමයෙන් අවම කරමින්, රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබාදීමට මඟ පෑදේ.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කරුණු 3ක්

සපයන ජීවිතාරක්ෂක සේවා:
මෙම අති නවීන ඒකකය තුළින් කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ (Angiography), ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර (Angioplasty), ස්ටෙන්ට් තැන්පත් කිරීම්, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම් මෙන්ම හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා වන විශේෂ පරීක්ෂණ ඇතුළු සියලුම නවීන වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක වේ.

මිලියන 30ක අතිරේක උපකරණ තොගයක්:
රෝහල් නිරීක්ෂණ චාරිකාව අතරතුරදී අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුත් 'ඉකෝ' (Echocardiogram) යන්ත්‍රයක්, Sucker, Multi Monitor, Syringe Pump, Infusion Pump ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් සහ රෝද පුටු තොගයක් යාපනය රෝහල් පරිපාලනය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

දිවයින පුරා ව්‍යාපෘතිය පුළුල් කිරීම:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම්වලට අනුව මෙම සමස්ත විශේෂ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී දිවයිනේ තවත් ප්‍රධාන රෝහල් ත්‍රිත්වයක මෙවැනිම අති නවීන AI තාක්ෂණයෙන් යුත් කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමට දැනටමත් සියලු කටයුතු සංවිධානය කර ඇත.
 
යාපනය ශික්ෂණ රෝහලේ පවතින සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව රෝහල් පරිපාලනය සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා වන සැලසුම්ගත වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී අවශ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

 lab 1

 lab 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...