GoHomeGota 2022 ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් මණ්ඩලය PlanB කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට තීන්දුකර තිබේ.

ඒ අනුව GoHomeGota 2022 ෆේස්බුක් සමූහයහි ඇඩ්මින් මණ්ඩලය හා PlanB කණ්ඩායම අප්‍රේල් 08 වන දින වීඩියො පටයක් සමාජ ජාලා වෙත මුදාහරිමින් කියා සිටියේ, වත්මන් ජන අරගලයට එක්ව සිටින කිසිවකු කිසිඳු ලෙසකින් ප්‍රචණ්ඩ ක්‍රියාවලය අනුබල නොදෙන ලෙසයි.

මෙම අරගලයේදී සිදුවන මර්දනයෙදී විරෝධතාකරුවන් ආරක්ෂා කර ගැනීමට GoHomegota 2022 ෆේස්බුක් සමූහයහි ඇඩ්මින් මඩුල්ල සමග ප්‍රසිද්ධ සාකච්ඡාවකට ආ බවත් මෙම ඔවුන්ගේ අනන්‍යතාවය නිරාවරණය කිරීමටත් ගත් උත්සහයක් බව PlanB කණ්ඩායම කියා සිටි.

GoHomeGota 2022 ෆේස්බුක් සමූහයහි ඇඩ්මින් මණ්ඩලය නියෝජනය කරමින් හේෂිත හිරුෂාන්, දිනුෂා සිරිවර්ධන හා කෞශල මධුමාල් මධුමාල් සම්බන්ධ වූ අතර PlanB කණ්ඩායමෙන් මහීල් බණ්ඩාර, භාග්‍යා සෙනෙවිරත්න හා කිත්සර ගුණරත්න සම්බන්ධ විය.

තමන් පුද්ගලිකව මුහුණ දුන් සිත්තැවුල් හා කම්පා නිසාත් තම තරුණ සිහින බොද වීමේ ඛේදවාචකය නිසාත් කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත් වීමකින් තොරව තරුණ තරුණියන් එක්ව ආරම්භ කල ෆේස්බුක් සමූහක් බව ඇඩ්මින් මඩුල්ල කියා සිටි අතර ඔවුන් තම සාමාජිකයන් වෙත අවධාරණය කර කියා සිටියේ මෙම අරගලය සාමකාමී අරගලයක් බවයි.

මේ අරගලය ලේ කදුලු හා විලාපයන් මත අවසන් වුවොත් මෙහි ජයග්‍රහණයක් නොමැති බවත් තනි පුද්ගලයෙකු මත කරන අරගලයක් නොව අවුරුදු 74ක මලගමක් වූ Plan එකට විරුද්ධව කරන අරගලක් බවත් PlanB කණ්ඩායම ද අවධාරණය කර සිටි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන '# සැබෑ දේශප්‍රේමියෝ' මෙහෙයුම ආරම්භකළ මොහොතේ එහි ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි මහීල් බණ්ඩාර ඇතුළු පිරිසක් මංගලගේ අභාවයෙන් පසුව  PlanB නමින් තරුණ සමුහිකයක් ආරම්භ කළේය.
 

 
 

 

 
 
TH2
The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image