ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන දෙමළ දේශපාලන පක්‍ෂ හයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, මතුව ඇති නොසන්සුන්කාරී වටපිටාව සමනය කිරීමටත්, මොහොතින් මොහොත උග්‍ර වන ආර්ථික අර්බුදය පාලනය කිරීමටත්, ජන ජීවිතය නිසි පරිදි ගෙන යාමට ඉඩ සැළසීමටත් දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින්, පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ක්‍රමයකට මාරු වීම එකම විසදුම බවයි.
මතුව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වන්නේ තනි පුද්ගලයෙකු විසින් රටේ පාලන බලය අතට ගෙන සිටීම බව ඉලංගෙයි තමිල් අරසු නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන්, තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන්.ශ්‍රීකාන්තා ඇතුළු පක්‍ෂ නායකයන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
''ලංකා ඉතිහාසයේ පළමු වරට ආර්ථික ප්‍රශ්න උග්‍ර වීම නිසා සෑම කොටසකගේම දෛනික ජීවිතය කඩා වැටී තිබේ. ඒ නිසා මතුව ඇති ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ විශේෂයෙන් සෞඛ්‍ය, ආහාර හා අධ්‍යාපනයට විසදුම් ඉල්ලා දස දහස් ගණන් ජනතාව වීදි බැස උද්ඝෝෂණ අරඹා ඇත.''
ආණ්ඩුව හා අනෙකුත් දේශපාලන පක්‍ෂ මෙම තත්වය නිසි අයුරින් තේරුම් නොගෙන ක්‍රියා කරන්නේ නම් සම්පුර්ණයෙන්ම රට අරාජික වන බව එම පක්‍ෂ හයේ නායකයෝ පෙන්වා දෙති.
''ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් නොමැති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කාලය එළඹ තිබේ. එන නිසා එය අහෝසි කර දමා පාර්ලිමේන්තු ක්‍රමය නැවත පිහිටුවිය යුතුයි.''
දේශපාලන අර්බුදය විසඳීමට දෙමළ පක්‍ෂ 06කින් යෝජනා
T
The Leader Desk
April 12, 2022 • 11:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''ලංකා ඉතිහාසයේ පළමු වරට ආර්ථික ප්‍රශ්න උග්‍ර වීම නිසා සෑම කොටසකගේම දෛනික ජීවිතය කඩා වැටී තිබේ.
- ''ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් නොමැති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කාලය එළඹ තිබේ.
- එන නිසා එය අහෝසි කර දමා පාර්ලිමේන්තු ක්‍රමය නැවත පිහිටුවිය යුතුයි.''
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


