The Leader News
BREAKING
Top Ad
පුවත්

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

T

The Leader Desk

April 16, 2022 • 10:42 AM

 'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල ජනයා 69 ලක්ෂයකගේ ජන්දයෙන් ජය ගත් බවට උදම් ඇනු සිංහල ජනාධිපතිවරයාට අද ඉල්ලා අස්වෙන ලෙස විදී බැස සටන් කරන්නේ ඔහුට ජන්දය ලබා දුන් එම ජනතාවම බව P2P අවධාරණය කරයි.
  • සිංහල දේශයේ කිනම් අයුරකින් ආණ්ඩු වෙනස්වුවද දෙමළ ජනතාවට කිසිදු යහපතක් නොවන බවට එම සංවිධානය බිය පල කරයි.
  • ''අපිට මේ අද පවතින අර්බුදය අලුත් දෙයක් නොවේ.
  • එසේ ආර්ථික සහන සලසන අතරේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් ලබා දීමට ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස එම සංවිධානය ඉන්දියාවෙන් ඉල්ලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දී තිබේ.

දෙමළ, මුස්ලිම් හා කඳුකර දෙමළ ජනයාගේ ඉල්ලීම් රැගෙන පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා කිලෝමීටර් 700ක් පාද යාත්‍රාව දියත් කළ P2P සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, දෙමළ ජනයාට එරෙහිව යුද්ධ කිරීමට ගත් ණය හේතුවෙන් මතු වූ ආර්ථික බිඳවැටීම අද වන විට දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි.

සිංහල ජනයා 69 ලක්ෂයකගේ ජන්දයෙන් ජය ගත් බවට උදම් ඇනු සිංහල ජනාධිපතිවරයාට අද ඉල්ලා අස්වෙන ලෙස විදී බැස සටන් කරන්නේ ඔහුට ජන්දය ලබා දුන් එම ජනතාවම බව P2P අවධාරණය කරයි.

සිංහල දේශයේ කිනම් අයුරකින් ආණ්ඩු වෙනස්වුවද දෙමළ ජනතාවට කිසිදු යහපතක් නොවන බවට එම සංවිධානය බිය පල කරයි.



''සිංහල පාලකයන් කවුරු බලයට පැමිණියත්, අපේ අයිතිවාසිකම් උදුරා ගන්නවා. අපේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා. අපේ සම්පත් සුරාකනවා පමණක් නොව අපේ ප්‍රදේශවල ජන සංයුතිය වෙනස් කිරීමට ද ඔවුන් පසුබට වන්නේ නෑ.''


හින්දු පූජක වේලන් ස්වාමි, සබාරත්නම් සිවයෝගනාදන් සහ කන්දයියා ජෙගනාදන් නම් දෙමළ සමාජ ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වෙන්නේ ආර්ථික අර්බුදයට මෙන්ම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නැවත දිනා ගැනීම වෙනුවෙන් දියත් කර ඇති සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

''අපිට මේ අද පවතින  අර්බුදය අලුත් දෙයක් නොවේ. වසර 20 කට වැඩි කලක් අප දිවි ගෙවුයේ විදුලිය, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් නොමැතිව ආර්ථික තහංචි මැදය.''

දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධයට ආණ්ඩුව ලබා ගත් විදේශීය ණය හේතුවෙන් කරවටක් එරී තිබෙන ආර්ථිකයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දීය මධ්‍යම හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩු ආර්ථික සහන ලබා දී ඇති බවට P2P සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එසේ ආර්ථික සහන සලසන අතරේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් ලබා දීමට ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස එම සංවිධානය ඉන්දියාවෙන් ඉල්ලයි.

''සිංහල ජනතාව සිය පරිපාලනය වෙනස් කිරීමට කරන සටන දෙස දෙමළ ජනතාව බැලිය යුත්තේ ඉතාමත් කල්පනාකාරීවය. අද පවතින පසුබිම නිර්මාණයට හේතු නොසොයා පුද්ගලයන් වෙනස් කිරීම පමණක් අනුමත කළ නොහැක.''

''දිනෙන් දින දෙමළ ජනතාව විනාශය කරා තල්ලු කිරීම නවත්වා, සිංහල ජනතාව විසින් දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමේ යුක්ති සහගත සටන පිළිගත යුතුය.''

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ | The Leader