The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

ගෝටාගෝගම’ මර්දනයට සැරසුනොත් බලාගෙනයි - වෘත්තීය සමිති

T

The Leader Desk

April 17, 2022 • 9:45 AM

ගෝටාගෝගම’ මර්දනයට සැරසුනොත් බලාගෙනයි - වෘත්තීය සමිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සාහයට එරෙහිව නැගී සිටීමට වෘත්තීය සමිතිවලට කැඳවීමක් කර තිබේ.
  • නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් අද දින නිකුත් කර ඇති නිවේදනයකින් කර ඇති එම කැඳවීම පහතින්.
  • “ඊයේ උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ කිහිපයක් නවතා තැබීම, දින 07 ක් පුරා ගාලු මුවදොර පිටියේ ඉතා සාමකාමී ලෙස තරුණ පිරිස් පවත්වා ගෙන යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුව සැළසුම් කරන බව ප්‍රදර්ශනය කෙරුණකි.
  • ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිල වශයෙන්ම සහ තවත් සංවිධාන කිහිපයක් ආණ්ඩුවේ මෙම මර්දනකාරී පියවරට වහා විරෝධය පල කිරීම නිසා එම පොලිස් ට්‍රක් රථ ඉවත්කරගෙන ඇති බව පසුව දැන ගන්නට ලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහයට එරෙහිව නැගී සිටීමට වෘත්තීය සමිතිවලට කැඳවීමක් කර තිබේ.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් අද දින නිකුත් කර ඇති නිවේදනයකින් කර ඇති එම කැඳවීම පහතින්.  

“ඊයේ උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ කිහිපයක් නවතා තැබීම, දින 07 ක් පුරා ගාලු මුවදොර පිටියේ ඉතා සාමකාමී ලෙස තරුණ පිරිස් පවත්වා ගෙන යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුව සැළසුම් කරන බව ප්‍රදර්ශනය කෙරුණකි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිල වශයෙන්ම සහ තවත් සංවිධාන කිහිපයක් ආණ්ඩුවේ මෙම මර්දනකාරී පියවරට වහා විරෝධය පල කිරීම නිසා එම පොලිස් ට්‍රක් රථ ඉවත්කරගෙන ඇති බව පසුව දැන ගන්නට ලැබිණ.

 

සියලු පුරවැසියනට තනිව හා සාමුහිකව සාමකාමී ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, තමන් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට බැඳි සිටින්නේ යැයි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති දිවුරුම් දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු මූලික අයිතියකි. ඒ අයිතිය භාවිත කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න තීන්දු කරන්නේ එසේ අදහස් ප්‍රකාශ කිරීමට සහභාගීවන පුරවැසියන් ය. එය විරෝධයක් ලෙස ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අයිතියක් ඇත.

 

ඡන්දයෙන් පත් කරනු ලැබු ආණ්ඩුවකට එහි ක්‍රියාකාරීත්වය ජනතා විරෝධී යැයි සහ එනිසා එයට ඉල්ලා අස්වන්නට යැයි කීමේ අයිතිය ද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි.

එනිසා ගාලු මුවදොර පිටියේ ගොනුවන ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් එය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා සියලු පියවර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය කොන්දේසි විරහිතව හෙළා දකින අතර ආණ්ඩුව එවැනි මර්දනාකාරී පියවර ඉදිරියේදී ගතහොත් ඊට පූර්ණ ලෙස විරුද්ධ වන්නට සියලු වෘත්තීය සමිති සහ ජන සංවිධාන සාමුහිකව ඉදිරිපත් විය යුතු යැයි අපි ඉල්ලා සිටිමු.”

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...