The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

ගෝල්ෆේස් සටනට උතුරේ අම්මලාගෙන් පණිවිඩයක්

T

The Leader Desk

April 18, 2022 • 11:59 AM

ගෝල්ෆේස් සටනට උතුරේ අම්මලාගෙන් පණිවිඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර දෙමළ මව්වරු උදාවූ අලුත් අවුරුද්දේත් සිය උද්ඝෝෂණය අත්හැර නොදැමූහ.
  • සිය අඛණ්ඩ විරෝධතාවේ 1881 දිනය අලුත් අවුරුදු දිනයේදී සනිටුහන් කළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් අනතුරුව වව්නියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෙමළ ජනයාට යුක්තිය ඉටු කරගැනීමට නම් මෙම අවස්ථාවේදී ආණ්ඩුව සමග කේවල් කළ යුතු බවයි.
  • සිංහල තරුණයන්ගේ උද්ඝෝෂණවලට දෙමළ තරුණයන් සහභාගී වුවද ඉන් ඒකීය රාජ්‍ය තවත් තහවුරු වනවා විනා දෙමළ ජනයාට කිසිදු යහපතක් නොවන බවට රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.
  • මේකෙන් වෙන්නේ ඒකීය රාජ්‍ය ශක්තිමත් වෙන එක විතරයි,''යැයි වව්නියා දිස්ත්‍රික් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් එම්.රාජ් කුමාර් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැගෙනහිර දෙමළ මව්වරු උදාවූ අලුත් අවුරුද්දේත් සිය උද්ඝෝෂණය අත්හැර නොදැමූහ.

සිය අඛණ්ඩ විරෝධතාවේ 1881 දිනය අලුත් අවුරුදු දිනයේදී සනිටුහන් කළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් අනතුරුව වව්නියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෙමළ ජනයාට යුක්තිය ඉටු කරගැනීමට නම් මෙම අවස්ථාවේදී ආණ්ඩුව සමග කේවල් කළ යුතු බවයි.

සිංහල තරුණයන්ගේ උද්ඝෝෂණවලට දෙමළ තරුණයන් සහභාගී වුවද ඉන් ඒකීය රාජ්‍ය තවත් තහවුරු වනවා විනා දෙමළ ජනයාට කිසිදු යහපතක් නොවන බවට රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.

 

''සිංහල තරුණයන් කොළඹ කරන උද්ඝෝෂණ වලට දෙමළ තරුණයෝ එකතු වුණා කියලා දෙමළ ජනතාවට නම් කිසිම සෙතක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ඒකීය රාජ්‍ය ශක්තිමත් වෙන එක විතරයි,''යැයි වව්නියා දිස්ත්‍රික්  අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් එම්.රාජ් කුමාර් පවසයි.

 

''කොළඹදී සිංහල දෙමළ ජනතාව එකමුතුව ඉන්නවා කියා, ලංකාවට විරුද්ධව තියෙන යුද අපරාධ වලින් නිදහස් වෙන්න තමයි මේ හදන්නේ.''

අතුරුදහන් කළවුන්ගේ ඥාතින් පෙන්වා දෙන්නේ මුල්‍ය අර්බුදය හා ආහාර හිඟය මගින් වඩාත් උත්සන්න වී ඇති ආර්ථික ගැටලුව හේතුවෙන් ලබා ගත් විදෙස් ණය ගෙවා ගැනීමටද නොහැකි ලෙස ලංකාව බංකොලොත් වී ඇති බවයි.

''ලංකාවේ ඉදිරි කාලය තීරණ කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඇමෙරිකාව, ඉන්දියාව, සහ යුරෝපා සංගමය. ඔවුන්ගේ අතේ තමයි ලංකාවේ අනාගතය රැඳී තියෙන්නේ. දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ රටවල් හා සංවිධාන එක්ක දෙමළ ජනතාව සඳහා නිදහස් පරිපාලන ඒකකයක් ගැන කේවල් කළ යුතුයි.''

 
22 6257f235a4692

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...