The Leader News
BREAKING
Top Ad
පුවත්

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

T

The Leader Desk

April 20, 2022 • 8:03 AM

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනඥයකු අවධාරණය කර තිබේ.
  • ආණ්ඩුව මේ සිංහ කොඩිය යොදා ගෙන තමයි ජාතිවාදය ආගම්වාදය පතුරුවමින් ඉන්නේ,''යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සභා කුගදාස් පවසයි.
  • මන්නාරම් දුපතේ මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ සිංහ ධජ රැගෙන රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණේ අරගලකරුවන් සමග එක්ව සටන් කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නොහැකි බවයි.
  • ''සිංහ කොඩිය අපිට පේන්නේ ආක්‍රමණික කොඩියක් විදිහටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලනඥයකු අවධාරණය කර තිබේ.

''අපිට සිංහ කොඩිය ගැන පිළිකුලක් නැහැ. ඒත් ඒක පාවිච්චි කරන විදිහ ගැන තමයි අපිට කණගාටුව තියෙන්නේ. ආණ්ඩුව මේ සිංහ කොඩිය යොදා ගෙන තමයි ජාතිවාදය ආගම්වාදය පතුරුවමින් ඉන්නේ,''යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සභා කුගදාස් පවසයි.

 මන්නාරම් දුපතේ මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ සිංහ ධජ රැගෙන රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණේ අරගලකරුවන් සමග එක්ව සටන් කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නොහැකි බවයි.

''සිංහ කොඩිය අපිට පේන්නේ ආක්‍රමණික කොඩියක් විදිහටයි. අපේ ඉඩම් අත්පත් කරගන්න, අපේ දේශය අත්පත් කර ගත්තු දෙයක් විදිහටයි.''

 ''රටේ ජිවත් වෙන හැමෝටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒවාට එරෙහිව හඬ නගන්න ඕනෑ.''

 

FB IMG 1613560246881 1

හිටපු මන්ත්‍රී සභා කුගදාස්

 

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කුගදාස් පවසන්නේ මෙරට ජාතියක් ලෙස ජීවත්වෙන දෙමළ ජනයාට සමාන ලෙස සැලකීමට මෙතෙක් ආණ්ඩු කළ කිසිදු සිංහල නායකයෙකු ඉදිරිපත්ව නොමැති බවයි.


''දෙමළ ජනතාව කෙතරම් ඉල්ලීම් කළත් සම අයිතීන් ලබා දෙන්නේ නැහැ මේ පාලකයෝ. සිංහල ජනයා සමග එකට සටන් කරන්න නම් ඔවුන් පළමුව දෙමළ ජනයාට සිදුව තියෙන අසාධාරණය තේරුම් ගෙන පිළිගන්න ඕනෑ. සම අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් තහවුරු කරන තෙක් මේ රට ගොඩ නගන්න බැහැ.''


.
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...