රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට බැසිල්වාදීන්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි
වාර්තාවේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු (13) කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) දිනයේ ජනාධිපතිවරයා හමුවී නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.
මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසකි.
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ , කුමාරසිරි රත්නායක, කේ පී එස් කුමාරසිරි, රාජිකා වික්‍රමසිංහ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල , අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල ඇතුළු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු මෙම ලිපියට අත්සන් තබා ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති ලිපිය මගින් අවධාරණය කර තිබේ.
මෙම ඉල්ලීම ඇතුලත් ලිපිය ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත්කිරීමට නියමිතව තිබියදී, එම ලිපිය මාධ්‍යවෙත නිකුත් කිරීමට පෙර අගමැතිවරයා හමුවන්නැයි අගමැති කාර්යාලයෙන් ලැබුන දැනුම්දීමක් අනුව එම මන්ත්‍රීවරුන් 13 දෙනා අද (21) පෙරවරුවේ අගමැතිවරයා හමුවීමට නියමිතය.
ඒ අතර එම ලිපියට අත්සන කල තිබු කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රීක්ක නියෝජනය කර මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට බැසිල්වාදී හිටපු අමාත්‍යවරයකු තර්ජනය කර තිබේ. ඒ, ජනාධිපතිවරයාට ලබාදී ඇති ලිපිය මාධ්‍යවල පළවීමට පෙර ඔවුන් දෙදෙනාගේ අත්සන් ඉවත්කර ගන්නා ලෙස බලපෑම් කරමිනි.
The Leader TV අද වීඩියෝ
රඹුක්කන වෙඩි අණ පිටුපස දේශපාලඥයෙක්! | පුවත් විකාශය !
විද්දේ හාවට වැදුනේ පඳුරට? | මොණරවිලගේ ලියමන