The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති හමුවූ පොහොට්ටු මන්ත්‍රීවරු 13කට බැසිල්වාදීන්ගෙන් තර්ජන !

T

The Leader Desk

April 21, 2022 • 3:51 AM

  ජනාධිපති හමුවූ පොහොට්ටු මන්ත්‍රීවරු 13කට බැසිල්වාදීන්ගෙන් තර්ජන !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට බැසිල්වාදීන්ගෙන් තර්ජන එල්ලවී ඇතැයි
  • මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසකි.
  • මෙම ඉල්ලීම ඇතුලත් ලිපිය ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත්කිරීමට නියමිතව තිබියදී, එම ලිපිය මාධ්‍යවෙත නිකුත් කිරීමට පෙර අගමැතිවරයා හමුවන්නැයි අගමැති කාර්යාලයෙන් ලැබුන දැනුම්දීමක් අනුව එම මන්ත්‍රීවරුන් 13 දෙනා අද (21) පෙරවරුවේ අගමැතිවරයා හමුවීමට නියමිතය.
  • ඒ, ජනාධිපතිවරයාට ලබාදී ඇති ලිපිය මාධ්‍යවල පළවීමට පෙර ඔවුන් දෙදෙනාගේ අත්සන් ඉවත්කර ගන්නා ලෙස බලපෑම් කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තාවේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු (13) කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) දිනයේ ජනාධිපතිවරයා හමුවී නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.

මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසකි.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ , කුමාරසිරි රත්නායක, කේ පී එස් කුමාරසිරි, රාජිකා වික්‍රමසිංහ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල , අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල ඇතුළු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු මෙම ලිපියට අත්සන් තබා ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.



අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති ලිපිය මගින් අවධාරණය කර තිබේ.



මෙම ඉල්ලීම ඇතුලත් ලිපිය ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත්කිරීමට නියමිතව තිබියදී, එම ලිපිය මාධ්‍යවෙත නිකුත් කිරීමට පෙර අගමැතිවරයා හමුවන්නැයි අගමැති කාර්යාලයෙන් ලැබුන දැනුම්දීමක් අනුව එම මන්ත්‍රීවරුන් 13 දෙනා අද (21) පෙරවරුවේ අගමැතිවරයා හමුවීමට නියමිතය.

ඒ අතර එම ලිපියට අත්සන කල තිබු කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රීක්ක නියෝජනය කර මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට බැසිල්වාදී හිටපු අමාත්‍යවරයකු තර්ජනය කර තිබේ. ඒ, ජනාධිපතිවරයාට ලබාදී ඇති ලිපිය මාධ්‍යවල පළවීමට පෙර ඔවුන් දෙදෙනාගේ අත්සන් ඉවත්කර ගන්නා ලෙස බලපෑම් කරමිනි.

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...