The Leader News
BREAKING
Top Ad
පුවත්

බඩු මිළ අඩු උනත් 'දෙමළ ජනතා සටන නිම වන්නේ නෑ'

T

The Leader Desk

April 27, 2022 • 5:55 AM

බඩු මිළ අඩු උනත් 'දෙමළ ජනතා සටන නිම වන්නේ නෑ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිතීන් පිළිගන්නා ලෙස දෙමළ දේශපාලන සංවිධානයක් දකුණේ අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.
  • ඒ ගැන අවධානය යොමු කරන්නේවත් නැහැ,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසයි.
  • මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජිවන වියදම ඉහල යාමට එරෙහිව සිංහල ජනයාගේ සටන සාධාරණ බවයි.
  • එහෙත් දෙමළ ජනයාගේ අයිතීන් තහවුරු කිරීම ගැන සහතිකයක් අවශ්‍ය බවද ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අයිතීන් පිළිගන්නා ලෙස දෙමළ දේශපාලන සංවිධානයක් දකුණේ අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.

''සිංහල ජනයා සටන් කරන ඩීසල්, ගෑස්, පෙට්ට්‍රල්, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුවෙලා, මිලදී ගන්න පුළුවන් විදිහට සාමන්‍ය පරිදි ඒවා වෙළඳ පොලට ආවොත්, දැන් විදී වල සටන් කරන සිංහල මිනිස්සු ගෙදර යයි. එතකොට සිංහල ජනයාට තියෙන ප්‍රශ්න ඉවරයි. එතකොට ඒ සටනට සහාය දෙන්න යන උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ නැහැ. ඒ ගැන අවධානය යොමු කරන්නේවත් නැහැ,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජිවන වියදම ඉහල යාමට එරෙහිව සිංහල ජනයාගේ සටන සාධාරණ බවයි. එහෙත්  දෙමළ ජනයාගේ අයිතීන් තහවුරු කිරීම ගැන සහතිකයක් අවශ්‍ය බවද ඔහු පවසයි.

 

''මේ සටනට දෙමළ ජනයාත් සහයෝගය දෙනවා. අවුරුදු තිහක යුද්දෙනුත් ඉන් පස්සේ ගෙවුණු අවුරුදු 12 ක කාලයේත් දෙමළ ජනයා මුහුණ දුන් කටුක අත්දැකීම් බොහොමයි.''

 

''අපි සටන් කරන්නේ කිනම් වේලාවකදී ද, සටන් කරන්නේ කොහොමද, සටනට සහාය දෙන්න ඕනේ කොහොමද කියලා දෙමළ ජනතාවට කවුරුවත් කියා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම රාජපක්ෂලාට එරෙහි සිංහල ජනයාගේ සටනට දෙමළ මිනිස්සු සහාය දෙන්නම ඕනේ කියලා කවුරුත් බලපෑම් කරන්න අවශ්‍යත් නැහැ.''

දෙමළ ජනයාගේ දේශපාලන නිදහස උදෙසා වූ අරගලයට වසර හැත්තෑවකටත් වඩා දිගු ඉතිහාසයක් ඇති බවද EPRLF ලේකම්වරයා සඳහන්කරයි.

''ජාතිවාදී ආකල්ප වලින් තොරව ආර්ථික අර්බුදයට පාදක වූ හේතු මොනවාද කියා සොයා බැලිය යුතුයි.''

ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂ පවුලේ වංචා දුෂණ පමණක්ම නොවන බව පවසන සිවශක්ති ආනන්දන් පෙන්වා දෙන්නේ සිංහල දේශපාලනඥයන් බහුතරයකට වංචා දුෂණ පැමිණිලි තිබෙන බවයි.


සබැඳි පුවත් :


ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

දේශපාලන අර්බුදය විසඳීමට දෙමළ පක්ෂ 06කින් යෝජනා

 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
.
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...