රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන දකුණේ අරගලකරුවන් ගාලු මුවදොර පිටිය අල්ලා ගෙන සිටියදී

රජයේ ආරක්ෂක අංශ විසින් නොනවත්වා කරගෙන යන උතුරේ පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීමක් පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය සංගානෙයි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පොන්නාලෙයි හංදියේ පිහිටි පෞද්ගලික ඉඩමක් නාවික හමුදාවට බලහත්කාරයෙන් අයිති කරගැනීමට දැරෑ උත්සාහයක් පසුබස්වන්නට අප්‍රේල් 26 වැනි අගහරුවාදා ප්‍රදේශවාසීන් සමග එක්වු දේශපාලනඥයන් සමත් වු බවයි.

ඉඩමේ හිමිකරු මුත්තුකුමාරසාමි විනාසිතම්බි පවසන ආකාරයට තමන්ට අයිති අක්කර බාගයක ඉඩමේ උතුරේ යුද්ධය දියත් වු සමයේ නාවික හමුදාව විසින් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

එම ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස තමන් වසර හයක කාලයක සිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත් අවස්ථා ගණනාවකදී කළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පවසන මුත්තුකුමාරසාමි විනාසිතම්බි අවධාරණය කරන්නේ, එම ඉඩම නාවික හමුදාවට පවරා දෙන ලෙසත් එහි වවිනාකම ගෙවීමට සුදානම් බවටත් සංගානෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මීට වසරකට පෙර  තමන්ට ලිපියක් ලැබුන බවයි.

ඉඩම පවරා දී මුදල් ලබා ගැනීමට තමන් කිසිදු සුදානමක් නොමැති බව ලිඛිතවම දන්වා තිබියදීත් ඊයේ දිනයේ නාවික හමුදාව ඉඩම මැන වැට සකස් කිරීම සදහා මිනින්දෝරු නිලධාරීන් කැදවා තිබු බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඉඩම් හිමියාගේ සහයට පැමිණි ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන්ගේ විරෝධය හමුවේ ඉඩම මැනීම අතහැර දමන්නට මිනින්දෝරු නිලධාරීන්ට සිදුවු බවයි.

උතුරේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයන්  රැසක්ම පසුගිය වසරේ උතුරෙන් වාර්තා වී තිබුනි.

jaffna land army 1

jaffna land army 2

jaffna land army 3

 

 

 


 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්