The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

ආණ්ඩුව පිලට වැටී සිටිද්දී උතුරේ ඉඩම් අල්ලන්න ගිය හමුදා පසුබසී

T

The Leader Desk

April 27, 2022 • 5:58 PM

 ආණ්ඩුව පිලට වැටී සිටිද්දී උතුරේ ඉඩම් අල්ලන්න ගිය හමුදා පසුබසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ආරක්ෂක අංශ විසින් නොනවත්වා කරගෙන යන උතුරේ පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීමක් පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය සංගානෙයි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පොන්නාලෙයි හංදියේ පිහිටි පෞද්ගලික ඉඩමක් නාවික හමුදාවට බලහත්කාරයෙන් අයිති කරගැනීමට දැරෑ උත්සාහයක් පසුබස්වන්නට අප්‍රේල් 26 වැනි අගහරුවාදා ප්‍රදේශවාසීන් සමග එක්වු දේශපාලනඥයන් සමත් වු බවයි.
  • ඉඩම පවරා දී මුදල් ලබා ගැනීමට තමන් කිසිදු සුදානමක් නොමැති බව ලිඛිතවම දන්වා තිබියදීත් ඊයේ දිනයේ නාවික හමුදාව ඉඩම මැන වැට සකස් කිරීම සදහා මිනින්දෝරු නිලධාරීන් කැදවා තිබු බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ ආරක්ෂක අංශ විසින් නොනවත්වා කරගෙන යන උතුරේ පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීමක් පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය සංගානෙයි ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පොන්නාලෙයි හංදියේ පිහිටි පෞද්ගලික ඉඩමක් නාවික හමුදාවට බලහත්කාරයෙන් අයිති කරගැනීමට දැරෑ උත්සාහයක් පසුබස්වන්නට අප්‍රේල් 26 වැනි අගහරුවාදා ප්‍රදේශවාසීන් සමග එක්වු දේශපාලනඥයන් සමත් වු බවයි.

ඉඩමේ හිමිකරු මුත්තුකුමාරසාමි විනාසිතම්බි පවසන ආකාරයට තමන්ට අයිති අක්කර බාගයක ඉඩමේ උතුරේ යුද්ධය දියත් වු සමයේ නාවික හමුදාව විසින් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

එම ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස තමන් වසර හයක කාලයක සිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත් අවස්ථා ගණනාවකදී කළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පවසන මුත්තුකුමාරසාමි විනාසිතම්බි අවධාරණය කරන්නේ, එම ඉඩම නාවික හමුදාවට පවරා දෙන ලෙසත් එහි වවිනාකම ගෙවීමට සුදානම් බවටත් සංගානෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මීට වසරකට පෙර  තමන්ට ලිපියක් ලැබුන බවයි.

ඉඩම පවරා දී මුදල් ලබා ගැනීමට තමන් කිසිදු සුදානමක් නොමැති බව ලිඛිතවම දන්වා තිබියදීත් ඊයේ දිනයේ නාවික හමුදාව ඉඩම මැන වැට සකස් කිරීම සදහා මිනින්දෝරු නිලධාරීන් කැදවා තිබු බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඉඩම් හිමියාගේ සහයට පැමිණි ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන්ගේ විරෝධය හමුවේ ඉඩම මැනීම අතහැර දමන්නට මිනින්දෝරු නිලධාරීන්ට සිදුවු බවයි.

උතුරේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයන්  රැසක්ම පසුගිය වසරේ උතුරෙන් වාර්තා වී තිබුනි.

jaffna land army 1

jaffna land army 2

jaffna land army 3

 

 

 


 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව පිලට වැටී සිටිද්දී උතුරේ ඉඩම් අල්ලන්න ගිය හමුදා පසුබසී | The Leader