The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

හමුදා පාලනයක අනතුර ගැන විග්නේශ්වරන් අනතුරු අඟවයි

T

The Leader Desk

May 5, 2022 • 4:59 PM

හමුදා පාලනයක අනතුර ගැන විග්නේශ්වරන් අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුදා පාලනයක් ඇති වීම අනිවාර්ය බවට දෙමළ දේශපාලන නායකයකු අනතුරු හඟවා තිබේ.
  • කොහොම නමුත් රටේ ස්ථිර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවක් රට බාර ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම හමුදා පාලනයකට ඉඩ කඩ තියෙනවා,'' යැයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් පවසයි.
  • ''තිනක්කුරල්'' පුවත් පතට අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා පවසන්නේ උද්ඝෝෂණ හමුවේ රාජපක්‍ෂලා ඉවත් වුවද, ඊළඟ නායකත්වය කවුද යන්න සිංහල ජනයාට ගැටළුවක් බවයි.
  • ''පාලන බලය අරගෙන රාජපක්ෂලා රටට කර තිබෙන විනාශය හා ඇති කර තිබෙන ආර්ථික අර්බුදය ගොඩ දාගන්න බැරි වුණොත් තමන්ගේ දේශපාලන ජීවිතය ද විනාශ වෙයි කියලා විරුද්ධ පක්ෂ බයයි.'' විග්නේශ්වරන් පෙන්වා දෙන පරිදි අන්තර් වාර පාලනයක් ඇති කළ යුත්තේ රාජපක්‍ෂ පවුලේ අයගෙන් තොරවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුදා පාලනයක් ඇති වීම අනිවාර්ය බවට දෙමළ දේශපාලන නායකයකු අනතුරු හඟවා තිබේ.

''වැඩිපුර මධ්‍යම පාන්තික තරුණ කොටස් ලොකු උනන්දුවකින් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිට හා අගමැතිට විරුද්ධව රාජපක්‍ෂ පවුල ඉලක්ක කරගෙන උද්ඝෝෂණය කළත් මේ සිංහල අයගේ හිතේ තියෙන දේ අපිට දැන ගන්න අමාරුයි. කොහොම නමුත් රටේ ස්ථිර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවක් රට බාර ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම හමුදා පාලනයකට ඉඩ කඩ තියෙනවා,'' යැයි දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් පවසයි.

''තිනක්කුරල්'' පුවත් පතට අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා පවසන්නේ උද්ඝෝෂණ හමුවේ රාජපක්‍ෂලා ඉවත් වුවද, ඊළඟ නායකත්වය කවුද යන්න සිංහල ජනයාට ගැටළුවක් බවයි.

''පාලන බලය අරගෙන රාජපක්ෂලා රටට කර තිබෙන විනාශය හා ඇති කර තිබෙන ආර්ථික අර්බුදය ගොඩ දාගන්න බැරි වුණොත් තමන්ගේ දේශපාලන ජීවිතය ද විනාශ වෙයි කියලා විරුද්ධ පක්ෂ බයයි.''

විග්නේශ්වරන් පෙන්වා දෙන පරිදි අන්තර් වාර පාලනයක් ඇති කළ යුත්තේ රාජපක්‍ෂ පවුලේ අයගෙන් තොරවයි. රාජපක්‍ෂලාට තනතුරු ලබා දුනහොත් ඒ මගින් ඔවුන් නැවත බලයට ඒමට මාර්ගය සකස් කර ගන්නා බව ද දෙමළ ජනතා ජාතික සන්ධාන නායකයා පවසයි.



''රාජපක්ෂලා මේ තනතුරු අත් හැරියොත් ඒ අයට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. රටින් පිටවෙන්න බැරි විදිහට තමයි විරුද්ධ පක්‍ෂ කටයුතු යොදා තියෙන්නේ.''

රාජපක්ෂලා විසින් සිරගත කොට සිටී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඔවුන් ගෙන් පළිගැනීමට ඉඩකඩ ඇති බව ද විග්නේශවරන් අවධාරණය කරයි.

''කොහොම නමුත් රාජපක්‍ෂලාට ඔය තනතුරු දාලා යන්නම වෙනවා.ඒක අනිවාර්යයි.''

''කරපු වැරදි විඳවන්නම  වෙනවා.''

 

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...