The Leader News
BREAKING
Top Ad
පුවත්

බුදුන්ගේ රස්තියාදුව : සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප

T

The Leader Desk

May 21, 2022 • 3:39 AM

බුදුන්ගේ රස්තියාදුව : සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශාන්ත සන්නස්ගල යන අයට එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (මැයි 20) නියෝග කළේ ය.
  • මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය වෙත නියෝග කළේ ය.
  • මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට ඉකුත් අප්‍රේල් මස 29 වන දින නිකුත් කරන ලද නොතීසියකට අනුව සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
  • කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 9 වන දින දක්‌වා කල් තැබීමට නියම කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශාන්ත සන්නස්ගල යන අයට එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (මැයි 20) නියෝග කළේ ය.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය වෙත නියෝග කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට ඉකුත් අප්‍රේල් මස 29 වන දින නිකුත් කරන ලද නොතීසියකට අනුව සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 9 වන දින දක්‌වා කල් තැබීමට නියම කළේ ය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළැයි මෙම දෙදෙනා නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස 29 වන දා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම පොත මුද්‍රණය කර බෙදා හැරීම මගින් බුදු දහමට අපකීර්තියක් හා බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට අපකීර්තියක් සිදුවී ඇති බවත් එහි අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බව ත් සඳහන් කරමින් 2018 අගෝස්තු මස 20 වන දින එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය පසුගිය දින අධිකරණය හමුවේ වාර්තා කර තිබිණි.

Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...