The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

බාලවයස්කාර දැරියක් අපයෝජන කළ බවට සැකකෙරෙන අටමස්ථානාධිපති හිමියන් 12 තෙක් රිමාන්ඩ්

T

The Leader Desk

May 9, 2026 • 12:09 PM

 බාලවයස්කාර දැරියක් අපයෝජන කළ බවට සැකකෙරෙන අටමස්ථානාධිපති හිමියන් 12 තෙක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රියේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම රෝහල් පරිශ්‍රයේදීම මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු පරීක්ෂාවට ලක් කරනු ලැබිය.
  • උන්වහන්සේ ලබන 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
  • එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.
  • මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වනදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රියේ නවලෝක රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම රෝහල් පරිශ්‍රයේදීම මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු පරීක්ෂාවට ලක් කරනු ලැබිය.

උන්වහන්සේ ලබන 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වනදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය.

පසුගිය අප්‍රේල් 27 වනදා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය, ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය.

එහිදී දැරිය හෙළි කර ඇත්තේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් අපයෝජනයට ලක්වූ බවයි.

විමර්ශනවලදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ, විහාරාධිපති හිමියන් තමන්ව මුලින්ම දූෂණය කළ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයා ගැනීමයි.

එම ඇඳුම් සහ අනෙකුත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණ.

 මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන් වෙත ලබා දී ඇති බවයි.

 
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත, සිද්ධියේ පළමු අපරාධය අනුරාධපුරයේදී සිදුවීම හේතුවෙන් විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත පවරා තිබිණ.

 සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මීට පෙර අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති හිමියන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර, දැරිය ද එම විහාරස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණ පවත්වා තිබිණ.


සබැඳි පුවත් :

ලිංගික අපයෝජනා චෝදනාවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...