The Leader News
BREAKING
චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●
Top Ad
පුවත්

දකුණේ අරගලකරුවන්ට 'දරුවෝ වගේ සලකා' උතුරට ගුටි බැට

T

The Leader Desk

June 23, 2022 • 4:45 AM

 දකුණේ අරගලකරුවන්ට 'දරුවෝ වගේ සලකා' උතුරට ගුටි බැට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''දකුණේ අරගල කරනකොට ඒ තරුණයන්ට තමන්ගේ දරුවෝ වගේ සලකන ආණ්ඩුවේ හමුදාව, උතුරේ දෙමළ තරුණයන් උද්ඝෝෂණය කරන කොට ඔවුන්ට පහර දෙනවා,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසයි.
  • ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ ඉකුත් 18 වැනිදා විශ්වමඩු ඉන්ධන පිරවූම් හල අසල පෝලිම් ගැසී සිටී ජනතාවට එල්ල කෙරුණු හමුදා ප්‍රහාරය ගැන විශේෂ සඳහනක් කරමින්.
  • ''ඉන්ධන ලබා ගැනීමේ දිගු පෝලිමක් පැවති එදින හැන්දෑවේ 7.30 ට විතර පෝලිමේ හිටපු මන්ද මානසික පුද්ගලයෙකු හා තවත් කීපදෙනෙක් අතර වචන හුමාරුවක් වෙලා තියෙනවා.
  • එතැන හිටපු විශ්වමඩු 572 සේනාංකයට අයත් හමුදා සෙබළු එම මන්ද මානසික පුද්ගලයාව හමුදා කඳවුරට ඇදගෙන ගිහින් ලේ එන තුරු පහර දීලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

''දකුණේ අරගල කරනකොට ඒ තරුණයන්ට තමන්ගේ දරුවෝ වගේ සලකන ආණ්ඩුවේ හමුදාව, උතුරේ දෙමළ තරුණයන් උද්ඝෝෂණය කරන කොට ඔවුන්ට පහර දෙනවා,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පවසයි.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ ඉකුත් 18 වැනිදා විශ්වමඩු ඉන්ධන පිරවූම් හල අසල පෝලිම් ගැසී සිටී ජනතාවට එල්ල කෙරුණු හමුදා ප්‍රහාරය ගැන විශේෂ සඳහනක් කරමින්.


''ඉන්ධන ලබා ගැනීමේ  දිගු පෝලිමක් පැවති එදින හැන්දෑවේ 7.30 ට විතර පෝලිමේ හිටපු මන්ද මානසික පුද්ගලයෙකු හා තවත් කීපදෙනෙක් අතර වචන හුමාරුවක් වෙලා තියෙනවා. එතැන හිටපු විශ්වමඩු 572 සේනාංකයට අයත් හමුදා සෙබළු එම මන්ද මානසික පුද්ගලයාව හමුදා කඳවුරට ඇදගෙන ගිහින් ලේ එන තුරු පහර දීලා තියෙනවා. මේ ගැන අහන්න ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් හමුදා කඳවුරට ගියාම ඔවුන්ව තර්ජනය කර පළවා හැර තිබෙනවා.''


''පස්සේ ආයුධ සහ පොලු රැගෙන ට්‍රක් රථයකින් පැමිණි හමුදා කණ්ඩායමක් ඉවක් බවක් නැතුව වරු ගානක් ඉන්ධන පෝලිමේ හිටපු ගැහැනුන්ට ළමයින්ට වයසක  මිනිස්සුන්ට පහර දීලා ඒ විතරක් නොවේ පාරේ ගමන් කරපු යටත් හමුදාව පහර දීම හින්දා තුවාල ලබපු 6 දෙනෙක් කිළිනොච්චි හා මුලතිව් රෝහල් වලට ඇතුලත් කරලා. ප්‍රතිකාර ලබන ඔවුන්ට පොලිස් මුරකාවල් දාලා.''



ශ්‍රී ලංකාවේ වැඩිම හමුදා ගහනයක් සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ විශ්වමඩු මංසන්දියේ තෙල් පෝලිමක් අසලදී යුද හමුදා භටයන් පොලු රැගෙන දුවමින් ගල් ගසනු දැක්වෙන වීඩියෝවක් එදින සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. එහි පසූබිමින් වෙඩි හඬ කීපයක්ද ඇසේ.

යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසන්නේ හමුදා මුරපොළක් අසල ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් පාලනය කිරිමට හමුදා නිලධාරින් විසින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි.

"ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාවය කඩා කප්පල් කිරීමේ අරමුණින් යම් පිරිසක් ගත් උත්සාහයක් බව මූලික විමර්ශනවලින් තහවුරු වූ බව" ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක සඳහන් වෙයි.

ආර්ථික අහේනියෙන් පීඩාවට පත්ව පැය ගණන් දිගට පෝලිම්වල ඉන්නා පොදු මහජනතාවට එරෙහිව හමුදාව සහ පොලිසිය පමණ ඉක්මවා බලය යෙදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඇමරිකා එක්සත් ජනපදයත් ඉල්ලා තිබේ.

Hana t1


ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසන්නේ දෛනික ජීවනෝපාය හා කෘෂි කර්මාන්තය වෙනුවෙන් ඉන්ධන ලබා ගන්න හෝරා ගණන් පෝලිම් වල ගෙවා දමන මේ අහිංසක මිනිස්සුන්ට කිසිදු හේතුවක් නොමැතිව හමුදාව එල්ල කළ කෘර ප්‍රහාරය සියලු දෙනාම තරයේ හෙළා දැකිය යුතු බවයි.

''දැන් ක්‍රියාත්මක වන්නේ දකුණට එක නීතියකුත්, උතුරට තව නීතියකුත්.හමුදාව නිසි අයුරින් රාජකාරි කරන්නේ නැහැ. ජාතිය බලා තමයි ඔවුන් හැම දාම වැඩ කළේ.''

''පෙට්‍රල් ෂෙඩ් එක ළඟ හමුදාවට රාජකාරියක් තිබුනේ නැහැ. එතැන ආරක්ෂාව බාරව හිටපු පොලීසිය බලා ගෙන ඉද්දි තමයි මන්ද මානසික මනුස්සයාට පහර දෙමින් ඇදගෙන ගියේ.''

ගාලු මුවදොර සිංහල තරුණ අරගලකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින්, පොලීසිය හා හමුදාවට පහදුන්නත් ඔවුන්ට එරෙහිව මෙවැනි කෘර ප්‍රහාරයක් එල්ල කර නොමැති බව පවසන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පෙන්වා දෙන්නේ රජයේ ආරක්ෂක අංශ උතුරු නැගෙනහිර පළාත් වල පවත්වා ගෙන යන්නේ වෙනම නීතියක් බවයි.

මේ අතර විශ්වමඩු හමුදා පහර දීම නිසා තුවාල ලැබුවන්ට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.  


සබැඳි පුවත :
මුලතිව් ඉන්ධන පිරවුම්හලක් අසල ගැටුමක් - හමුදාව වෙඩි තබයි

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. මෙතනින්

 Whatsapp Leader  40

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...