leader s

මුලතිව් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හඳුනා නොගෙන පහර දුන් බව අධිකරණයේදී පිළිගත් පුද්ගලයකු ඇප දී නිදහස් කර යවා තිබේ.



 මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි නගරයේ තෙල් පෝලිමක ජනතාව විඳින හිරිහැරය වාර්තා කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට හමුදාව හා පොලිසිය බලා සිටියදී හමුදා බුද්ධි අංශ හා සම්බන්ධ බවට විශ්වාස කෙරෙන අයකු විසින් පහර දෙන ලදී.

ජුනි 17 වැනිදා තමන්ට එල්ල වු ප්‍රහාරය ගැන මාධ්‍යව්දියා මල්ලාවි පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

පැමිණිල්ලෙන් දින දෙකක් ගතවී (ජුනි 19 ) මල්ලාවි අනින්ඩියන්කුලම් පදිංචි අම්බුනාදන් දිනේෂ් කුමාර් නමැති සැකකරු අත්අඩංගුවට ගත් මල්ලාවි පොලීසිය සැකකරුට ජුනි 22 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී මුදා හැර තිබුනි.

මල්ලාවි පොලීසිය විසින් ගොනු කළ නඩුව ජුනි 22 දා විනිසුරු ටී. සරවනභවන් ඉදිරියේ විභාගයට ගත් අතර පුද්ගලයකුට පහර දීමේ චෝදනාව යටතේ  සැකකරුට එරෙහිව නඩුව ගොනු කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

සැකකාර අම්බුනාදන් දිනේෂ් කුමාර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටී.පරන්ජෝති සහ සුභා විදුරන් විනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ තම සේවා දායකයා පහර කෑමට ලක්වු පුද්ගලයා මාධ්‍යවේදියෙකු බව නොදැන පහර දී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සැකකාර අම්බුනාදන් දිනේෂ් කුමාර් සමාව ඉල්ලා සිටින බවත් ඔහුට ඇප ලබා දෙන ලෙසත් නීතිඥයන් දෙපල අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, පොලිසිය හා හමුදාව බලා සිටියදී දිනේෂ් කුමාර් පහර දෙන විට තවසීලන් මාධ්‍යවේදියකු බව අවට සිටියවුන් කිහිප වතාවක්ම පවසනු වීඩියෝ දර්ශනවල දැකගත හැක.

මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා නොකරන ලෙස සැකකරුට අවවාද කළ විනිසුරුවරයා රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප තම ඔහු මුදා හැර තිබේ.

නඩුව ඔක්තෝබර් 5 වැනිදා දක්වා කල් තැබු අතර මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් වෙනුවෙන් නීතිඥ රුචිකා නිත්‍යානන්ද රාසා අධිකරණයේ පෙනී සිටියේය

පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරුත් ජනමාධ්‍යයට වාර්තා කරන මුලතිව් ජනමාධ්‍ය සමාජයේ සභාපතිවරයාද වන ෂන්මුගම් තවසීලන් පසුගිය කාලය තුලදී කිහිපවාරයක්ම ආරක්ෂක අංශ වලත් පීඩාවට ලක්වූවෙකි.

asas


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil