The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

දකුණේ කික් බොක්සිං විරුවෝ වන්නියේදී පසු බසිති

T

The Leader Desk

July 6, 2022 • 9:22 AM

දකුණේ කික් බොක්සිං විරුවෝ වන්නියේදී පසු බසිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුදාව පළවා හැරීමට උතුරේ දෙමළ ජනයා සමත්ව තිබේ.
  • එහෙත් පසුගිය වසර වල එම මාර්ගය වසා දැමූ 591 බල සේනාවේ නිලධාරීන් කියා සිටියේ කොරෝනා රෝගය පැතිර යාම වැලැක්වීමට එම පියවර ගත් බවකි.
  • පසුව ප්‍රදේශවාසින් හින්දු බැතිමතුන් බොහෝ දෙනකු මුහුදට බිලි වීමෙන් දේව ශාපයක් හට ගෙන ඇතැයි යන විශ්වාසයෙන් මෙවර දිය කැපීමේ මංගල්ලය සඳහා කෝවිල් පරිපාලකයන් විසින් සුපුරුදු මාර්ගය භාවිතයට හමුදාවෙන් අවසර ඉල්ලා තිබේ.
  • හමුදා බලධාරීන් සමඟ සාකච්ජා වට කිහිපයක් මිට මාස දෙකකට පෙර පැවැත්වූ බවත්, දැනට දින තුනකට කලින් සුපුරුදු මාර්ගය භාවිතයට අවසර ඉල්ලා ලිඛිතව දැන්වූ බවත් කෝවිල් පරිපාලකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුදාව පළවා හැරීමට උතුරේ දෙමළ ජනයා සමත්ව  තිබේ.

අනාදිමත් කාලයක සිට සප්ත කන්නිමාර් ඓතිහාසික කෝවිලේ දිය කැපීමට යන මාර්ගය හරස් කොට පුද්ගලික ඉඩම් ද අල්ලාගෙන විශාල හමුදා කඳවුරක් ඉදි කර තිබුනද ඒ හරහා ගමන් කිරීමේ අවස්ථාව සළසා තිබිණි.

එහෙත් පසුගිය වසර වල එම මාර්ගය වසා දැමූ 591 බල සේනාවේ නිලධාරීන් කියා සිටියේ කොරෝනා රෝගය පැතිර යාම වැලැක්වීමට එම පියවර ගත් බවකි. ඒ අනුව සප්ත කන්නිමාර් කෝවිල් පරිපාලකයන් විසින් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගත්තේ පැවති සම්ප්‍රදාය වෙනස් කරමිනි.

පසුව ප්‍රදේශවාසින් හින්දු බැතිමතුන් බොහෝ දෙනකු මුහුදට බිලි වීමෙන් දේව ශාපයක් හට ගෙන ඇතැයි යන විශ්වාසයෙන් මෙවර දිය කැපීමේ මංගල්ලය සඳහා කෝවිල් පරිපාලකයන් විසින් සුපුරුදු මාර්ගය භාවිතයට හමුදාවෙන් අවසර ඉල්ලා තිබේ.

හමුදා බලධාරීන් සමඟ සාකච්ජා වට කිහිපයක්  මිට මාස දෙකකට පෙර පැවැත්වූ බවත්, දැනට දින තුනකට කලින් සුපුරුදු මාර්ගය භාවිතයට අවසර ඉල්ලා ලිඛිතව දැන්වූ බවත් කෝවිල් පරිපාලකයෝ පවසති.

එහෙත් ඉකුත් සඳුදා [4] දිය කැපීමේ මංගල්ලයට ගිය බැතිමතුන්ට දැක ගන්නට ලැබුනේ හමුදාව විසින් ගේට්ටු වසා දමා මාර්ගයට පිවිසීම තහනම් කර ඇති බවකි.


දේව ශාපය වැලැක්වීම

 

හමුදා කඳවුර හරහා වැටී ඇති මාර්ගය භාවිතයට උසස් හමුදා නිලධාරීන් විසින් අනුමැතිය ලබා නොදුන් බව කදවුරේ සිටී හමුදා සෙබළුන් පැවසීමත් සමඟ බැතිමතුන් බැගෑපත්ව ඉල්ලා ඇත්තේ වෙනත් මාර්ග භාවිතයෙන් දේව ශාපයක් හට ගන්නා බැවින් දිය කැපීමට යන සුපුරුදු මාර්ගය ලබා දෙන ලෙසයි.

 

සිය සම්ප්‍රදායික  කෝවිල් වත් පිළිවෙත් කරන මාර්ගයට පිවිසීමේ අනුමැතිය ලැබෙන තෙක් සඳුදා රාත්‍රී නවය වන තෙක් රැඳී සිටී සප්ත කන්නිමාර් බැතිමතුන් පසුව මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය හරස් කොට විරෝධය දැක්වූ බව එහි ගිය වන්නි මාධ්‍යවේදියෝ පවසති.

දිය කැපීමේ මංගල්ලයට බාධා කරන හමුදාවට එරෙහිව විදී බැස සිටී ජනයා මැඩ පැවැත්වීමට පනහකට වැඩි ආයුධ සන්නද්ධ හමුදා බල ඇණි කැඳවීමත් සමගින් නොසන්සුන්තාවක් හට ගෙන තිබේ.

සප්ත කන්නිමාර් කෝවිලට අයත් ඉඩමක වාඩිලා සිටි හමුදාව සිය බඩු බාහිර ආදිය ද රැගෙන වහා ඉවත්වෙන ලෙස දෙසීයකට වැඩි ප්‍රදේශවාසී ජනයා පෑ  විරෝධතාව නිසා හමුදාවට ඉන් ඉවත්ව යන්නට සිදුවිය.

 ඉන් පසු උද්ඝෝෂකයන් විසින් එම ඉඩමේ සිමා මායිම් ලකුණු කොට ``සප්ත කන්නිමාර් කෝවිල සතු ඉඩමකි`` යන පුවරුවක් ද එහි ස්ථාපිත කළ ඔවුන් දිය කැපීමේ මංගල්ලයට යොදාගත් සුපුරුදු මාර්ගය නිදහස් කර ගැනීමේ උත්සහයක ද නිරතවන බවට වන්නි වාර්තාකරුවෝ පවසති.


(සේයා: කේ කුමනන්)


IMG 9233 IMG 9353


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...