The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

ඉන්දියාවට පලා ගිය ලාංකික දෙමළ තරුණයන්ට නිදහස

T

The Leader Desk

July 6, 2022 • 6:33 AM

ඉන්දියාවට පලා ගිය ලාංකික දෙමළ තරුණයන්ට නිදහස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ.
  • ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා යටතේ උතුරේ දෙමළ යුද අනාථයන් 104 දෙනකු දැනට වසර කිහිපයක සිට තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ සිරගත කෙරුනේ ඉන්දීය පොලිසියේ `කිව්` ඒකකයේ අණ පරිදිය.
  • තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සති අන්තයේදී නිදහස් කර තිබුනේ සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන්ගෙන් 16 දෙනකු පමණි.
  • ''නිදහස් කරන්න නැත්නම් මරා දමන්න,'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ගෙන් ඉල්ලා ජුනි 20 වැනිදා සිට දින දහයක් අඛණ්ඩ උපවාසයක දියත් කළ එම තරුණයන් 17 දෙනකු බලවත් ලෙස රෝගාතුර වීම නිසා කඳවුරු බලධාරීන් විසින් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා යටතේ උතුරේ දෙමළ යුද අනාථයන් 104 දෙනකු දැනට වසර කිහිපයක සිට තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ සිරගත කෙරුනේ ඉන්දීය පොලිසියේ `කිව්` ඒකකයේ අණ පරිදිය.

තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සති අන්තයේදී නිදහස් කර තිබුනේ සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන්ගෙන් 16 දෙනකු පමණි.

''නිදහස් කරන්න නැත්නම් මරා දමන්න,'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ගෙන් ඉල්ලා ජුනි 20 වැනිදා සිට දින දහයක් අඛණ්ඩ උපවාසයක දියත් කළ එම තරුණයන් 17 දෙනකු බලවත් ලෙස රෝගාතුර වීම නිසා කඳවුරු බලධාරීන් විසින් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කෙරිණි.

මේ අතර තවත් තරුණයකු සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි.

 

අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය උපවාසයට එක්ව සිටී කිහිප දෙනකුගේ ශරීර සෞඛ්‍ය අයහපත් වීමෙන්, කඳවුරු බලධාරීන් විසින් පසුගියදා බලහත්කාරයෙන් රැගෙන ගොස් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කර තිබිණ.

 

අනාථයන් ලෙස ඉන්දියාවට පැමිණෙන ලංකාවේ දෙමළ තරුණයන් කොටි සැකකරුවන් ලෙස බොරු චෝදනා ගොතමින් විශේෂ කඳවුරුවල සිරකර තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක් බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී.නෙදුමාරන් චෝදනා කර තිබේ.


ලංකාවට වෙනස්කම්


තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් වෙත ලිපියක් යොමු කරමින් නෙදුමාරන් පෙන්වා දුන්නේ ඉන්දීය පොලිසියේ ``කිව්`` අංශය මෙසේ සළකන්නේ ලංකාවේ දෙමළ තරුණයන්ට පමණක් බවයි.

''සාමානයෙන් කෙරෙන්නේ වැරැද්දකට උසාවියෙන් දඩුවම් දීපුවාම බන්ධනාගාර ගත කරලා දඩුවම් කාලය ඉවර වුනාම නිදහස් කරනවා. ඒත් ලංකාවේ දෙමළ තරුණයන්ව හිර කරන්නේ බන්ධනාගාර වල නොවේ විශේෂ කඳවුරු ඇතුලේ. සමහරුන්ගේ දඩුවම් කාලය අවසන් වෙලා තිබ්බත් නිදහස් කරන්නේ නැහැ. මේක මානව හිමිකම් කඩ කිරීමක් අපි හෙළා දකිනවා.''

''ලංකාවේ යුද්ධය අවසන් වුනාට පස්සේ යුරෝපයේ කොටි තහනම ඉවත් කළා. ඒත් ඉන්දියාව කොටි සංවිධානයේ තහනම පවත්වාගෙන යනවා. ඒ කරන්නෙත් අවුරුදු දෙකෙන් දෙකට දික් කරමින්.''

 දෙමළ ඊළාම් විමුක්ති කොටි යළි සංවිධානය වන බවට ව්‍යාජ හේතු දැක්වීමට මෙම තහනම උපයෝගී කරගන්නා ඉන්දීය පොලිසිය ලංකා දෙමළ තරුණයන්ට එරෙහිව කරන නීති විරෝධී ක්‍රියාව වහා නවත්වන ලෙසට නෙදුමාරන් තමිල්නාඩු මහ ඇමතිවරයාට අවධාරණය කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් අවස්ථා දෙකකදී තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා තිබුනේ යුද අනාථයන් ලෙස ඉන්දියාවට පළා ආ මෙම තරුණයන් සිරගත කර සිටින විශේෂ කඳවුරු වලින් නිදහස් කොට ඔවුන් ආපසු ලංකාවට යාමට අකැමැති නම් ඉන්දියාවේ රැකවරණ ලබා දෙන ලෙසයි.


සබැඳි පුවත් :


ලංකාවට කන්න දෙන ස්ටාලින්ට තමිල්නාඩු හිරේ ඉන්නා අය ගැන ඉල්ලීමක්



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...