The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ඉන්ධන ආනයනයෙන් ඩොලර් වාෂ්ප වෙයිද ? කාර්තුවට ඩොලර් මිලියන 1281ක්

T

The Leader Desk

May 4, 2026 • 11:12 AM

ඉන්ධන ආනයනයෙන් ඩොලර් වාෂ්ප වෙයිද ? කාර්තුවට ඩොලර් මිලියන 1281ක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ බැංකුව විසින් නිකුත් කළ 2026 මාර්තු මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව අනුව, එම මාසයේ සමස්ත ඉන්ධන ආනයන වියදම එ.ජ.
  • ඩොලර් මිලියන 630.1ක් ලෙස වාර්තා වී ඇත.
  • එය 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 360.7ක් වූ වියදමට සාපේක්ෂව 74.7%ක දැවැන්ත වර්ධනයකි.
  • මෙම ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම වේගයෙන් ඉහළ යාම පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහ බැංකුව විසින් නිකුත් කළ 2026 මාර්තු මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව අනුව, එම මාසයේ සමස්ත ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 630.1ක් ලෙස වාර්තා වී ඇත. එය 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 360.7ක් වූ වියදමට සාපේක්ෂව 74.7%ක දැවැන්ත වර්ධනයකි.


මෙම ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම වේගයෙන් ඉහළ යාම පෙන්වා දෙයි. 2025 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 258.4ක් වූ එම වියදම, 2026 මාර්තු වන විට ඩොලර් මිලියන 568ක් දක්වා 119.8%කින් වැඩි වී ඇත.

එහෙත්, බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 60.6 සිට 44.1 දක්වා 27.2%කින් අඩු වී ඇති අතර, ගල්අඟුරු ආනයන වියදම ද ඩොලර් මිලියන 41.7 සිට 18ක් දක්වා 56.7%කින් පහළ ගොස් ඇත.

සමස්තයක් ලෙස 2026 වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 1,056.7 සිට 1,281.5 දක්වා 21.3%කින් ඉහළ ගොස් ඇති අතර, මෙයටත් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 724.4 සිට 1,019.7 දක්වා 40.8%කින් වැඩි වීමයි.

ඉන්ධන ආනයන වියදම 2026 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්තියාම පුරෝකථනය කරනු ලැබිණි.

මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන්  මෙම පුරෝකථන කෙරිණි.

 ඉන්ධන ආනයන වියදම ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් වන අතර, පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා වැය වී ඇති බව වාර්තා වේ .

ගිම්හාන් ද සිල්වා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්ධන ආනයනයෙන් ඩොලර් වාෂ්ප වෙයිද ? කාර්තුවට ඩොලර් මිලියන 1281ක් | The Leader