කොළඹ මැගසින් බන්ධනාගාරයේ සතියක් තිස්සේ උපවාසයේ යෙදී සිටින දෙමළ දහතුන් දෙනකු ඇතුළු

දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන්ගේ ඥාතීන්ද යාපනයේදී විරෝධතාවක් පවත්වා තිබේ.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 12 වැනිදා විරෝධතාවයක් දියත් කළ සිරකරුවන්ගේ ඥාති සමූහය එක් දින උපවාසයක නිරත වු බවයි යාපනයේ වාර්තාකරුවන් පවසන්නේ.

ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයේ ආරම්භක දිනයේ උපවාසයේ නිරතවු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්ත නීති යොදාගෙන රදවාගෙන සිටින සිය සමීපතමයන් නිදහස් කරගැනීම වෙනුවෙන් වහාම මැදිහත්වන ලෙසයි.

පළාතේ ජනාධිපති නියෝජිත ආණ්ඩුකාරයා කාර්යාලයේ රැදි නොසිටි බැවින් විරෝධතා කරුවන් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ආණ්ඩුකාර කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිනියක් වෙත භාර දීමට කටයුතු කළ බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

{gallery}Jaffna Protest{/gallery}

එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීබන්, එල්. ඉම්බරාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්දන්, පී. නගුලේස්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්.අජන්තන් යන දේශපාලන සිරකරුවන්  දහ තුන් දෙනා අද වන විට සත්වැනි  දිනයටත් කොළඹ මැගසින් බන්ධනාගාරයේ  උපවාසයේ නිරතව සිටිති.

උපවාසිකයන්ගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතල ලෙස පිරිහී ඇති බව 'සිරකරුවන්ගේ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර දිනයේ' ඔවුන් මුණගැසීමට අවසර ලද ඥාතීහු පවසති.

"මගේ අයියා අවුරුදු 27ක්ම දේශපාලන සිරකරුවෙක්. පරම්පරා තුනක්ම එයා නිදහස් වෙලා එනකල් බලා ඉන්නවා," යි උතුරේ සිට පැමිණි වාහිනී නම් මවක් හැඬු කඳුලින් යුතුව වැලිකඩ බන්ධනාගාරය අසලදී කොළඹ මාධ්‍යවේදීන්ට කියා සිටියාය.



උපවාසයේ යෙදී සිටින්නන් අතරින් 2019-2020 සමයේ අත් අඩංගුවට ගන්නා ලද දෙදෙනෙක් යුද සමයේ වයස අවුරුදු අටේ පසුවූ අය බව පාර්ලිමේන්තුවේදී පසුගියදා  කියා සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පෙන්වා දුන්නේ ඔවුන් යුද්ධය පිළිබඳව නිසි අවබෝධයකින් හෝ පසු නොවූ අය බවයි.

 

 

 









සබැඳි පුවත් :

දෙමළ සිරකරුවන්ගේ නිරාහාර උපවාස සටනට අදට දින තුනයි !

දෙමළ දේශපාලන සිරකරුවන් 12 ක් උපවාසයේ : ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක' !

 

 </p

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්