The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

යුද බිමේ දිවි පිදුවන් අනුස්මරණයට සැරසෙන දෙමළ ජනතාවට අවහිර

T

The Leader Desk

October 31, 2022 • 2:21 PM

යුද බිමේ දිවි පිදුවන් අනුස්මරණයට සැරසෙන දෙමළ ජනතාවට අවහිර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන වන්නියේ දෙමළ ජනතාවට යුද හමුදාවේ ඔත්තු බැලීමට මුහුණ දීමට සිදුවී තිබේ.
  • නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් 30 වැනිදා මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් සුසාන භුමිය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ඝාතනයට ලක්වු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 7000 ක් පමණ මිහිදන් කර තිබෙන තේරාවිල් සුසාන භුමියට එක්වු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ ගම්වැසියන් ප්‍රදේශයට ඇද හැලුන වැසි තත්වය පවා නොසලකා හරිමින් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වු බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.
  • එම අවස්ථාවේදී ශ්‍රමදානයේ යෙදී සිටි පිරිස වීඩියෝ ගත කරමින් හමුදා සෙබළුන් බියවද්දන සුළු ආකාරයෙන් කටයතු කළ බව ප්‍රදේශවාසීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන වන්නියේ දෙමළ ජනතාවට යුද හමුදාවේ ඔත්තු බැලීමට මුහුණ දීමට සිදුවී තිබේ.

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් 30 වැනිදා මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් සුසාන භුමිය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඝාතනයට ලක්වු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 7000 ක් පමණ මිහිදන් කර තිබෙන තේරාවිල් සුසාන භුමියට එක්වු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ ගම්වැසියන් ප්‍රදේශයට ඇද හැලුන වැසි  තත්වය පවා නොසලකා හරිමින් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වු බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිහිකරමින් (පුජාවක්) පවත්වා ඔවුන් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එම අවස්ථාවේදී ශ්‍රමදානයේ යෙදී සිටි පිරිස වීඩියෝ ගත කරමින් හමුදා සෙබළුන් බියවද්දන සුළු ආකාරයෙන් කටයතු කළ බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පවසන්නේ සුසාන භුමියෙන් සියයට හැත්තැ පහකට වැඩි භුමි ප්‍රමාණයක් යුද හමුදාව අත්පත්කරගෙන සිටින බවයි.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන භුමිය මත යුද හමුදාව ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන බවට චෝදනා කරන ඥාතීන් ඉල්ලා සිටින්නේ තේරාවිල් සුසාන භුමිය සමීපයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කඳවුර වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.

 

 
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද බිමේ දිවි පිදුවන් අනුස්මරණයට සැරසෙන දෙමළ ජනතාවට අවහිර | The Leader