The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

යුද හමුදාවෙන් උතුරේ මහවිරු සමරු සූදානමට අවහිර

T

The Leader Desk

November 2, 2022 • 2:34 PM

යුද හමුදාවෙන් උතුරේ මහවිරු සමරු සූදානමට අවහිර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරිපිට මාර්ගය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාධරයන් පිරිසකට යුද හමුදාව බාධා පමුණුවා තිබේ.
  • නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නොවැම්බර් 2 වැනි බදාදා යාපනය, කෝපායි සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • කෝපායි මහවිරු සොහොන රජයේ හමුදා විසින් විනාශ කර දමා ඒ මත දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරන්නට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ මිට වසර කිහිපයකට පෙරය.
  • හමුදා භටයන් විසින් ශ්‍රමදානයේ යෙදුනු පිරිස ජංගම දුරකථන මගින් ජායාරුප ගත කරමින් බිය වැද්දීමට උත්සාහ කළ බවටත් ශ්‍රමදානයට එක්ව සිටි පිරිස් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපිට මාර්ගය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාධරයන් පිරිසකට යුද හමුදාව බාධා පමුණුවා තිබේ.

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නොවැම්බර් 2 වැනි බදාදා යාපනය, කෝපායි  සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය  ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් වැසි මධ්‍යයේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි හමුදා සෙබළුන් ඔවුන්ට පවසා ඇත්තේ පිරිසිදු කිරීමේ කටයුතු නතර කරන ලෙසයි.

එම අවස්ථාවේ යුද හමුදා සෙබළුන් සුසාන භුමය ඉදිරිපිට මාර්ගයේ බෞද්ධ කොඩි සවි කිරීමට කටයුතු කරන ආකාරය යාපනයේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.



යුද හමුදාව විසින් සිදු කරන බාධා කිරීම් සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඒ මොහොතේ කෝපායි පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමග යුද හමුදා කදවුරේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණි අතර හමුදා සෙබළුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඔවුන් නියෝග කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.


කෝපායි මහවිරු සොහොන රජයේ හමුදා විසින් විනාශ කර දමා ඒ මත දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරන්නට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ මිට වසර කිහිපයකට පෙරය.

ඉන්පසු සෑම වසරකම කෝපායි හමුදා කඳවුර ඉදිරිපිට පෞද්ගලික ඉඩමක මහවිරු සැමරුම පැවැත්විණි.කෝපායි මහවිරු සැමරුම සදහා සුදානම් වීමට ශ්‍රමදානයේ යෙදුනු  පිරිසකට රජයේ ආරක්ෂක අංශ පසුගිය වසරේද මේ අයුරින්ම බාධා එල්ල කර තිබුනි.

හමුදා  භටයන් විසින් ශ්‍රමදානයේ යෙදුනු පිරිස ජංගම දුරකථන මගින් ජායාරුප ගත කරමින් බිය වැද්දීමට උත්සාහ කළ බවටත් ශ්‍රමදානයට එක්ව සිටි පිරිස් පවසති.

ඝාතනයට ලක්වු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 7000 ක් පමණ මිහිදන් කර තිබෙන තේරාවිල් සුසාන භුමියට එක්වු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ ගම්වැසියන් පසුගිය සතියේ එම සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටියදී ද ඔවුන් ද වීඩියෝ ගත කරමින් හමුදා සෙබළුන් බියවද්දන සුළු ආකාරයෙන් කටයතු කළ බව ප්‍රදේශවාසීහු පවසති.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...