leader s

යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් ඵලක කිහිපයක් විවෘත කරමින්

යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ.

පේදුරුතුඩුව උසාවි පාරේ දී නොවැම්බර් 21 වැනි සදුදා පෙරවරුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ විසිදහසකට වැඩි පිරිසකගේ නම් ඇතුලත් පුවරු 34 ක් විවෘත කර තිබුනේ යුද්ධයේදී මිය ගිය එම සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුගේ මව්පියන් විසිනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් සිදු කළ නාම පුවරු ප්‍රදර්ශනයේ ප්‍රධානත්වය ගෙන ඇත්තේ එම පෙරමුණේ කාන්තා අංශයේ ලේකම් කිරුබා කිරිදරන්ය.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.



යුද බිමේ දිවිපිදූ ඔවුන් මිහිදන් කළ සුසාන භූමි එළිපෙහෙළි කිරීමට පසු ගිය දිනවල ඔවුන්ගේ ඥාතීන්ට හා ක්‍රියාධරයන්ට සිදුව තිබුනේ පොලිසියේත් එම සොහොන් කොත් ඩෝසර් කර කඳවුරු ගසා සිටින යුද හමුදාවේ මහත් හිරිහැර මැදය.



සුසාන භූමි එළිපෙහෙළි කරන සාමාන්‍ය වැසියන් යුද හමුදාව විසින් වීඩියෝ ගත කිරීම නිසා සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන්ද උතුරේ දෙමළ ජනයා බිය පළ කර තිබුනි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ද විශ්වවිද්‍යාල භුමිය තුලදී අද මහවිරු සැමරුම් සතිය ආරම්භ කරමින් උතුරේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී .ඊ සාමාජිකයන් වෙනුවෙන් අලුතින් තීන්ත ආලේප කරන ලද ස්මාරකයට  පුෂ්ප උපහාර දක්වා විචිත්‍රවත් ලෙස ඔවුන් සැමරීමට කටයුතු කර තිබුනි.

 {gallery}Commemoration of heroes{/gallery}

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්