The Leader News
BREAKING
සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්●ජලාශ පිරී ඉතිරෙද්දී විදුලි බිල අඩු කළ නොහැකිද?●'ඔර්නබ්' වක්‍ර බලපෑමෙන් දිස්ත්‍රික්ක 12කට මහ වැසි●‘පිට කවරය බලා’ තවත් දෙමළ පොත් තොග රේගු අඩස්සියේ●ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්●ඖෂධ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 10ක් උපයන මාවත●කෘෂි හා ජලජ නිෂ්පාදන නංවන්න ඩොලර් මිලියන 65ක ආයෝජන●
Top Ad
පුවත්

දෙමළ මහවිරු සැමරුම් සතිය යාපනයේ ඉහලින් ඇරඹේ

T

The Leader Desk

November 22, 2022 • 4:27 PM

දෙමළ මහවිරු සැමරුම් සතිය යාපනයේ ඉහලින් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ.
  • පේදුරුතුඩුව උසාවි පාරේ දී නොවැම්බර් 21 වැනි සදුදා පෙරවරුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ විසිදහසකට වැඩි පිරිසකගේ නම් ඇතුලත් පුවරු 34 ක් විවෘත කර තිබුනේ යුද්ධයේදී මිය ගිය එම සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුගේ මව්පියන් විසිනි.
  • දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් සිදු කළ නාම පුවරු ප්‍රදර්ශනයේ ප්‍රධානත්වය ගෙන ඇත්තේ එම පෙරමුණේ කාන්තා අංශයේ ලේකම් කිරුබා කිරිදරන්ය.
  • මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ.

පේදුරුතුඩුව උසාවි පාරේ දී නොවැම්බර් 21 වැනි සදුදා පෙරවරුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ විසිදහසකට වැඩි පිරිසකගේ නම් ඇතුලත් පුවරු 34 ක් විවෘත කර තිබුනේ යුද්ධයේදී මිය ගිය එම සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුගේ මව්පියන් විසිනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් සිදු කළ නාම පුවරු ප්‍රදර්ශනයේ ප්‍රධානත්වය ගෙන ඇත්තේ එම පෙරමුණේ කාන්තා අංශයේ ලේකම් කිරුබා කිරිදරන්ය.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් පුවරු නොවැම්බර් 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන එම ස්ථානයේදී තම සමීපතමයන් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමි වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය යෙදී ඇත්තේ නොවැම්බර් 27 දාටය.



යුද බිමේ දිවිපිදූ ඔවුන් මිහිදන් කළ සුසාන භූමි එළිපෙහෙළි කිරීමට පසු ගිය දිනවල ඔවුන්ගේ ඥාතීන්ට හා ක්‍රියාධරයන්ට සිදුව තිබුනේ පොලිසියේත් එම සොහොන් කොත් ඩෝසර් කර කඳවුරු ගසා සිටින යුද හමුදාවේ මහත් හිරිහැර මැදය.



සුසාන භූමි එළිපෙහෙළි කරන සාමාන්‍ය වැසියන් යුද හමුදාව විසින් වීඩියෝ ගත කිරීම නිසා සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන්ද උතුරේ දෙමළ ජනයා බිය පළ කර තිබුනි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ද විශ්වවිද්‍යාල භුමිය තුලදී අද මහවිරු සැමරුම් සතිය ආරම්භ කරමින් උතුරේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී .ඊ සාමාජිකයන් වෙනුවෙන් අලුතින් තීන්ත ආලේප කරන ලද ස්මාරකයට  පුෂ්ප උපහාර දක්වා විචිත්‍රවත් ලෙස ඔවුන් සැමරීමට කටයුතු කර තිබුනි.

 {gallery}Commemoration of heroes{/gallery}

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ මහවිරු සැමරුම් සතිය යාපනයේ ඉහලින් ඇරඹේ | The Leader