The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අයවැයෙන් ලංකාවේ බහුතර ධීවර ප්‍රජාව 'නොතකා හැරලා'

T

The Leader Desk

November 23, 2022 • 7:12 AM

අයවැයෙන් ලංකාවේ බහුතර ධීවර ප්‍රජාව 'නොතකා හැරලා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''2023 අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ඉදිරිපත් කළ අයවැයෙන් කරදිය ධීවර කර්මාන්තයට කිසිදු වැදගත් කමක් දීලා නැහැ.
  • මිරිදිය මාළු ඇති කරන්න නම් මුදල් වෙන්කරලා තියෙනවා.
  • ඒත් රටවටා බහුතරයක් වුනු කරදිය ධීවරයන් වෙනුවෙන් එක සතයක් වත් වෙන් කරලා නැහැ,'' යි උතුරු පළාත් ධීවර සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, මන්නාරම් දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ සභාපති එන්.
  • සීමා පැන එන ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සම්පත් කොල්ල කෑම, ඉන්ධන මිල ඉහළ යාම, ඒවා නිසි අයුරින් ධීවරයන් අතර බෙදා හැරීමේ ක්‍රමවේදයක් නොමැති කම, ජිවන වියදම ඉහල යාම, අල්ලාගත් මසුන් අළෙවි කර ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ධීවර කර්මාන්තය බිඳ වැටෙමින් තිබෙන බව ධීවර සංගම් නායකයා පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට චෝදනා එල්ල වී තිබේ.


''2023 අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ඉදිරිපත් කළ අයවැයෙන් කරදිය ධීවර කර්මාන්තයට කිසිදු වැදගත් කමක් දීලා නැහැ. මිරිදිය මාළු ඇති කරන්න නම් මුදල් වෙන්කරලා තියෙනවා. ඒත් රටවටා බහුතරයක් වුනු කරදිය ධීවරයන් වෙනුවෙන් එක සතයක් වත් වෙන් කරලා නැහැ,'' යි  උතුරු පළාත් ධීවර සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, මන්නාරම් දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ සභාපති එන්. එම්. ආලම් පවසයි.


සීමා පැන එන ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සම්පත් කොල්ල කෑම, ඉන්ධන මිල ඉහළ යාම, ඒවා නිසි අයුරින් ධීවරයන් අතර බෙදා හැරීමේ ක්‍රමවේදයක් නොමැති කම, ජිවන වියදම ඉහල යාම, අල්ලාගත් මසුන් අළෙවි කර ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ධීවර කර්මාන්තය බිඳ වැටෙමින් තිබෙන බව ධීවර සංගම් නායකයා පෙන්වා දෙයි.


''ධීවරයන්ගේ ජීවනෝපාය නංවන්න කිසිදු සැලැස්මක් මේ ආණ්ඩුවට නැහැ.''


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වවුනියා සංචාරය අතර තුර මන්නාරමට පැමිණි අවස්ථාවේදී සංගම් නියෝජිතයන් හමුනොවීම ගැන කනගාටුව පළ කරන උතුරු පළාත් ධීවර සංගමේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටින්නේ හමුවීමේ අවස්ථාවක් ලැබුනේ නම් උතුරේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න ගැන සෘජුවම ඔහුට ඉදිරිපත් කරන බවයි.


''`ඉන්දියන් ධීවරයෝ ඇවිත් අපේ මුහුද කාබාසිනියා කරන එක ගැන අපි කාටද කියන්නේ. ජනතාවගේ සුබ සිද්ධිය ගැන හොයා බලනවා නම්  ඇයි  ජනතාව හමුවෙන්න බය.''


'' ජනාධිපතිගේ මන්නාරම් සංචාරය ජනතා ප්‍රශ්න ගැන සොයා බලනවාට වැඩිය මෙහෙ තියෙන සම්පත් කොහොමද ආණ්ඩුවට ගන්නේ, නැත්නම් කොහොමද  කාට හරි විකුනන්නේ කියා සොයා බලන්න ඇවිත් තියෙන්නේ.''


මන්නාරම් කොදෙව්වේ මාධ්‍යවේදීන් ඇමතූ ධීවර නායක එන්. එම්. ආලම් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද මෙවැනි අදහසකින්  නඩුක්කුඩා ප්‍රදේශයට පැමිණියද ඊට දින කිහිපයකට පසු  'ගෝල්ෆේස්' අරගලකරුවන්ගේ උද්ඝෝෂණ හමුවේ සිය ජනාධිපති තනතුරද හැර දමා රටින් ද පළා යන්නට සිදු වූ බවයි.


''වත්මන් ජනාධිපති වික්‍රමසිංහ මන්නාරමට ඇවිත් තියෙන්නේ දේශපාලන ඉලක්ක මතයි.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...