leader s

රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට  වසරකට ඉහතදී  සමුල  ඝාතනය  කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ  දෙමළ වැසියන්  තිස් දෙදෙනකුගේ අනුස්මරණය  මුලතිව් ඔදියමලෙයි ග්‍රාමයේදී සිදු කර තිබේ.


නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැදවා රජයේ යුද හමුදාව විසින්  වෙඩි තබා ඝාතනය කර ඇත්තේ  1984 දෙසැම්බර් 02 දිනයි.

ඝාතන භූමියට මුහුණලා ඉදිකර තිබෙන ඝාතනයට ලක්වුවන්ගේ  ස්මාරකවලට ඔවුන්ගේ පවුලේ ඥතීන් 2022 දෙසැම්බර් 2 සිකුරාදා  මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා තිබේ.

මළවුන් සිහි කරමින් ග්‍රාමයේ පිහිටා තිබෙන ගනදෙවි කෝවිලේ පුජාවක් පැවැත්වීමටත් ඔවුන් ක්‍රියා කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.


ඝාතන මාලාවක්


ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.

කෝකිලායි, තෙන්නමරවාඩි, අමරවයල්, කොක්කුතුඩුවායි, අලම්පිල්, නයාරු, කුමුලමුනෙයි සහ මනලාරු ප්‍රහාරයට ලක්වූ අනික් දෙමළ ගම්මානයි.

මේ ජනඝාතන වල අරමුණ වූයේ සිංහල ජනාවාසකරණය බව එවක පාර්ලිමේන්තුවේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

තම මුල් ගම්බ්ම් අත්හැර යාමට බල කෙරුනු දෙමළ වැසියන් ආපසු පදිංචි කරවීමට හෝ සිදුවූ ඝාතන හා දේපල හානිය සම්බන්ධයෙන් තිස් අට  වසරක්  ගතවීත් යුක්තිය ඉටුවී නැති බව ඔදියමලෙයි අනුස්මරණය ට සහභාගි වූ ප්‍රජා නායකයෝ අවධාරණය කර තිබේ.

මේ සමූහ ඝාතන සමයේ ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දුන්නේ පසුව මේජර් ජනරාල් පදවි ලද බ්‍රිගේඩියර් ජානක පෙරේරාය.

ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනාවාසයක නම ජානකපුරයි.

උතුරු මැද මහ ඇමැති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 2008 ඔක්තෝබරයේ පළාත් සභා මැතිවරණයේ තරග වැදුණු මේජර් ජනරාල් ජානක පෙරේරා අනුරාධපුර පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil