theleaderlk 01

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිදු විජේවීරගේ නායකත්වයෙන් යුතු ‘දෙවන පරපුර’ ඇතුළු නව දේශපාලන පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම

තීරණය කර ඇත.

2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසුවේය.

පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo