The Leader News
BREAKING
නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●
Top Ad
පුවත්

හමුදා බාරයේ අතුරුදහන් වීම් ගැන උතුරේ උසාවියකින් ඓතිහාසික නියෝගයක්

T

The Leader Desk

December 20, 2022 • 2:43 PM

හමුදා බාරයේ අතුරුදහන් වීම් ගැන උතුරේ උසාවියකින් ඓතිහාසික නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොයා ගැනීම වෙනුවෙන් දිගටම සටන් වදින ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ මණ්ඩලයක් සමත් වී තිබේ.
  • දහතුන් වසරකට ඉහත දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන් අතුරින් අඩුම වශයෙන් එක් අයකු හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බව වවුනියා මහාධිකරණය විසින් පළමු වරට පිළිගැනීම ජයග්‍රහණයක් ලෙස නීතිඥවරුන් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
  • එම පෙත්සම ගොනු කොට ඇත්තේ හමුදාවට බාර වූ කොටි සංවිධාන සාමාජිකයාගේ බිරිඳයි.
  • '' ශ්‍රී ලංකා හමුදාපති, 58 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරී අනිත් කට්ටිය මාර්තු මස 22 දා මේ උසාවියට ඒ සෙල්ලයියා විශ්වනාදන් කියන පුද්ගලයා, එයාව ඉදිරිපත් කරන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සොයා ගැනීම වෙනුවෙන් දිගටම සටන් වදින ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ මණ්ඩලයක් සමත් වී තිබේ.

දහතුන්  වසරකට ඉහත දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන් අතුරින් අඩුම වශයෙන් එක් අයකු හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බව වවුනියා මහාධිකරණය විසින් පළමු වරට පිළිගැනීම ජයග්‍රහණයක් ලෙස නීතිඥවරුන් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

එයින් තුන් දිනකට පසු මුලතිව් බලා ගිය අතුරුදහන් තැනැත්තන් පිළිබඳ OMP කාර්යාලයේ කොමසාරිස් වරුන්ට ඥාතීන්ගේ දැඩි විරෝධතාවට මුහුණ පාන්නට සිදුවිය.


උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වු පිරිස් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් දෙකක්  2022 දෙසැම්බර් 16 වැනි සිකුරාදා වවුනියා මහාධිකරණය විසින් විභාගයට ගන්නා ලද අවස්ථාවේදී හිටපු LTTE සාමාජික සෙල්ලයියා විශ්වනාදන් සොයා දීමේ වගකීම හමුදාවට පවරමින් අධිකරණය රීට් ආඥාවක් නිකුත් කළ බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් පවසන්නේ. එම පෙත්සම ගොනු කොට ඇත්තේ හමුදාවට බාර වූ කොටි සංවිධාන සාමාජිකයාගේ බිරිඳයි.



'' මේ පෙත්සම්කාරියගේ ස්වාමි පුරුෂයා හමුදාවට භාර උනා. ඊට පස්සේ එයා කොහේද කියලා, එයාට මොනවද උනේ කියලා ඒ වගකීම හමුදාවට තමයි කියලා රිට් ආඥාවක් අපේ  වාසියට, පෙත්සම්කාරියගේ වාසියට දුන්නා.''

ජ්‍යෙෂ්ඨ නීතිඥයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හමුදා බාරයේදී ආගිය අතක් නැති සෙල්ලයියා විශ්වනාදන් ලබන වසරේ මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යුද හමුදාපතිටත්, 58 සේනාංකාධිපතිටත් අධිකරණය විසින් නියෝග කළ බවයි.

'' ශ්‍රී ලංකා හමුදාපති, 58 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරී අනිත් කට්ටිය මාර්තු මස 22 දා මේ උසාවියට ඒ සෙල්ලයියා විශ්වනාදන් කියන පුද්ගලයා, එයාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒක කරන්නේ නැත්තං ඇයි කරන්නේ නැත්තේ කියලා කාරණය කියන්න ඔන කියලා තීන්දුවක් දුන්නා.''


හමුදාවට ලොකු ප්‍රශ්නයක්

සෙල්ලයියා විශ්වනාදන්ගේ අතුරුදහන් වූයේ හමුදා බාරයේදී බව අධිකරණය පිළිගත්තේ යැයි සඳහන් කරන නීතිඥ කේ.එස් රත්නවේල් අවධාරණය කරන්නේ අධිකරණයේ තීන්දුව යුක්තිය පතා අරගලයේ නිරතව සිටින වින්දිත පවුල් වල සාමාජිකයන්ට විශාල ජයග්‍රහනයක් බවයි.

'' මේක මේ පවුල්වලට ලොකු ජයග්‍රහනයක්. මේක තීරණය වෙලා තියෙන්නේ හමුදාව තමයි මේකට වග කියන්න ඕනේ කියලා. එතකොට එක පුද්ගලයෙක් භාර අරන් ඊට පස්සේ එයා ගැන මුකුත් දන්නේ නැහැ කියලා කියන එක රජයේ ආයතනයක් වන හමුදාවට ලොකු ප්‍රශ්නයක්.''


යුද්ධයේ අවසන් සමයේ මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතුව ඇති බවට 2018 වසරේදී 58 වැනි සේනාංකයේත් මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති වු මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණය හමුවේ පැවසුවත් එම ලේඛනය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැත. පසුව ඔහු පවසා තිබුනේ තමන් සතුව ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලේඛණයක් පමණක් බවයි.



කිසිවකු ලියාපදිංචි නෑ

උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාවට භාරවූ කිසිවකු ලියාපදිංචි නොකළ බව 2022 නොවැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකා යුද හමුදාව යළිත් වරක් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකා යුද හමුදාව ඒ බව පවසා තිබුනේ තමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදී බී. නිරෝෂ් කුමාර් තුන් අවුරුද්දකට ඉහතදී ඉල්ලා තිබුණු තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට එරෙහි අභියාචනයක් නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සලකා බලන ලද අවස්ථාවේදීය.

යුද්ධයේ අවසන් දිනවලදී යුද කලාපයෙන් පිටතට ආ ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතරින් දස දහස් ගණනක් භාරවුයේ රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද නිවේදනයට අවනත වෙමිනි.

උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන් දක්වන සංඛ්‍යාලේඛන අනුව ඒ අතර අත දරුවන් හා කාන්තාවන්ද වූහ.

2019 වසරේදී ද යුද හමුදාව විසින් දෙමළ මාධ්‍යවේදියාගේ ඉල්ලීමට අදාළ තොරතුරු ප්‍රතික්‍ෂේප කර තිබුණේ හමුදාවට භාර වූවන් අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටියේදැයි නොදන්නා බව පවසමිනි.

'' යුද කලාපයෙන් ජනතාව අවතැන් උනා. එයාලා එල්.ටී.ටී.ඊ ද, මහජනතාවද, අපි දන්නේ නැහැ. අපි භාර ගන්නා විට කිසිදු ලියාපදිංචි කිරීමක් සිදු කළේ නැහැ. අපි ළඟට එන අයව අපි බස්වල අරන් ගිහින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ කඳවුරුවල දැම්මා. ඉන් පසුව පුනරුත්ථාපන කාර්යාංශය විසින්ම ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළා,'' යි යුද හමුදාව සාක්ෂි දෙමින් පවසා තිබුණි.

යුද හමුදාව විසින් පවසා ඇති තොරතුරු ආණ්ඩුව විසින් වරින් වර කර ඇති ප්‍රකාශවලට පරස්පරය.


සුදු කොඩි


යූද්ධාවසනයේ දී සුදු කොඩි ඔසවාගෙන පැමිණ ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරවූ පිරිසක් 58 වැනි සේනාංකයට එවක අණදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් භාරගන්නා අයුරු ඇසින් දුටු සාක්ෂි ඇති බව 2013 දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළිදැක්වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිනි. ඒ භාරවුවන් අතර විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් සිටි බව දේශීය හා ජාත්‍යන්තර කොමිසම් විසින් වාර්තා කොට  ඇත.



කෙසේ වෙතත්,  ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ 2009 මැයි 18 වැනිදා නඩේසන් හා පුලිදේවන් 58 සේනාංකය විසින් මරාදමන ලද බවය.

ආරක්ෂාව පිලිබඳ රජයෙන් සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය නිසාය.

පසුව ඔහුට සහ සමීප පවුලේ සාමාජිකයන්ට විරුද්ධව එක්සත් ජනපදය විසින් සංචාර තහනමක් පනවා තිබේ.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...