The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

වාඩිලා සිටින රජයේ හමුදාවට එරෙහිව අඛණ්ඩ අරගලයක් දියත් කෙරෙන ලකුණු

T

The Leader Desk

December 27, 2022 • 7:22 PM

වාඩිලා සිටින රජයේ හමුදාවට එරෙහිව අඛණ්ඩ අරගලයක් දියත් කෙරෙන ලකුණු  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලවා හැරීමේ අරමුණින් වන්නියේදී මහජන අරගලයක් දියත් කර තිබේ.
  • දෙසැම්බර් 27 වැනි අගහරුවාදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිටදී එම විරෝධතාවය දියත් කළ ඉඩම් හිමියන් අඛණ්ඩ විරෝධතාවක් දියත් කරන බවට අනතුරු ඇඟවීමක් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • “අපේ ඉඩම් අපට ඕනෑ, හමුදාව වහාම අපේ ඉඩම හැර යා යුතුයි, නැවත පදිංචියට අපට ඉඩ දෙන්න,” වැනි සටන් පාඨ පෙරටු කරගනිමින් උද්ඝෝෂණය කළ ඔවුන් ඉල්ලා සිටියේ සිය භුමියේ ඉදිකරතිබෙන හමුදා කදවුරු වහාම ඉවත් කරගන්නා ලෙසයි.
  • යුද හමුදාව විසින් නිදහස් කිරීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර 53ක් පමණෙකැයි ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දිගින් දිගටම කියා තිබුනත් උද්ඝෝෂකයන් අවධාරණය කරන්නේ කේපාපුලව් හි පමණක් දෙමළ දෙමළ පවුල් 54 ට අයත් ඉඩම් අක්කර 170ක් හමුදා කඳවුර සඳහා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පලවා හැරීමේ අරමුණින් වන්නියේදී මහජන අරගලයක් දියත් කර තිබේ.

දෙසැම්බර් 27 වැනි අගහරුවාදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිටදී එම විරෝධතාවය දියත් කළ ඉඩම් හිමියන් අඛණ්ඩ විරෝධතාවක් දියත් කරන බවට අනතුරු ඇඟවීමක් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

“අපේ ඉඩම් අපට ඕනෑ, හමුදාව වහාම අපේ ඉඩම හැර යා යුතුයි, නැවත පදිංචියට අපට ඉඩ දෙන්න,” වැනි සටන් පාඨ පෙරටු කරගනිමින් උද්ඝෝෂණය කළ ඔවුන් ඉල්ලා සිටියේ සිය භුමියේ ඉදිකරතිබෙන හමුදා කදවුරු වහාම ඉවත් කරගන්නා ලෙසයි.

zdf34

යුද හමුදාව විසින් නිදහස් කිරීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර 53ක් පමණෙකැයි ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දිගින් දිගටම කියා තිබුනත් උද්ඝෝෂකයන් අවධාරණය කරන්නේ කේපාපුලව් හි පමණක් දෙමළ දෙමළ පවුල් 54 ට අයත් ඉඩම් අක්කර 170ක් හමුදා කඳවුර සඳහා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවයි.    

යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් 2017 වසරේ මාර්තු 1 වැනිදා කේපාපුලව්හි පිහිටි  මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිටදී ඉඩම් හිමියන් විසින් දියත් කළ විරෝධතා මාලාවක් හමුවේ අදියර දෙකක් යටතේ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුනි.

එහෙත් ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි, පොදු ශාලා, නිවාස සහ කෘෂිකාර්මික ඉඩම් පිහිටි භුමියක් අත්පත්කරගනිමින් යුද හමුදාව ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිකොට ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.



සිය කෘෂිකාර්මික ඉඩම් ද යුද හමුදාව විසින් අත්පත්කරගැනීම නිසා දෙමළ ජනතාවගේ ආදායම්ද හමුදාව විසින් භුක්ති විදින බවට චෝදනා කරන ඉඩම් හිමියන් අවධාරණය කරන්නේ යුද්ධය අවසන් වී වසර 14 ක් ගතවී ඇතත් දෙමළ ජනයා තවමත් යුද අනාථයන් ලෙස ජීවත් වන බවයි. විරෝධතාවයට එක්ව සිටි පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කේ. විජයකුමාර් චෝදනා කළේ දෙමළ වර්ග සංහාරය තවමත් අවසන්ව නොමැති බවයි.



"වර්ග සංහාරක හමුදාව දෙමළ ජනතාවගේ භූමිය අත්පත් කරගෙන ඇති නිසා ජනතාව අනාථයන් ලෙස මහපාරේ හිටගෙන ඉන්නවා. හමුදාවට දකුණේ ඇතිවෙන්න ඉඩම් තියෙනවා. අපේ ඉඩම් අපිට දීලා එහෙ ගිහින් ඕනේ දෙයක් කරගත්තාවේ."

කේපාපුලව් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත්විය යුතු බව පවසන විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවද තව දුරටත් ප්‍රමාද නොවී ප්‍රදේශයේ ජනතාවගේ දුක්ඛිත තත්වය අවසන් කිරීමට වහාම පියවර ගත යුතු බවයි.



ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් බව පවසමින් ජනාධිපති කාර්යාලයේ පසුගියදා බහු පාක්ෂික සමුළුවක් කැදවු ජනාධිපතිවරයා දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු ගැටළු රැසක් පවතින බවද එහිදී පවසා තිබුනි.



සාකච්ඡා ආරම්භ කළ දිනයේම උතුරු නැගෙනහිර ස්ථාන තුනක අල්ලාගත් ඉඩම් නිලවශයෙන් භුක්තියට සවි කර ගැනීමට හමුදාව ඇතුළු රජයේ ආයතන විසින් ගන්නා ලද උත්සාහයන් දෙමළ ජනතාව විසින් පසුබස්වා තිබුණි.

යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටිම නිසා සිය උන්හිටි තැන් අහිමිව සිටින ඉඩම් හිමියෙක් ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙන් ළඟදීම අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරන බවට අනතුරු අඟවා සිටියේය.

" අපි අවුරුදු ගාණක් රැවටිලා. ඉඩම්  නිදහස් කරන තුරු අපි මේ සතියේ හෝ ලබන සතියේ අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කරනවා." ඔහු සදහන් කළේය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයට එක්ව සිටිනු දක්නා ලදී.

 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...